BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

වෙඩිවර්ධන ගේ 'බල්සාක් කැෆේ' විද්‍යෝදය සම්මානයෙන් පිදෙයි

T

The Leader

September 2, 2025 • 5:43 AM

වෙඩිවර්ධන ගේ 'බල්සාක් කැෆේ' විද්‍යෝදය සම්මානයෙන් පිදෙයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මංජුල වෙඩිවර්ධන විසින් රචිත ‘බල්සාක් කැෆේ’ තීරු ලිපි සංග්‍රහය වසරේ විශිෂ්ටතම තීරුලිපි හෝ විශේෂාංග ලිපි සංග්‍රහය ලෙස 2025 විද්‍යෝදය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.
  •   පළමු වරට අනිද්දා පුවත්පතේ කොලමක් ලෙසින් පළවීමෙන් අනතුරුව "ද ලීඩර්" ඩිජිටල් අවකාශයේ ද පළ කෙරුණු බල්සාක් කැෆේ , කෘතියක් ලෙස ප්‍රකාශයට පත්කෙරෙන්නේ විදර්ශන ප්‍රකාශනයක් ලෙසිනි.
  • වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය : එරික් ඉලයප්ආරච්චි විසින් රචිත ‘මහජන ෆාමසිය’ කෙටි කතා සංග්‍රහය (ඇස්.
  • ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශන ආයතනය) වසරේ විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය : ටිම්රාන් කීර්ති විසින් රචිත ‘මදුරාවතී නම් තරු රටාව’ පද්‍ය සංග්‍රහය (විදර්ශන ප්‍රකාශන) වසරේ විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රහය : සුනෙත් රූපසිංහ විසින් රචිත ‘පුදසුනක නිසල බව’ කෘතිය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, ඊයේ (1) දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල සභාසදයේදී පැවැත්වුණු විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළලේ දී යි.

 

balzak8

පළමු වරට අනිද්දා පුවත්පතේ කොලමක් ලෙසින් පළවීමෙන් අනතුරුව "ද ලීඩර්" ඩිජිටල් අවකාශයේ ද පළ කෙරුණු බල්සාක් කැෆේ, කෘතියක් ලෙස ප්‍රකාශයට පත්කෙරෙන්නේ විදර්ශන ප්‍රකාශනයක් ලෙසිනි.

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2025 : සම්මාන ලැබූ සෙසු ජයග්‍රාහකයන්

 
vid4
2025 වසරේ විශිෂ්ටතම නවකතාව : මහින්ද චන්ද්‍රසේකර විසින් රචනා කළ ‘වාපි’ නවකතාව (ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්).

වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය : එරික් ඉලයප්ආරච්චි විසින් රචිත ‘මහජන ෆාමසිය’ කෙටි කතා සංග්‍රහය (ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශන ආයතනය)

වසරේ විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය : ටිම්රාන් කීර්ති විසින් රචිත ‘මදුරාවතී නම් තරු රටාව’ පද්‍ය සංග්‍රහය (විදර්ශන ප්‍රකාශන)

වසරේ විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රහය : සුනෙත් රූපසිංහ විසින් රචිත ‘පුදසුනක නිසල බව’ කෘතිය. (කර්තෘ ප්‍රකාශන)

වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය : ගිනිකටුවැවේ විපුල හිමි විසින් රචිත සිංහල අක්ෂර වින්‍යාසය (අර්බුද, ප්‍රවාද සහ යෝජනා) (සමයවර්ධන පබ්ලිෂර්ස් (පීවීටී) එල්ටීඩී)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...