BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ආල රාගයක් පැවතිය යුත්තේ ආල ප්‍රේමයක් සමග යි - සුජිත් අක්කරවත්ත (වීඩියෝ)

T

The Leader

August 31, 2025 • 2:22 AM

ආල රාගයක් පැවතිය යුත්තේ ආල ප්‍රේමයක් සමග යි - සුජිත් අක්කරවත්ත (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනිස්සු ලෙස උත්පත්තිය ලබන අපි... මිනිස්සු ලෙස ජීවත් වන්නේ ද මිනිස් සමාජයක ම ය; නමුත් ඒ මිනිස් සමාජයේ එක් එක් මිනිසාගේ එක් එක් චර්යා එකිනෙකට වෙනස් ය.
  • මෙකී හෝමෝන ක්‍රියාකාරිත්වය මත ඇතිවෙන රුචිකත්වයට එරෙහි වීමට කිසිවකුට නොහැකි ය.
  • නමුදු වර්තමානයේ පවතින්නේ දියුණු ලෝකයකි; ඒ තාක්ෂණික පාර්ශ්වයෙන් පමණක් නොව මානුෂික පාර්ශ්වයෙන් ද අතීතයට සාපේක්ෂව බොහෝ දියුණු ය.
  • ඒ කලාප තුළ ද අතීත රාජ රාජ මහාමාත්‍යාදින් පවා තම ලිංගික ජීවිතය වෙනස් ආකාරයෙන් ගතකර ඇත; ඒ පිළිබඳව මහා වංශයේ මෙන් ම ථූපවංශයේ ද සඳහන්ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


සරලව ම උදාහරණය ලෙස එක් එක් පුද්ගලයාගේ ආහාර රුචිය පිළිබඳ තත්ත්වය...

කෙනකු පැණි රසට; තවකකු ඇඹුල් රසට; තවත් කෙනකු ඒකී රස ද්විත්වයට ම රුචිකත්වය දැක්විය හැකි ය. තවත් කෙනකු ඒකී රස ද්විත්වයට ම අරුචි විය හැකි ය. එය පූරුවේ කරුමයක් හෝ පතාගෙන ආ දෙයක් නොවේ.

එක් එක් පුද්ගලයින්ගේ ලිංගික නැඹුරුතාව ද මීට සාපේක්ෂ ය.

එක් පුද්ගලයෙක් විරුද්ධ ලිංගිකත්වයට වඩාත් රුචිකත්වයක් දක්වන විට, තවත් පුද්ගලයෙක් සම ලිංගිකත්වයට රුචිකත්වයක් දැක්විය හැකි ය; ඔය අතර තවත් පුද්ගලයෙක් බහු ලිංගිකත්වයට රුචිකත්වයක් දැක්විය හැකි ය. ඒ කිසිම තත්ත්වයක් ඒ ඒ පුද්ගලයින් පූරුවෙ පතාගෙන ආ විදිය නොව එක් එක් පුද්ගලයාගේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයකි. මෙකී හෝමෝන ක්‍රියාකාරිත්වය මත ඇතිවෙන රුචිකත්වයට එරෙහි වීමට කිසිවකුට නොහැකි ය. එය මානුෂීය අයිතිවාසිකම් කඩ කිරීමකි.

නමුදු වර්තමානයේ පවතින්නේ දියුණු ලෝකයකි; ඒ තාක්ෂණික පාර්ශ්වයෙන් පමණක් නොව මානුෂික පාර්ශ්වයෙන් ද අතීතයට සාපේක්ෂව බොහෝ දියුණු ය. එබැවින් දියුණු බොහෝ රටවල එක් එක් පුද්ගලයින්ගේ ලිංගිකත්වය සඳහා බලපැම් නොකරයි.

නමුදු අතීතය හාරා ඇවිස්සීමේ දී අපි නොදන්නා කලාප බොහෝ පවතී. ඒ කලාප තුළ ද අතීත රාජ රාජ මහාමාත්‍යාදින් පවා තම ලිංගික ජීවිතය වෙනස් ආකාරයෙන් ගතකර ඇත; ඒ පිළිබඳව මහා වංශයේ මෙන් ම ථූපවංශයේ ද සඳහන්ව ඇත. නමුදු එම කලාප ස්පර්ශ කරන්නට බොහෝ ලේඛක ලේඛිකාවෝ මෙන් ම ඉතිහාස පර්යේෂක ප්‍රජාව ද මැළිකමක් දක්වති.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ: ඒ ඔ්නෑම  කලාපයකට අත තැබීමට බිය නොවන ඉතිහාස පර්යේෂකයෙකි; ලේඛකයෙකි. ඔහු සුජිත් අක්කරවත්ත ය. අද ඔහු‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග එක් වන්නේ ඔහුගේ අභිනව ඉතිහාසීය පර්යේෂණ ග්‍රන්ථය වන ''රවාෂ'' පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම සඳහා ය.

මතු පළවන්නේ, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සුජිත් අක්කරවත්ත කළ සම්මුඛ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආල රාගයක් පැවතිය යුත්තේ ආල ප්‍රේමයක් සමග යි - සුජිත් අක්කරවත්ත (වීඩියෝ) | The Leader