BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මගේ අරමුණ වුණේ රටක් ලෙස අපි මුහුණ දෙන ඛේදවාචක පිළිබිඹු කිරීම - ටිකිරි සුභාෂිණී විෆ්ලර් (වීඩියෝ)

T

The Leader

September 7, 2025 • 2:18 AM

මගේ අරමුණ වුණේ රටක් ලෙස අපි මුහුණ දෙන ඛේදවාචක පිළිබිඹු කිරීම - ටිකිරි සුභාෂිණී විෆ්ලර් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිසියම් රටක් අභ්‍යන්තරයේ හෝ දෙරටක් අතර යුද්ධයක් ආරම්භ කරන්නේ සහ එම යුද්ධය අවුළවන්නේ හුදී ජනයා නොව කිසියම් පක්ෂග්‍රාහී පිරිසකි.
  • මෙවන් අවස්ථාවල දී දැඩි පීඩනයකට ලක් වන්නේ ''සුළු ජාතිය'' යනුවෙන් හඳුන්වනු ලබන පාර්ශ්වය යි.
  • The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ යට සඳහන් කළ සාහිත්‍ය නිර්මාණයේ හිමිකාරිය වන ටිකිරි සුභාෂිණී විෆ්ලර් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ පිරිස: ජාතිවාදි විය හැකි ය, ආගම්වාදී විය හැකි ය, වර්ගවාදී විය හැකි ය. එය අපේ රටට සාපේක්ෂව ගතහොත් වඩ වඩාත් නැඹුරුවන්නේ ජාතිවාදී කොටසට ය; ආගම්වාදී කොටසට ය; වර්ගවාදී කොටසට ය.

නියපොත්තෙන් කඩා ඉවත් කළ හැකි යුද්ධය නමැති මෙම කුඩා පැළය පොරවෙන් වුව ද කපා දැමිය නොහැකි තත්ත්වයට පත් කරන්නේ ද පාලකයෝ ය. ඔවුහු තමන්ට රිසි පරිදි, ඔවුන්ගේ අවශ්‍යතාව පරිදි යුද්ධය: පවත්වාගෙන යෑම, සටන් විරාම ලබා දීම සහ යුද්ධය අවසන් කිරීම යන තීරණවලට එළඹෙති.

මේ අතර ම තවත් පිරිසක් යුද්ධය දඩමීමා කරගනිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් තර කරගනිති; තවකෙක් මුදල් හෝ වෙනත් ලාභ අපේක්ෂාවකින් තමන් සමග එක පත බෙදාගෙන කෑ සමාන වෘත්තිකයා වුව ද පාවා දෙන තත්ත්වයට පත් වෙති.

එමෙන් ම කෙතරම් සමීපව ඇසුරු කරණ දෙපළක (සිංහල-දෙමළ අඹුසැමි යුවළක) අතර වුව ජාතිවාදය නමැති විෂ බීජය කිනම් හෝ මොහොතක ඉස්මත්තට පැමිණිය හැකි ය. මෙවන් අවස්ථාවල දී දැඩි පීඩනයකට ලක් වන්නේ ''සුළු ජාතිය'' යනුවෙන් හඳුන්වනු ලබන පාර්ශ්වය යි. ඔවුන්ට එම ''සුළු ජාතික'' ලේබලය හේතුවෙන් සිය ජීවිත කාලය පුරාම මානසික පීඩා විඳීමට සිදුවේ.

මෙවන් ඛේදවාචක සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදෙන පුද්ගලයින් ග්‍රහණය කරගත යුත්තේ මධ්‍ය ලක්ෂ්‍යයක සිට ය.

කොටස් තුනකින් සමන්විත ''දෙනුවර නැවතුම'' නමැති තුන් ඈදුතු නව කතාව යට කී සියලු ඛේදවාචක එක මිටට ගෙන පාඨක හද මනස කම්පනයට පත් කරන සාහිත්‍ය නිර්මාණයකි.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ යට සඳහන් කළ සාහිත්‍ය නිර්මාණයේ හිමිකාරිය වන ටිකිරි සුභාෂිණී විෆ්ලර් ය.

මතු පළ වන්නේ ටිකිරි සුභාෂිණී විෆ්ලර්‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව ය.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...