BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'පියුම් නීල විල' නම් වූ ඉහළ ම සංගීතමය අස්වැන්න

T

The Leader

August 7, 2025 • 1:47 AM

'පියුම් නීල විල' නම් වූ ඉහළ ම සංගීතමය අස්වැන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප බලාපොරොත්තු වන්නේ සංස්කෘතික ජීවිතයකි.
  • කාසිම් ඉදිරිපත් කරන ''පියුම් නීල විල''  රූපවාහිනී නාලිකාවක මෑත කාලයේ ඉදිරිපත් කරමින් පවතින ඉතාමත් දක්ෂ, සෞන්දර්යාත්මක මනරම් වැඩසටහනක් බව අතිශයෝක්තියකින් තොරව පැවසිය යුතු ය.
  •   ඇත්ත වශයෙන්ම එම සම්මානයට ''පියුම් නීල විල'' හැම අතින්ම සුදුසු ය.
  • ඒ සියල්ලටම වඩා නිවේදකයකු ලෙස නිලාර් එන්.
අකුරු ප්‍රමාණය (Font Size):
එහෙත්, බොහෝ දෙනෙකුට නොලැබී යන්නේ ද එය යි. එනමුදු මෑතක සිට එබඳු සංස්කෘතික ජීවිතයක් අප වෙත ළඟා කර දෙතැයි විශ්වාස කළ හැකි සංගීතමය රූපවාහිනි වැඩසටහනක් පිළිබඳ මගේ කියවීමකි, මතු පළ වන්නේ.

අත්‍යවශ්‍ය කටයුත්තකට (පොතක් ජනගත කිරීම, සිනමා නිර්මාණයක් නැරඹීම යනාදී) හැර සතියේ දින පහ ම නිවසේ සිට රැකියාවෙහි නියැළෙන මගේ නිවසෙහි රූපවාහිනි යන්ත්‍රයක් නොමැත. එසේ වුව ද මේ වන විට ඕනෑම රූපවාහිනි නාලිකාවක විකාශනය වන: නාට්‍යයක්, සංගීතමය වැඩසටහනක් දේශපාලන සාකච්ඡාවක්, සාහිත්‍යමය සාකච්ඡාවක් හෝ වෙනත් ඕනෑම වැඩ සටහනක් මා කැමති අවස්ථාවක නැරඹීමේ අවස්ථාව උදා කරගත හැකි ය; ඒ, නාලිකාවට ම අනුබද්ධ Youtube නාලිකාවෙනි.

විවේකය උත්කර්ෂයට නංවමින්...  
 
මේ ආකාරයට Youtube නාලිකා ඔස්සේ නරඹන වැඩසටහන් අතර නිලාර් එන්. කාසිම් ඉදිරිපත් කරන ''පියුම් නීල විල''  රූපවාහිනී නාලිකාවක මෑත කාලයේ ඉදිරිපත් කරමින් පවතින ඉතාමත් දක්ෂ, සෞන්දර්යාත්මක මනරම් වැඩසටහනක් බව අතිශයෝක්තියකින් තොරව පැවසිය යුතු ය.
 
විවේකයක් ලද සැණින් ම පොතක් කියවිමට ඇබ්බැහි වි සිටින මට රුපවාහිනි වැඩසටහනක් නැරඹීමට සිතුණ මොහොතක පළමුවෙන් ම නරඹන්නේ ''පියුම් නිල විල'' සංගිතමය වැඩසටහන ය; ඒය මගේ විවේකය කාලය කූටප්‍රාප්තියට රැගෙන යන වැඩසටහනකි.  

සංගීතවේදී නවරත්න ගමගේ සමග කළ ආරම්භක වැඩසටහනේ සිට  මෑතක අප හිතවත් මාධ්‍යවේදී ධර්මරත්න පෙරේරා සමග කළ වැඩසටහන දක්වා අඛණ්ඩව පියුම් නීල විල නැරඹීමට මා පෙලඹුනේ ඒහි පවත්නා විවිධාකාර වූ චමත්කාරත්වය යි.
 
 
මා නැරඹූ අවසන් වැඩසටහන පිළිබඳව ද මෙහි දී වෙසෙස් යමක් පැවසිය යුතු ය. එය ආරම්භ වූයේ සතුටත් දුකක් පාදක කරගෙන ය. දුක නම් පියුම් නීල විලට පවා කැමරාකරණය සැපයූ රූපවාහිනී තරුණ කැමරා ශිල්පියකුගේ අභාවය පිළිබඳව කළ  සංවේදී සටහන ය. (මට ඔහුගේ නම අමතක ය) සතුට නම් වසරේ විශිෂ්ටතම සංගීත වැඩසටහන සඳහා ''පියුම් නීල විල'' හිමිකර ගත් ඒෂියා මිරකල් සම්මානය පිළිබඳව කළ සඳහන ය.
සම්මානයට පාත්‍ර විය යුතු ම ය...
 vy6789

ඇත්ත වශයෙන්ම එම සම්මානයට ''පියුම් නීල විල'' හැම අතින්ම සුදුසු ය. ඒ, දැනට  රූපවාහිනී නාලිකාවල විකාශය වන: ජාන, අහංකාර නගරය, සනුහරය, ඉමොරිච් යනාදි වැඩසටහන් අතරින් ඉදිරියෙන්ම පවතින සංගීත වැඩසටහන ''පියුම් නීල විල'' යැයි මා තරයේ ම විශ්වාස කරන බැවිනි.
 
''පියුම් නීල විල'' වැඩසටහනේ: පසුතලය ප්‍රබල ය, කැමරා කෝණ  අලුත් ය, ආලෝක වර්ණාවලිය  විචිත්‍ර ය, සංස්කරණ ක්‍රමවේද  සිත් ඇදගන්නාසුලු ය. ඒ සියල්ලටම වඩා නිවේදකයකු ලෙස නිලාර් එන්. කාසිම් මෙහිලා ඉටුකරන මෙහෙවර සෙසු රූපවාහිනී නිවේදක නිවේදිකාවන්ට පූර්වාදර්ශයකි. ළගන්නා සුළු කතා විලාසය  අදාළ ගීතවල රිද්මය සමග  මුසු වී අර්ථයත්, සුන්දරත්වයත් ළඟා කරන්නේ ඉරිදා මගේ විවේකී කාලය තුළ මා සුන්දර තෝතැන්නක් අසබඩ සතපවාලමිනි.
''පොරක්'' නොවන නිවේදකයෙක්
 
nilar
තෝරා ගත් ගීත රචකයකු හෝ සංගීත වේදියකු සමග ඔහුගේ නිර්මාණ පිළිබඳව ගොඩනගන සංවාදය තුළ දෑසට කිඹුල් කඳුළු නංවාගෙන කරන ව්‍යාජ මවාපෑම් නොමැත. අනවශ්‍ය භාවාතිශයවීම් වෙනුවට අප දකින්නේ හරි මැද තැනක හිඳගෙන තුලනාත්මකව සහ අර්ථාන්විතව සිදු කරන සංවාදයකි. එය අපගේ ආනන්දයට මෙන්ම ‍රසඥතාවට ද ආමන්ත්‍රණය කරයි. නිවේදකයා ''පොරක් වීම'' වෙනුවට ඔහු අපගේ සහෘදයෙක් වෙයි.

වැඩසටහනේ ඉදිරිපත් කරන ගීත  ඇතැම් විට අප සියක් වර අසා තිබුණ ද ඒවාට දෙන නවමු හැඩය හේතුවෙන් ''පියුම් නීල විල'' තුළ  අප එම ගීත දකින්නේ පළමුවරට ය; නවමු හැඩයකට ය; රිද්මයකට ය. එය ද ජනප්‍රියත්වයේ එක රහසකි. ඊළඟ සූක්ෂමතාව වන්නේ පැරණි පරපුරේ විද්වත් නිර්මාණවේදීන්ගේ සංලාපය සමඟ අලුත් පරපුරේ ඉදිරිපත් කිරීම් සංකලනය කිරීම ය. මට නම් වැටහෙන්නේ මෙම සැලසුම කල් යල් බලා කරන නිර්මාණශීලී සැලසුමක් විය යුතු බවයි.

සුනිල් සරත් පෙරේරා, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, සුනිල් ආර් ගමගේ, බණ්ඩාර ඇහැලියගොඩ, කපිල කුමාර කාලිංග, බන්දුල නානායක්කාරවසම්, වසන්ත කුමාර කොබවක  බඳු ප්‍රවීණ රචකයින් මෙන්ම කැලුම් ශ්‍රී මාල්, මනුරංග විජේසේකර, සම්පත් ප්‍රනාන්දුපුල්ලේ, ඩිලාන් ගමගේ යනාදි නව පරපුරේ රචකයෝ ද මේ තුළ සංකලනය වෙති.
 


සරත් ද අල්විස්, ආචාර්ය රෝහණ වීරසිංහ, මෙල්රොයි ධර්මරත්න, පියල් පෙරේරා, සමන්ත පෙරේරා, නවරත්න ගමගේ යනාදි විවිධ ශානරවල සංගීතවේදීහු මෙයට දායක වූහ. වැඩසටහනට එක්වන ආරාධිතයා කවර මට්ටමේ වුවත් ඔහු නිසි ගෞරවයකින් ස්ථානගත කරන්නට නිවේදකයා සමත් විම ද මෙහි මාදු විශේෂත්වයකි.
 
නව පරපුරේ ගායක ගායිකාවන් අතරින් දක්ෂ ඉහළ වෙළෙඳ වටිනාකමක් හොබවන හැම ශිල්පියකු පාහේ ම වැඩසටහනට සම්බන්ධ කර ගැනීම නම් විස්මයකි...! එහි සංවාද  බලා සිටිනා මා නිසි තැනින් ඒවා නවතා ගීතවලට යොමු කරන ආකාරයත් යළි නිසි තැනින් ප්‍රවේශයක් ලබාගෙන ඊළඟ ගීතය කරා මා කැඳවාගෙන එන ආකාරයත් මා අත්විඳින්නේ පහන් සිතිනි. එය සංස්කරණ ශිල්පියාගේ දක්ෂතාව යැයි මට සිතේ; ඒම ශිල්පියා ගේ සංස්කරණය වැඩසටහනේ රිද්මය නියමාකාරයෙන් පවත්වාගෙන යැමට ඉමහත් පිටුවහලක් සපයයි.
ඉහළ ම සංගීතමය අස්වැන්නක්...
 


''පියුම් නීල විල''  මෙතෙක් විකාශනය වූ සීමිත වැඩසටහන් පෙළ තුළ වුව ද එයින් සමාජයට එල්ල කළ බලපෑම මට නම්  සුළුවෙන් තැකිය නොහැකි ය. එහි නිෂ්පාදකවරයාගේ දක්ෂතාව මෙන්ම ක්ෂේත්‍රයේ තුන් කල් දකිනා නිවේදකයකුගේ පරම්පරා තුනක සම්බන්ධතා ජාලය ද මීට ඉවහල් වී තිබෙන්නට ඇතැයි මට සිතේ. රූපවාහිනි නව පරිපාලනය  නෙළූ ඉහළ ම සංගීතමය අස්වැන්න ''පියුම් නීල විල'' ය යන්න මගේ විශ්වාසය යි.

සැබැවින්ම පියුම් නීල විල  මෑත කාලයේ ජාතික රූපවාහිනියෙන් ප්‍රේක්ෂක අපට පිරිනැමූ ඉහළ ම ප්‍රණාමයකි. එමෙන්ම මේ වන විට රූපවාහිනිය ගෞරවයෙන් ඉහළට ඔසවා තබන සන්නාමයකි. එකින් එකට ගෙනයන වෙනස්කම් ඔස්සේ ඉදිරියටත් පියුම් නීල විල අප විස්මයට පත් කරන්නේ කෙසේදැයි තවදුරටත් බලා සිටිමු.
 

අදහස් දැක්වීම අවසන් කිරිමට ප්‍රථම තවත් යමක් සඳහන් කළ යුතු ය. එනම් රූපවාහිනී නාට්‍ය සම්බන්ධයෙනි.
 
ජාතික රුපවාහිනිය තුලින් විකාශනය වූ ''ඉරගිනි මද්දහන'' ටෙලි නිර්මාණයෙන් ඉක්බිති මේ දිනවල විකාශනය වන ''ආදරණීය මිනිසෙක්'' සහ ''the lake'' නමැති නාට්‍ය ද්විත්වය ද මගේ විවේකය සොරා ගන්නා නිර්මාණ ද්වයක් බව පැවසිය යුතු ම ය.
මෙබඳු විශිෂ්ට වැඩසටහන් සහ ටෙලි නාට්‍ය තවත් කිහිපයක් එක්වන්නේ නම් ජාතික රූපවාහිනිය අංක එකේ නාලිකාව ලෙස යළි අභිෂේක ගැන්වීම අසීරු නොවේ යන්න මගේ හැඟීම ය.

Jayasiri Alawattha| ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...