BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

අසමසම මෙහෙවරක් උදෙසා ග්‍රේස් තෙන්නකෝන් ගේ “සමඅසම” බ්‍රිස්බේන්හී දී තිරගත වෙයි!

T

The Leader

September 2, 2025 • 3:54 AM

අසමසම මෙහෙවරක් උදෙසා ග්‍රේස් තෙන්නකෝන් ගේ “සමඅසම” බ්‍රිස්බේන්හී දී තිරගත වෙයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවීණ රංගවේදිනී ග්‍රේස් තෙන්නකෝන් තිර රචනය කොට නිෂ්පාදනය කළ ඇගේ කුළුදුල් සිනමා නිර්මාණය වන ‘සමඅසම’ (Unequal) චිත්‍රපටයේ ප්‍රථම දැක්ම, පසුගියදා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හීදී විශාල ප්‍රේක්ෂකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් තිරගත වූවා.
  • පහතින් දැක්වෙන්නේ "සමඅසම" චිත්‍රපටයේ මංගල දැක්මේ විශේෂ අවස්ථා කිහිපයක්.
  •   මෙම මංගල දැක්මේ විශේෂත්වයක් වූයේ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිමෙන් ලද සියලුම මුදල් සුවිශේෂී ප්‍රජා සේවා කටයුත්තක් සදහා යෙදවීමට කටයුතු කිරීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
මෙම මංගල දැක්මේ විශේෂත්වයක් වූයේ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිමෙන් ලද සියලුම මුදල් සුවිශේෂී ප්‍රජා සේවා කටයුත්තක් සදහා යෙදවීමට කටයුතු කිරීමයි.
එනම්, මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිමෙන් ලද සියලුම මුදල් නාවලපිටිය, නාගස්තැන්න විදුහලේ දරු-දැරියන්ට ආරක්ෂා සහිතව පාවිච්චි කළ හැකි නව වැසිකිළි පද්ධතියක් ගොඩනැගීම සඳහා යෙදවීමට Help Sri Lanka පදනමෙ පුරෝගාමි සාමාජික රන්දේව ද මැල් ප්‍රමුඛ බ්‍රිස්බේන් ශ්‍රී ලාංකික ප්‍රජාව තීරණය කර තිබීමයි.
WhatsApp Image 2025 09 02 at 8.20.23 AM 1
 
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසල්වල ජල සැපයුම සහ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණින් පිහිටුවා ගන්නා ලද ප්‍රජා පදනමක් වන Help Sri Lanka පදනම ක්වීන්ස්ලන්ත ශ්‍රී ලංකා සංගම් එකමුතුවෙ (FSOQ) හි පූර්ණ සහයෝගය ඇතුව, ක්වීන්ස්ලන්ත ප්‍රජාවත් සහභාගී කරගෙන ක්‍රියාත්මක වන සංවිධානයක්.

සිය කුළුදුල් සිනමා නිර්මාණයේ මුහුරත් මංගල්‍යය මෙම ප්‍රජා සත්කාරය වෙනුවෙන් පිරිනැමීම වෙනුවෙන් රංගවේදිනී ග්‍රේස් තෙන්නකෝන් හට බ්‍රිස්බේන් ප්‍රජාවගේ හෘදයාංගම ප්‍රණාමය මෙම අවස්ථාවේදී පිරි නමා තිබුනා.

පහතින් දැක්වෙන්නේ "සමඅසම" චිත්‍රපටයේ මංගල දැක්මේ විශේෂ අවස්ථා කිහිපයක්.

(උපුටා ගැනීම - mirrorarts.lk)
WhatsApp Image 2025 09 02 at 8.20.23 AMWhatsApp Image 2025 09 02 at 8.20.24 AM 1
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...