BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

‘තිමිර විනිවිද මාවෝ’ සැප්තැම්බරයේ දී නිකුත් කෙරේ

T

The Leader

September 4, 2025 • 2:38 AM

‘තිමිර විනිවිද මාවෝ’ සැප්තැම්බරයේ දී නිකුත් කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තිමිර කියන්නේ ආලෝකය වසාගෙන ඉන්න අඳුරට. ආලෝකය සහ අඳුර දයලෙක්තිකයි.
  • සටන් විතරක් නොවෙයි, අදහස්, සාකච්ඡා වාද විවාද එක්ක තමයි ‘තිමිර විනිවිද මාවෝ’ කියන 2025 ට එළිදක්වන මේ නම තීරණය වුණේ.
  •   මේක පරිවර්තනයක් ද...?
අකුරු ප්‍රමාණය (Font Size):

ආලෝකය තුළින් තමයි අපට අඳුර සාපේක්ෂව අත්දකින්න පුළුවන් වෙන්නේ. තිමිරය විනිවිද දකින්න පුළුවන් නම් අඳුරේ ආලෝකය වගේම ආලෝකයේ අඳුරත් කියන දෙකම දකින්න පුළුවන්.

මේ පොතට නමක් හොයන්න වෙහෙසෙද්දී මගේ සළායතන ලෝකයට ආවේ Unveiling Mao කියන අදහස. එය වචනෙට තනි සිංහල වචනයක් හොයාගන්න බැරි වුණා. අන්තිමේ දී මට ඔය වචනය එක්ක සටන් කරන්න සිද්ධ වුණා. සටන් විතරක් නොවෙයි, අදහස්, සාකච්ඡා වාද විවාද එක්ක තමයි ‘තිමිර විනිවිද මාවෝ’ කියන 2025 ට එළිදක්වන මේ නම තීරණය වුණේ.

 

තිමිර විනිවිද මාවෝ
මේක පරිවර්තනයක් ද...? නෑ... ඒ විතරක් නොවෙයි විප්ලවීය සාහිත්‍යයක් සහ කලාව සම්බන්ධ කතිකාවතක්. මාවෝ නම් වූ සාහිත්‍යවේදියා දෙස සවිචාරාත්මක කෝණයකින් බලා කරන විදර්ශනාවක්. 1942 දී චීනයේ යෙනාන් නුවරට රැස්වූ සියලුම සාහිත්‍යය සහ කලා නිර්මාණ ශීල්පීන් අමතා මාවෝ සේතුං කළ කතාවේ නව පරිවර්තනයක් සහ එම කතාව අනුසාරයෙන් අද අපේ සාහිත්‍යය සහ කලා ක්ෂේත්‍රය දෙස එබී බැලීමක්; අපේ සමාජයට අවශ්‍ය සංස්කෘතික මිනිසා නිර්මාණය කිරීම සඳහා සාහිත්‍යය සහ කලාව උපයෝගී කරගැනීමට නිර්මාණ කරුවන් පෙළ ගැස්සවීම සඳහා කරන පූර්ව විදර්ශනාවක්. ඔව් ඒක තමයි ආඛ්‍යානය, ප්‍රස්තුතය එහෙම නැත්නම් පොතේ අරමුණ.

හැබැයි ඒ විතරක්ම නොවෙයි, තාවෝ වාදය, චෙන් බුදු දහම, කොන්ෆියුසියස් දහම කොටින්ම මාවෝ ගේ දර්ශනය සහ ඒවායේ ගැළපීම් ගැනත් ස්පර්ශ කරනවා. ඒ කියන්නේ ද්වීඝටනාත්මක භෞතිකවාදය සහ පටිච්චසමුප්පාදය වගේ දේවල්.

(සුමනා විජේරත්න)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...