BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

රොඩ්නි වර්ණකුල ගෙන් අහිංසක මැසිවිල්ලක්

T

The Leader

July 17, 2025 • 5:17 AM

රොඩ්නි වර්ණකුල ගෙන් අහිංසක මැසිවිල්ලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනප්‍රිය සේම ප්‍රවීණ වේදිකා, රූපවාහිනී සහ සිනමා නළු රොඩ්නි වර්ණකුල ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුත්තෙක් නොවේ.
  • එම ප්‍රකාශය ඔහුගේම වදන් වලින් පැවසුණු අන්දම මෙලෙසිනි.
  •   “මාසයක් ඇතුළත එකම වගේ සිද්ධි දෙක තුනක් සිද්ධ වෙච්ච නිසා මට හිතුණා; මේ කතන්දරය මුහුණු පොතට එකතු කරන්න.
  • මේ මෑතකදි ගිය සති අන්තෙ කුරුණෑගලත් (ඇතුගල් පුරයෙත්) වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


එහෙත්, බොහෝ දෙනාගේ ආදරයට ලක් වූ කලාකරුවකු වන ඔහු පසුගිය දිනයක තම මුහුණු පොතට එක් කොට තිබූ ප්‍රකාශයකින් පැවසෙනුයේ ඔවුන් කලා වශයෙන් ජන සමාජයෙන් ලබන ආදරය ගැන දෙවරක් සිතා බැලිය යුතු බවකි. එම ප්‍රකාශය ඔහුගේම වදන් වලින් පැවසුණු අන්දම මෙලෙසිනි.

 

11
“මාසයක් ඇතුළත එකම වගේ සිද්ධි දෙක තුනක් සිද්ධ වෙච්ච නිසා මට හිතුණා; මේ කතන්දරය මුහුණු පොතට එකතු කරන්න. මීට කලිනුත් මේ වගේ සටහනක් මට එකතු කරන්න සිද්ධ වුණා. අපි නාට්‍ය කරුවෝ. ඉතින් අපේ නාට්‍ය ලංකාවේ විවිධ නගරවල සංවිධානය කරනව සංවිධායක වරුන් විසින්. එකම දේ තමයි වෙන්නෙ. ඒ කියන්නේ සංවිධායකවරු අද දවසේ නිල සංවිධායකවරු පමණයි. ඔවුන් තුළ සංවේදීතාවයක් මානුෂීය හැඟීමක් තියෙනවද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද? මෙන්න මේ වගේ සිද්ධි අපිට අද් දකින්නට සිද්ධ වෙච්ච නිසයි අපි කියන්නේ. මොකද ගාල්ලෙත් වුණා. තව තව තැන්වලත් වුණා. මේ මෑතකදි ගිය සති අන්තෙ කුරුණෑගලත් (ඇතුගල් පුරයෙත්) වුණා.

 

කක්කුට්ටා වේදිකා නාට්‍ය සංවිධානය වුණා; පළාත් සභා ප්‍රසංග ශාලාවේ. අපි එක හමාරට එතෙනට ගියා ශාලාවේ නම් කිහිප දෙනෙක් හිටියා. හැබැයි කිසි කෙනෙක් මේ ආවේ කවුද කියල බැලුවෙත් නෑ. අපිව කවුරුත් පිළිගත්තෙත් නෑ. අපි ඉතින් ඩ්‍රෙසින් රූම් එක හුරු පුරුදු නිසා එතනට ගියා. දිවා ආහාරයට කෑම පැකට් වගයක් ගෙනාවා. ඒවා අපි අනුභව කළා. 6.30 දර්ශනය විතරයි තිබුණෙ. දර්ශනය වේදිකා ගත කළා. අවසානයෙදි ආපහු බත් පැකට් වගයක් ගෙනැල්ලා ඉතින් ඔය උන්ඩි කරල ගිහින් තිබුණා. බොන්න වතුරත් තිබුණෙ නෑ. අපි ඇඟ පත හෝදගෙන ඩ්‍රෙසින් රූම් එකට එනකොට බත් පැකට් පමණයි. කිසිදු කෙනෙක් පේන්න නෑ. කිසිම සංවිධායකයෙක් නෑ. මං කිව්ව අර සිදුවීම් වුණා; මාසයක් ඇතුළත. කිසිම සංවිධායක වරයෙක් නෑ. හරි ඉතින් සංවිධායකවරුන් අවශ්‍ය නෑ. අපි දර්ශනය පෙන්නල ඉවරයි. සල්ලි බැඳලා ඒ ගොල්ලො ගිහිල්ලා කිසිම කෙනෙක් නෑ. අපිට සිද්ධ වුණේ මොකද්ද සිද්ධ වෙන්නේ මොකද්ද කියල ඒගොල්ලො දැනුවත් නෑ. මොකද ඒ ගොල්ල ගිහිල්ලා ඉතින් මෙසේ විය යුතු නැහැ”.

 
(උපුටා දැක්වීම අවසන් )
Rodney largex
ඉන්පසුව රොඩ්නි සම්බන්ධයෙන් තම ස්ථාවරය ද මෙසේ ඉදිරිපත් කොට තිබේ. එවන් ක්‍රියාවන් සම්බන්ධ කිසියම් සිත් රිදීමක් මුල් කොට ගත් කලකිරීමකින් පැවසුණු බව අපට හැඟී යන ඔහුගේ එම ප්‍රකාශයේ ඉතිරි කොටස ඔහුගේම වදන් වලින් මෙලෙසිනි.
 
“නාට්‍යයක් පෙන්නන්න යනව ප්‍රේක්ෂකයො සතුටු වෙනව මේක මේ කලා කටයුත්තක්. සොඳුරු කටයුත්තක් එතකොට මේක පෙන්නනව විතරක් නෙමේ ඔවුන් හා අප අතර සුහදතාවයක් වර්ධනය වෙන්න එපායැ. මේක කලා කටයුත්තක් නේ. නමුත් කියන්න කණගාටුයි අපි මේ සංවිධායකවරුන්ගෙන් සිද්ධ වෙන මේ දේ. ඇතුගල් පුරයෙ කීර්තිමත් විද්‍යාලයක ආදි ශිෂ්‍යයන් පිරිසක් තමයි මේ මේක සංවිධානය කළේ. කියන්න කණගාටුයි ඔවුන් අඩුම තරමෙ ඇවිල්ලා මේ ආවේ කවුද? ලංකවේ මේ නළු නිළියො පිරිසක් නේද මොවුන් මොක්කුද වත් කියල නිකමට ආයුබෝවන් ආ කොහොමද? කියල අහන්න නිකමටවත් කවුරුවත් සිටියෙ නෑ. නමුත් මෙසේ විය යුතු නෑ ඉදිරියේදි අපි නාට්‍ය කරුවො හැටියට මේ සුහදතාවය වර්ධනය කර ගැනීම සඳහා කුමක් හෝ පියවරක් ගත යුතු වෙනව. එහෙම නැත්නම් මේ ආදරණීය සංවිධායකවරුන් ගෙන් අපි ඉල්ලා හිටින්නේ දැන් ඕගොල්ලො නාට්‍යයක් සංවිධානය කරනව. ඒක බොහොම වටිනා වැඩක්. හැබැයි ඉන්නෙ රටේ මොනව හරි දෙයක් කරපු ආටිස්ට්ලා; නාට්‍ය කරුවො. කුළුපග තාවය සංහිදියාව ඇති කරගන්න. එහෙම වුණොත් තමයි මේ දෙගොල්ලොගෙම දෙපැත්තෙන්ම මේකටයුත්ත ඉදිරියට දියුණු වෙන්නෙ ..
(උපුටා දැක්වීම අවසන් )
kkkyu
කලා කරුවන් යනු ද අප සමාජයේ ජීවත් වන්නවුන් ගෙන්ම කොටසකි. ඔවුන් ගේ ද යම් යම් චරිත ස්වභාවයන් තිබේ. එහෙත්, රොඩ්නි වර්ණකුල යනු අහිංසක නිරහංකාර කලා කරුවෙකි. මෙම පැනය හමුවේ ඔහු මෙලෙස සංවේදී වූයේ ද එනිසාම වන්නට පුළුවන.

රොඩ්නිගේ ඉහත සඳහන් ප්‍රකාශය මුල් කොට කිහිප ලෙසකින්ම සිතා බැලීමට අප පොළඹවන අතර ඉන් මුල් වරට අපගේ සිහියට නැඟෙනුයේ එවන් සංවිධායකයන් හුදු ආර්ථික වාසි තකා පමණක් එවන් නාට්‍ය සංවිධානය කරන බවකි. ඒ අනුව එම නාට්‍ය කණ්ඩායම හා සුහදශීලී වීම එම ආර්ථික වාසියට පිටිවහලක් නොවීම සේම ඇතැම් විට එම නාට්‍ය කණ්ඩායම හා කුළුපග වීම ඔස්සේ තමනට අතිරේක මුදලක් වැය කිරීමට සිදුවීම හේතුවෙන් එවන් සංවිධායකයන් එලෙස නාට්‍ය කණ්ඩායම් මඟහැරියා වන්නට පුළුවන.

දෙවනි කරුණ නම් කිසියම් ආර්ථිකමය අවශ්‍යතාවක් මුල් කොට එම සංවිධායකයන් එවන් නාට්‍යයක් සංවිධානය කළ ද ඔවුන් ගේ හදවත් තුළ එවන් කලා රසාස්වාදයක් අත්විඳීමට අවශ්‍ය ස්නිග්ධ බව නොතිබීම ය.
 
nari
සාමාන්‍යයෙන් ඕනෑම නාට්‍යයක් අවසන් වූ පසු ඊට සම්බන්ධ නාට්‍ය කණ්ඩායම වේදිකාව මතට පැමිණ රසිකයන්ට ආචාර කිරීමක් දක්නට ලැබේ. Curtain call යනුවෙන් හැඳින්වෙන මෙම අවස්ථාවේ දී එහි රඟපෑ නළු නිළියන් ඇතුළු සෙසු ශිල්පීන්ට අත් පොලසන් සේම ප්‍රීති ඝෝෂා මගින් ප්‍රසාදය පළ කිරීමේ අවස්ථාවක් නරඹන්නවුන් හට උදා වේ. විශේෂයෙන් එම නාට්‍යය තුළින් විශිෂ්ට දක්ෂතා පළ කළ ශිල්පීන් එසේ නාට්‍යාවසානයේ රසිකයන් හමුවට පැමිණෙන විට එම අත්පොලසන් හා ප්‍රීති ඝෝෂා වේගවත්ව ඉහළ නැංවෙනු අපි ද අත්දැක ඇත්තෙමු.
ඒ අනුව රොඩ්නි වර්ණකුල කලාකරුවා පවසන අන්දමට එලෙස නාට්‍ය සංවිධානය කරන පිරිස් විසින් නාට්‍යාවසානයේ නාට්‍ය කණ්ඩායම මඟහැර යන තත්වයක් උද්ගත වේ නම් එය ශ්‍රී ලාංකේය නාට්‍ය කරළියේ සේම පොදුවේ ශ්‍රී ලාංකේය කලාවේ උන්නතියට නොව අවනතියටහේතුවන්නක් බව නිසැකවම කිව යුතු ය.

ආණ්ඩුව රාජ්‍ය සේවයට කරන්න හදන්නේ ඔපරේෂන් එකක් ද? එම්බාම් එකක් ද? | රේණුකා  දමයන්ති(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...