BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

පළමු කවි පොතට පස්සෙ අවිධිමත් ලෙස හෝ කවිය හැදෑරුවා - චම්පිකා විජේසිංහ (වීඩියෝ)

T

The Leader

August 10, 2025 • 2:06 AM

පළමු කවි පොතට පස්සෙ අවිධිමත් ලෙස හෝ කවිය හැදෑරුවා - චම්පිකා විජේසිංහ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''පද්‍යයෙන් ප්‍රකාශ කෙරෙන්නේ විද්‍යාවෙන් විග්‍රහ කෙරෙන වස්තූන්ට අයත් දළදඬු ගතිගුණ නොවේ.
  • එකිනෙක කවියාගේ හදවතෙහි පවත්නා රුචි අරුචිකම් අනුව ප්‍රකාශ කෙරෙන කල්පනා සමූහයකි.
  • එය භාවාරොපණයකින් ප්‍රකාශ කිරීම ඔහුගේ හදවත සනසා ගැනීමකි.
  • කවියා කියා පාන්නේ අදහස් නොව හැඟීම් ය.'' මෙලෙස සඳහන් වන්නේ ශ්‍රීමත් රාජනක ආනන්දවර්ධනාචාර්ය විසින් රචිත 'ධවන්‍යාලෝකය' කෘතිය පිළිබඳ විවරණයක යෙදෙන ජී.
අකුරු ප්‍රමාණය (Font Size):

දර්ශනයෙන් සාකච්ඡා කෙරෙන යථාර්ථය ද නොවේ. වස්තූන් පිළිබඳ කවියා තුළ හටගන්නා හැඟීමය. එකිනෙක කවියාගේ හදවතෙහි පවත්නා රුචි අරුචිකම් අනුව ප්‍රකාශ කෙරෙන කල්පනා සමූහයකි. යම්කිසි සිද්ධියක් දකින ආකාරය, යම් වස්තුවක් පවත්නා ආකාරය ඒ අයුරෙන් ම කියා පැම කවියාගේ අභිලාෂය නොවේ. එය භාවාරොපණයකින් ප්‍රකාශ කිරීම ඔහුගේ හදවත සනසා ගැනීමකි. කවියා කියා පාන්නේ අදහස් නොව හැඟීම් ය.''

මෙලෙස සඳහන් වන්නේ ශ්‍රීමත් රාජනක ආනන්දවර්ධනාචාර්ය විසින් රචිත 'ධවන්‍යාලෝකය' කෘතිය පිළිබඳ විවරණයක යෙදෙන ජී. එස්. බී. සේනානායක විසින් රචිත ''ධවන්‍යාලෝක විවරණය" කෘතියේ ය. මෙහි දී සේනානායක සිය ලේඛනය සඳහා 'කවියා' යනුවෙන් මෙන් ම 'ඔහු' යනුවෙන් යොදා තිබුණ ද එය 'කවියන්ට' පමණක් නොව 'කිවිඳියන්ට' ද වලංගු ය.

මා එලෙස සඳහන් කරන්නේ සේනානායක මෙහි දී පුරුෂ වාචි පදයක් පමණක් භාවිත කළේ ඇයි ද යන්න පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹිය නොහැකි බැවිනි.

කෙසේ වුව ද මා ඉහත කොටස උපුටා ගත්තේ The Leader TV ඉදිරිපත් කරන සරග සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාව තුළින් අද ඔබ හමුවන කිවිඳිය වන චම්පිකා විජේසිංහ ගේ නිර්මාණ පිළිබඳ ඉඟියක් සැපයීමේ අරමුණෙනි.

''එක වහල යට'' යන මැයෙන් 2019 වසරේ සිය පළමු කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් කරන ඇය ඉන් සය වසරකට පසුව සිය දෙවන කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත්කර ඇත. ඇය එය නම් කරන්නී ''මන්දාකිණි තිබේ හැන්දෑවක දී හමුවන'' යන මැයෙනි.

මා ඉහත උපුටනය පළ කළේ ඇයි ද යන්න යම් අවබෝධයක් ලබාගැනීම සඳහා චම්පිකා විජේසිංහ කිවිඳිය The Leader TV ඉදිරිපත් කරන 'සරග' සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සාකච්ඡාව නරඹන්නැයි මම ප්‍රේක්ෂක ඔබට ආරාධනා කරමි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...