BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මේ කවි සියල්ල මා ඇසු, දුටු අත්දැකීම් - රුවන්මලී දීපිකා කොඩිකාර (වීඩියෝ)

T

The Leader

July 27, 2025 • 2:36 AM

මේ කවි සියල්ල මා ඇසු, දුටු අත්දැකීම් - රුවන්මලී දීපිකා කොඩිකාර (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''ජගත්හුගේ විශ්වාසයට අනුව මානවයාගේ ලිඛිත ඉතිහාසයේ පළමු සටහන කවියකි. ඒ සටහන තැබෙන්නේ ක්‍රි. පූ. 2285 දී ය. ඒවකට සුමේරියාව හෙවත් වත්මන් ඉරාකයේ රාජ්‍ය පාලකයා වූ සාරගොන් අධිරාජ්‍යයාගේ පාලන සමයෙහි ය.
  •   ඒ පිළිගැනීමට අනුව මානව ඉතිහාසයේ පළමුවන ලිඛිත කවියේ නිර්මාණකරුවා කිවිඳියක් වුව ද ජගත් කවියේ පවා වනිතා නියෝජනයෙහි ඇත්තේ සාපේක්ෂ අඩුවකි.
  • ශ්‍රි ලංකාවේ ද එහි වෙනසක් නැත්තේ සාහාත්‍යකරණය යන්න බෙහෝ දුරට පිරිවෙන් සහ විහාරාරාම කේන්ද්‍ර කොට ගෙන පැවති නිසා විය හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එම කවිය රචනා කරනු ලැබ ඇත්තේ, රජුගේ දියණිය වූ ''එන්හෙඩුආනා'' විසිනි.

මානව වංශ කතාව ඇරඹුණු දා සිට කාලයේ වැලි තලාවේ සැඟව ගිය අතීත මිනිසා පිළිබඳ බොහෝ තොරතුරු ලෝකයට අනාවරණය නොවි පැවතිය හැක්කා වුව ද අද දවසේ පිළිගැනිම ලොව ලියවුණු ප්‍රථම කවිය ද එය යන්න යි.
 
ඒ පිළිගැනීමට අනුව මානව ඉතිහාසයේ පළමුවන ලිඛිත කවියේ නිර්මාණකරුවා කිවිඳියක් වුව ද ජගත් කවියේ පවා වනිතා නියෝජනයෙහි ඇත්තේ සාපේක්ෂ අඩුවකි.

පෙර දිග වේවා අපරදිග වේවා ඒ පොදු නිරික්ෂනයකි. ශ්‍රි ලංකාවේ ද එහි වෙනසක් නැත්තේ සාහාත්‍යකරණය යන්න බෙහෝ දුරට පිරිවෙන් සහ විහාරාරාම කේන්ද්‍ර කොට ගෙන පැවති නිසා විය හැකි ය. මෙරට විධිමත් අධ්‍යාපනය මූලාරම්භ වන්නේ ද පිරිවෙනිනි.
 
අතීතයේ එසේ වුව ද වර්තමානයේ සිංහල කවියේ සැලකිය යුතු වපසරියක් කිවිඳියන් විසින් අත්පත් කරගනු ලැබ ඇත.''

යට දක්වා ඇති කොටස උපුටුගත්තේ රුවන්මලී දීපිකා කොඩිකාර විසින් රචිත ''මඳ සිනා නගන විල් දිය'' කාව්‍ය සංග්‍රහයේ පෙරවදන ඇසුරෙනි; එම පෙරවදන ලියා ඇත්තේ සම්මාන ලාභි කවියකු වන රංජිත් මල්ලියාවඩු ය.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ: එම කාව්‍ය සංග්‍රහය රචනා කළ කිවිදිය යි.

මතු පළ වන්නේ රුවන්මලී දීපිකා කොඩිකාර The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්මුඛ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...