BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ධම්මගේ ‘ඉලුක් ගේ හැඩ කරපු රතුම රතු කිකිළී’ ගැන එරන්ද ගිනිගේ ප්‍රශ්න කරයි

T

The Leader

August 29, 2025 • 5:12 AM

ධම්මගේ ‘ඉලුක් ගේ හැඩ කරපු රතුම රතු කිකිළී’ ගැන එරන්ද ගිනිගේ ප්‍රශ්න කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ධම්ම දිසානායක ලියූ කවි එකතුවක් පසුගිය දා එළි දැක්විණි. කවි කීවාට ඒවා කදිම නිසඳැස් ය.
  • ධම්මගේ ජීවිතයේ පරිවර්තනීය මොහොත වන්නේ 88-89 භීෂණයේ ඔහු ලද අපුල අත්දැකීම් බව පෙනේ.
  • එම බිහිසුණු අත්දැකීම තුළ ඔහු හට හව්හරණ දුන් ගැහැණුන් සහ පිරිමින් පිළිබඳ කෘතඥ පූර්වකව දකිමින් එම සිද්ධි දාමයට කිසියම් romantic බවක් ආරෝපණය කරමින් වෙනස් මතකයක් හදන්නට හදනවා මෙන් මා හට පෙනිණි.
  • 88-89 භීෂණයෙන් දිවි ගලවා ගත් ධම්මගේ වයසේ බොහෝ අය මේ ආකාරයට හැසිරෙනු මා දැක තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එම නිර්මාණ පිළිබඳව විචාරය කිරීම මාගේ අරමුණ නොවේ. නමුත් එම නිර්මාණ කියවීමේදී සහ එළි දැක්වීමේදී මා කළ නිරීක්ෂණයන් ඇසුරෙන් යමක් ලිවීමට සිත් විය. ධම්ම මා හට දිස් වූයේ ගමෙන් නගරයට සංක්‍රමණය වූ පිරිමියෙකු සිය අතීත අනාගත අනන්‍යතාවය සොයන්නාක් මෙනි. ඔහුගේ නිර්මාණ ගොනුව තුළින් ද එවැන්නක් මතු වේ.

ධම්මගේ ජීවිතයේ පරිවර්තනීය මොහොත වන්නේ 88-89 භීෂණයේ ඔහු ලද අපුල අත්දැකීම් බව පෙනේ. විටින් විට උඩ එන nightmare එකක් වැනි එය ධම්ම විසින් කලබලයෙන් යටපත් කරන්නට උත්සාහ දරයි. එම බිහිසුණු අත්දැකීම තුළ ඔහු හට හව්හරණ දුන් ගැහැණුන් සහ පිරිමින් පිළිබඳ කෘතඥ පූර්වකව දකිමින් එම සිද්ධි දාමයට කිසියම් romantic බවක් ආරෝපණය කරමින් වෙනස් මතකයක් හදන්නට හදනවා මෙන් මා හට පෙනිණි. 88-89 භීෂණයෙන් දිවි ගලවා ගත් ධම්මගේ වයසේ බොහෝ අය මේ ආකාරයට හැසිරෙනු මා දැක තිබේ. කාලයක් යන විට ඇතැමුන් එය විකාර රූපී වීරත්වයකින් දකින්නට ද පටන් ගනු මා දැක ඇත. මෙය සිංහල සමාජයේ මුල් බැස ඇති බෞද්ධ සංස්කෘතියේ ආචරණයක් ලෙස සිතිය හැකි ය. හින්දු-දෙමළ හෝ කතෝලික-සිංහල සමාජ තුළ මේ ස්වභාවය නැති තරමට අවම ය. 83 කළු ජූලියෙන් හිංසාවට පත් දෙමළා එය කිසිසේත් ම ඉහත ආකාරයට වර නගන්නේ නැත.

rathu kikili

කොහෙන් පටන් ගත්තත් ධම්ම අවසානයේ එන්නේ “මිනිස්සු දුක් විඳිනවා” යන කන්නලව්වට ය. එය එක්තරා ආකාරයකට තමා එම දුකෙන් ගැලවුණේ යැයි ද, දහසකුත් තමා වැනි තරුණයන් ගැලවුණේ නැහැ නේද යැයි ද සිතමින් කරන ආත්මාර්ථ-පරාර්ථ-කාමී අස්වැසිල්ලකි. මාගේ නවකථාව එලි දැක්වීමේදී ඔහු කළ අධ්‍යාපනික දේශනයේදී පවා අවසන් හරිය වන විට ධම්ම අස්වභාවිකව එම අස්ථානයට පැමිණියේ ය. එයින් ඔහු බාහිරයට පෙනෙන තරමට anxious වේ. එය හරියට සතුටින් බිබී හිටිය අයෙකු එක් වරම දෝමනස්ස සහගත වී miserable වන්නාක් මෙනි. ධම්මගේ අලංකාර නිසඳැස් ද ඒ ආකාරය. අවසානයේ ‘ජබොක්’ ගා එක ම ළිඳකට වැටේ.

නමුත් ධම්ම ඒ දුකට පිළියමක් ලෙස ඊනියා වමක් ගැන කියමින් එයට පෙම් කරන බව කිය යි. ඒ වම මේ දැන් තිබෙන වම නොවන බවත් කිය යි. එය රතුම රතු ය කිය යි. වියලුවේ ඉලුක් ගෙවල් හැඩ කළේ ඒ වම යැයි කිය යි. එය දැන් නැති බවත් කිය යි. නමුත් ධම්මට මතක තිබෙන සිය පියා සහ මව අපට දෙන්නේ එවැනි වමක දසුනක් නොවේ. ධම්ම කියන හැටියට ඔහුගේ පියා සහ මව සතුටින් ජීවත් වී තිබේ. ඔවුන් තුළ කිසිදු අනන්‍යතා අර්බුදයක් තිබුණු බවක් ද අපට නොපෙනේ. ධම්ම සිතන්නේ එයට හේතුව ඔවුන් වාමාංශික වීම කියා ය. නමුත් මා ධම්මට සිතන්නට කියා අභියෝග කරන්නේ ඔහු කියන සුන්දර ගමට මොන ඉලව්වකට වමක් උවමනා වී ද? කියා ය. ලංකාවේ ගම, රුසියාවේ ගම නොවේ. එය රුසියානු පරිවර්තන කියවූ අප ආදේශ කර ගත් බොරු ගමකි.

536653338 1065544902230990 7814599244937499823 n

 

ධම්මගෙන් මා අහන්නේ ඔය කියන වම එන්නට කලින් ඇත්තට ම ලංකාවේ ගමේ තිබුණේ කුමක් ද? කියා ය. ධම්මගේ පරම්පරාවේ එකෙකු වන දිලිත් ජයවීර පවා නිතර උජාරුවෙන් කියන්නේ ඔහුගේ පියා හෝ මාමලා හෝ හොඳ සමසමාජකාරයන් හෝ කොමියුනිස්ට්කාරයන් වැනි කථාවකි. නමුත් එය සත්‍යයක් ද? ඒ පරම්පරාව හැදුණේ ඊනියා වාමාංශික අදහස් ලංකාවට එන්නට පෙර ය. ජනමාධ්‍ය සහ සන්නිවේදනය අද මෙන් නොදියුණු එම යුගයේ පුළුල් සමාජ සංස්කෘතික ආරෝපණයක් ලෙස විදේශික වමක් ගම පවා විනිවිද කෙටි කලකින් අතිපිහිත වුණා කියා සිතීම තාර්කික ද? එහෙම වුණා නම් එයට කුමක් වී ද? මා සිතන්නේ ඔය කියන වම ඇතැම් විට එකල තිබූ අනවබෝධී fad එකක් විය හැකි වුවත් කිසිසේත් ම තීරණාත්මක සන්දර්භයක් නොවන බව ය. සමසමාජකාරයන් යැයි කියාගත් අපේ සීයලාගේ සමවයස්කාරයන් සමසමාජය ගැන කිසිවක් නොදත් පුහුදුන් බෞද්ධ සිංහල ගැමියන් පමණක් ම වූයේ යැයි මම කියමි.


එහෙයින් ධම්මගේ කවි පොතේ නම ‘ඉලුක් ගේ හැඩ කරපු රතුම රතු කිකිළී’ මම ප්‍රශ්න කරමි. ධර්මය අපට මග වේවා!

විනයගරුක විහිළුව - (එරන්ද ගිනිගේ)(සටහන |එරන්ද ගිනිගේ)

BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

උපුටා ගැනීම : ගිනිහුළ
2025 අගෝස්තු 29
eranda.ginige@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...