BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

තුන්වන නවකතාව ලියන්න වසර දහයක් ගතවුණ හේතුව කියන මනෝහාරි

T

The Leader

August 5, 2025 • 5:22 AM

තුන්වන නවකතාව ලියන්න වසර දහයක් ගතවුණ හේතුව කියන මනෝහාරි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිවීම යනු දිව්‍යමය කටයුත්තක් බවත්, එමෙන් ම නවකතාවක් ලිවීම සඳහා විවේක බුද්ධියක් අවැසි බැවින් දෙවන නවකතාව නිකුත් වී දස වසරක් ඉක්ම යන තෙක් තෙවන නවකතාව ලියා අවසන් කිරීමට නොහැකි වූයේ යැයි ප්‍රවීණ මාධ්‍යවේදිනියක මෙන් ම ලේඛිකාවක වන මනෝහාරී හේවාවසම් පැවසී ය.
  • නවකතාවක් යනු වෙනත් ආකෘතියක් බැවින් එය කෙසේ විය යුතු දැයි කලින් ම තීරණ නොකරන බවත් නිදහසේ ලියාගෙන ගොස් අනතුරුව කිහිප වතාවක් ම සංස්කරණය කර යළි යළිත් ලියා ප්‍රකාශයට පත් කිරීම තමාගේ ක්‍රමවේදය බවත් ඇය වැඩි දුරටත් පැවසී ය.
  •   මනෝහාරී හේවාවසම් විසින් රචිත 'පුරප්පට්ටුව' නවකතාව එළිදැක්වීමේ උත්සවය 2025 අගෝස්තු 07වන බ්‍රහස්පතින්දා, සවස 03.00ට, කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතෙහි පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
  •   උත්සවයේ ප්‍රධාන දේශනය ආචාර්ය ධම්ම දිසානයක විසින් පැවත්වීමට නියමිත අතර ප්‍රවීණ විචාරක දීප්ති කුමාර ගුණරත්න, ආචාර්ය ගීතිකා ධර්මසිංහ, නීතිඥ ලක්ෂිකා රත්නායක, මාධ්‍යවේදිනී තුෂාරා සෙව්වන්දි විතාරණ සංවාද මණ්ඩපය නියෝජනය කරමින් සහභාගී වීමට නියමිත ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇය මෙම අදහස් පළ කළේ ඇගේ තෙවන ප්‍රබන්ධ කතාව වන ''පුරප්පට්ටුව'' කෘතිය පිළිබඳ TV Supreme රූපවාහිනී නාලිකාවේ Every Morning වැඩසටහන සහභාගි වෙමිනි.

නවකතාවක් යනු වෙනත් ආකෘතියක් බැවින් එය කෙසේ විය යුතු දැයි කලින් ම තීරණ නොකරන බවත් නිදහසේ ලියාගෙන ගොස් අනතුරුව කිහිප වතාවක් ම සංස්කරණය කර යළි යළිත් ලියා ප්‍රකාශයට පත් කිරීම තමාගේ ක්‍රමවේදය බවත් ඇය වැඩි දුරටත් පැවසී ය.
 
මනෝහාරී හේවාවසම් විසින් රචිත 'පුරප්පට්ටුව' නවකතාව එළිදැක්වීමේ උත්සවය 2025 අගෝස්තු 07වන බ්‍රහස්පතින්දා, සවස 03.00ට, කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතෙහි පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
 
උත්සවයේ ප්‍රධාන දේශනය ආචාර්ය ධම්ම දිසානයක විසින් පැවත්වීමට නියමිත අතර ප්‍රවීණ විචාරක දීප්ති කුමාර ගුණරත්න, ආචාර්ය ගීතිකා ධර්මසිංහ, නීතිඥ ලක්ෂිකා රත්නායක, මාධ්‍යවේදිනී තුෂාරා සෙව්වන්දි විතාරණ සංවාද මණ්ඩපය නියෝජනය කරමින් සහභාගී වීමට නියමිත ය.

මතු පළ වන්නේ මනෝහාරී හේවාවසම් TV Supreme රූපවාහිනී නාලිකාවේ Every Morning වැඩසටහනේ දී දැක්වු අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

WhatsApp Image 2025 08 05 at 2.14.48 PM

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...