BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

රවාෂ ඉතිහාස ආලවතුන්ගේ සමෝධානය | සුජිත් අක්කරවත්ත

T

The Leader

August 24, 2025 • 12:38 AM

රවාෂ ඉතිහාස ආලවතුන්ගේ සමෝධානය | සුජිත් අක්කරවත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතිහාස විෂයෙහි මෙතුවක් මතු කොට නොලිව්දෑ ලියන්නට පටන් ගතිමි.
  • ඒ කී ලෙසම හඳ ගැබ නිදන් කොට තබාගත් දෑ එහි එහිම නිදන්ගත කොට ගෙනම තබාගතිමි.
  • එනමුත් මහානාම හිමියන් මෙන්ම මොග්ගල්ලාන හිමියන් තම ඉතිහාස කෘතිවල මානව භාව ආල රාග කලාපය ගැන තබා ඇති රමණීය මතුකර තැබීම් එසේ තැබුවේ කිමදැයි සිතුවෙමි.
  • මූල කතුවරුන් ලියා තබා ඇති දෑ වසන් කර තැබීම සාපරාධීය.
අකුරු ප්‍රමාණය (Font Size):

මගේ ගුරුදේවාචාර පරපුරද මට කීවේ මේ තතු සමාජ - පාඨක ගත නොකර ඉන්නෙ නම් මැනවි කියාය. එපමණක් නොව අතීත ඥාන භාව කලාපයේ තතු වල කිමිදෙමින් යන විට හමුවූ විත්ති, අන්දර, පරම්පරා කතා, ජන බන්ධන කී බොහෝ අයද එයම කිවේය. පවත පතේ (පතපොතේ) නොලියා පවත පපුවේ ලියාගන්නා මෙනි. ඒ කී ලෙසම හඳ ගැබ නිදන් කොට තබාගත් දෑ එහි එහිම නිදන්ගත කොට ගෙනම තබාගතිමි. එනමුත් මහානාම හිමියන් මෙන්ම මොග්ගල්ලාන හිමියන් තම ඉතිහාස කෘතිවල මානව භාව ආල රාග කලාපය ගැන තබා ඇති රමණීය මතුකර තැබීම් එසේ තැබුවේ කිමදැයි සිතුවෙමි.

 

එම භාවයන් ලංකා ඉතිහාස අන්දරයේ අභන්තරයමය ද වේ. ඒ අතීත වටපිටාව වටහාගැනීමට ද මිනිස් ජීවයේ පොපියන ලාල ලලිතය හා ලයාදරයන් සම්මුඛ කිරීමද මේ සිදුවීම් ඔස්සේ සිදුවෙයි. මූල කතුවරුන් ලියා තබා ඇති දෑ වසන් කර තැබීම සාපරාධීය. එමෙන්ම එය ශාස්ත්‍ර විරෝධීය. තව අතකින් මනුෂ්‍යය ජීවයේ භාව හැඟුමන් පිරි ලෝකය මකා දැමීමකි.

 වායාම' සැබෑ ඉතිහාස ගවේෂකයින් ට දියමන්ති දෝනාවකි - (අනුරාධා නිල්මිණි)

 

මේ හද උපදින සිතුවිලි සමඟ ඉතිහාසය විෂයෙහි පරිපථය ඇතුලේ ගමන් කරමින්, ලියමින් සිටියෙමි. මේ ලියවුණු දෑ සමග මංගල සමරවීරයන් සමෝධාන වනුයේ මංගල සම්මත ලෙසය.

ඔහු තෙමේ වහා වහා මේ තතු ලියා තබා පසෙක ලියා තැබිම නොව ලියා තැබු දෑ ජනගත කිරීමට උනන්දු කළේය. මංගලයන්ගේ ජීවිත භාෂණය පවා අමුතුම විසල් පථයකට ගමන් කරනු මට පෙනිනි. අප දෙදෙනා ඉතිහාසය විසින් ලබැඳියන් කළේ මේ සමගය. ඔහු විටින් විට ඇවිටිලි කරමින් මගේ ශාස්ත්‍රීය කාන්සිය බිඳ දමා ලියමින් යන්නට පාර කැපුවේ රුවන් ප්‍රදිනන්දිස් සොයුරා බැඳ තබමින්. මංගලයන්ට මේ විෂය ගැන තිබූ පිපාසය උතුරාගලමින් දෝර ගලා යන්නේ ලංකා ඉතිහාසයේ ලෞකික නගරයාය සොයා ගමන් නරඹන්නට තීරණය කරමිනි.

මරණය ඉව කළ මහ වසංගතය ලොව වට කළ සමයේ අපි සක්‍රීය ඉතිහාස ආලවතුන් විය. අතීත භාවගාමින්ගේ මතක ස්මරණයන් හා සුසැඳි භාව උද්දීපනයෙන් මංගල පණ ලැබූ ඒ දින මගේ පරිකල්පන ලෝකයද පුළුල් කළේය. එත් ඔහු මරණය කරා ඉක්මන් ගමනක් ගියේ සියල්ල ශූන්‍යතාවයක ගිල්වමිනි. ඒ ශූන්‍යතාවයම අවබෝධයම නැගීමක් වූයේය.

 WhatsApp Image 2025 08 24 at 9.42.45 AM

 

මීට පෙර ‘වායාම’ ජනගත වූයේ ඔහුගේ සමු ගැනීමේ මතක නිමිති සමගය. මෙවර ඔහු නික්ම ගොස් සිව් වසරක එළඹෙන මේ අගෝස්තු 24 පාදක කොට එළි දකින්නේ ඒ ලියවුණු අනෙක් පොතය.

කිසි කාලෙක නොලියවුණු ඉතිහාසයේ මූලභාව රහස් දොර හැර තබමි. ‘රවාෂ’ ඒ පොතය. මංගල සමරවීරයන් සමුගෙන ගිය ලය ශෝකී මොහොතට සිව් වසරක් පිරෙන දා ලාංකික භාව කලාපයේ මිනිස් බන්ධනයේ ජීවන හැඟුම්කරණය ඔබට පුදමි. ‘රවාෂ’ මගේ අලුත් පොතය. මගේ තිස්වන කෘතියය. එය එළි දකින්නේ මංගල සමග ඉතිහාස කතිකාව සමෝධානය වෙමිනි.

Sujith 2021(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ / සාහිත්‍යවේදී
sa4408@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...