BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ලූනා ; චින්තන ධර්මදාසගෙන් අලුත්ම ශෘංගාර කතාවක්...

T

The Leader

August 5, 2025 • 4:14 AM

ලූනා ; චින්තන ධර්මදාසගෙන් අලුත්ම ශෘංගාර කතාවක්...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගොඩක් අය කියන කතාවක් තමයි සෙක්ස් තියෙන්නෙ ‘කරන්න’ මිස ‘කතා කරන්න’ නෙමෙයි කියල.
  • අපි එකිනෙකාගේ හැගීම්, ආශාවන්, කියන නොකියන කතාවන් ඇතුලෙන් කාලය හරහා ඉරොතික වියමනක් කරනවා.
  • ඒක භාෂාවේ, සාහිත්‍යයේ හෝ ව්‍යාකරණයේ අභ්‍යාසයකට වඩා අපේ ජීවිත ඇතුලෙන් කැණීම් කරමින්, අපේ ආශාවන්, විපරීතයන් සොයාගෙන යමින්, ඒවා එකිනෙකා සමග බෙදාගනිමින් කරන තාන්ත්‍රික ගවේෂණයක්.
  • විශේෂයෙන්ම ගැහැණියක් තමන්ගෙ ජීවිතය දිහා අන්ඇපොලොජටික් විදිහට බලනවා කියන්නෙ මට ඒක ශුද්ධ වූ වායාමයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒත් මං වැඩියෙන් කැමති සෙක්ස් ගැන කතා කරන්න, ලියන්න, ඒ වටේ නටන්න. සෙක්ස් කියන්නෙ ‘කරන්න’ තියෙන දේකට වඩා විඳින්න, දකින්න, කියවන්න, පරිකල්පනය කරන්න තියෙන දෙයක් විදිහටයි මං හිතන්නෙ.

ඉතින් ඉරොතික පොතක් ලියනවා කියන්නෙම මට රමණයක් හා සමාන අත්දැකීමක්. තනියම ලියනවටත් වඩා තව කෙනෙක් එක්ක ශෘංගාර පරිච්ඡේද ලිවීම කියන්නෙ ස්වර්ගමය ආස්වාදයක්. අපි එකිනෙකාගේ හැගීම්, ආශාවන්, කියන නොකියන කතාවන් ඇතුලෙන් කාලය හරහා ඉරොතික වියමනක් කරනවා. ඒක භාෂාවේ, සාහිත්‍යයේ හෝ ව්‍යාකරණයේ අභ්‍යාසයකට වඩා අපේ ජීවිත ඇතුලෙන් කැණීම් කරමින්, අපේ ආශාවන්, විපරීතයන් සොයාගෙන යමින්, ඒවා එකිනෙකා සමග බෙදාගනිමින් කරන තාන්ත්‍රික ගවේෂණයක්. හොඳ, නරක සංස්කරණයන් වාරණයන් ඉක්මවා අපිට කොයිතරම් අපිව විනිශ්චයකින් තොරව බාරගන්න පුළුවන්ද කියන එක ගැන ආදරණීය අත්දැකීමක්.

d255 Luna v2 1 copy 2 s copy

 

unapologetic කියන වචනෙ ජීවිතය සම්බන්ධයෙන් යොදන්න මං ගොඩක් කැමති වචනයක්. විශේෂයෙන්ම ගැහැණියක් තමන්ගෙ ජීවිතය දිහා අන්ඇපොලොජටික් විදිහට බලනවා කියන්නෙ මට ඒක ශුද්ධ වූ වායාමයක්. තමන්ගේ ජීවිතය, තමන්ගේ ආශාව වරදකාරීත්වයකින් හෝ පශ්චාත්තාපයකින් තොරව ආඩම්බරෙන් වැළඳගැනීම. ලංකාවෙ ගැහැණු එහෙම පොත් ලියන්නෙම නැති තරම්. ඒ අය පිටත සිටින පිරිමියාගෙන් තමන්ගේ සිතීමට  සීමා පනවාගන්නවා. තමන්ගේ සුවිසල් වනාන්තර ආත්මය ක්ෂුද්‍ර කරගන්නවා. ඒ වෙනුවට සැබෑ ආත්මයේ සළුපිළි උනා දමමින් නිරුවත්ව වැළඳගැනීමට වචන අතර ඉඩදෙන ගැහැණුකම කියන්නෙ මුනිවරභාවයක්.

ලූනා, එහෙම වියමනක්. ගැහැණු සිතක වන්දනා ගමනක්. පිරිමියෙක් හැටියට මම ඇය සමග ශෘංගාර සක්මනක යෙදෙන යාත්‍රිකයෙක්. මේ එක්තරා විදිහක දීපවංසයක්.

කවර නිර්මාණයේ ගෞරවය Chandana Prasanna

මාලිනී දෙවඟනක් වෙන්නෙ ඇයි ? | Chinthana Dharmadasa(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...