BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මංගල සමරවීර සිවුවස් මතක සැමරුම දා ‘රවාෂ’ එළිදකියි!

T

The Leader

September 7, 2025 • 9:34 AM

මංගල සමරවීර සිවුවස් මතක සැමරුම දා ‘රවාෂ’ එළිදකියි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට ප්‍රධාන දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර දිවි ගමනින් නික්මගොස් වසර හතරක් ගත වීම
  • මෙම අවස්ථාවට මංගල සමරවීර මහතාගේ සහෝදරිය ජයන්ති සමරවීර ඇතුළු හිතවතුන් මෙන්ම ඔහුත් සමග කාලයක් තිස්සේ සමිපව කටයුතු කළ බොහෝ පිරිසක් එක්ව සිටියා.
  • ඉන් පසු සැමරුම් උත්සවය වඩාත් සුවිශේෂී මොහොතක් බවට පත් කරමින් මංගල සමරවීර ජීවත්ව සිටි සමයේ ඔහුගේ ආරාධනය මත ප්‍රවීණ ලේඛක සුජිත් අක්කරවත්ත විසින් ලේඛන ගත කිරීම අරඹා තිබූ “රවාෂ” නම් භාවමය ඉතිහාසය කෘතිය එළිදැක්වීම සිදු උනා.
  • එමෙන්ම ඔහු විසින් මෙම ඉතිහාස ලිවීම් ආරම්භ කළේ මීට වසර කිහිපයකට පෙර බවත් එහිදී මංහල සමරවීර හමුවීම සහ ඔහු මීට දැක්වූ සහයෝගය පිළිබඳව ද සුජිත් අක්කරවත්ත විසින් සිය මතකය අවධි කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

නිමිති කොට ගෙන පැවැත්වුණු ‘මංගල සමරවීර සිවුවස් මතක සැමරුම' පසුගියදා (05) කෝට්ටේ "තුංමංහංදිය"පරිශ්‍රයේදී පැවැත්වුණා.

මෙම අවස්ථාවට මංගල සමරවීර මහතාගේ සහෝදරිය ජයන්ති සමරවීර ඇතුළු හිතවතුන් මෙන්ම ඔහුත් සමග කාලයක් තිස්සේ සමිපව කටයුතු කළ බොහෝ පිරිසක් එක්ව සිටියා.

සැමරුම් උත්සවය ආරම්භ වූයේ මංගල සමරවීර ජීවත්ව සිටි කාලයේ බොහෝ ප්‍රිය කල ගීතයක් වූ ජෝන් ලෙනන්ගේ ‘Imagine’ ගීතයේ අපූර්ව සංගීත වාදනයක් සමගයි.

ඉන් පසු සැමරුම් උත්සවය වඩාත් සුවිශේෂී මොහොතක් බවට පත් කරමින් මංගල සමරවීර ජීවත්ව සිටි සමයේ ඔහුගේ ආරාධනය මත ප්‍රවීණ ලේඛක සුජිත් අක්කරවත්ත විසින් ලේඛන ගත කිරීම අරඹා තිබූ “රවාෂ” නම් භාවමය ඉතිහාසය කෘතිය එළිදැක්වීම සිදු උනා.

මෙහි විශේෂත්වයක් වූයේ සුජිත් අක්කරවත්ත විසින් මීට පූර්වයෙන් රචිත “වායාම” නම් කෘතිය ද මංගල සමරවීර නික්ම යාමේ මතකය නිමිති කොට ගෙන පැවති සැමරුම් උත්සවයකදී ජනගත වී තිබීමයි.

ඒ අනුව “රවාෂ” කෘතිය පිළිබඳව සුජිත් අක්කරවත්ත සමග කතිකාවතක් ද මෙහිදී සංවිධානය කොට තිබූ අතර මෙම සංවාදය මෙහෙයවනු ලැබුවේ නිවේදක නාරද බක්මීවැව විසිනි.


සංවාදයේදී නාරද විසින් සුජිත් අක්වරවත්ත්ගෙන් මේ අකාරයෙන් ඉතිහාසයේ ශෘංගාර භාවමය කලාපයන් ලියා තැබීමේ විශේෂත්වය ගැන විමසා සිටි අතර, මෙහිදී අදහස් දක්වමින් සුජිත් අක්කරවත්ත විසින් සදහන් කළේ වර්තමානයේ බොහෝ දෙනා ඉතිහාසයේ භාවමය කලාපයන් මගහැර යන බව ද මෙලෙස ඉහිහාසයේ භාවමය කලාපයන් තමන් ලියන්නට තීරණය කළ විටද ඔහුගේ ගුරුවරුන් ඇතුළුව බොහෝ දෙනා මේවා නොලියන මෙන් පැවසු බවයි.


නමුත් ශෘංගාරය නොමැතිව සමාජයක ජීව පැවැත්ම පවතින්නේ නැති බවත්, ඉතිහාසයේ මුල් කතුවරුන් විසින් තම ඉතිහාස කෘති වල මානව භාව ආල රාග කලාපයන් ඉතා විවෘතව මතු කර තැබූ බවත් පැවසූ ඔහු,එය අනුගමනය කරමින් තමන් මෙම ඉතිහාසයේ භාවමය කලාපයන් ලියාතැබීමට උත්සුක වූ බවද පැවසුවා.

එමෙන්ම ඔහු විසින් මෙම ඉතිහාස ලිවීම් ආරම්භ කළේ මීට වසර කිහිපයකට පෙර බවත් එහිදී මංහල සමරවීර හමුවීම සහ ඔහු මීට දැක්වූ සහයෝගය පිළිබඳව ද සුජිත් අක්කරවත්ත විසින් සිය මතකය අවධි කළා.

කෘතිය එළිදැක්වීමේ අවස්ථාවෙන් පසු මංගල සමරවීර ව්සින් ආරම්භ කළ රැඩිකල් මැද ව්‍යාපෘතිය විසින් මැදිහත් වූ විශේෂ සිදුවීම් තුනක් පිළිබඳව සාකච්ඡාව සදහා උත්සවයේ සංවාද මණ්ඩපය වෙන් විය.

ඉන් එක් සිදු වීමක් වූයේ කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට තහනම් කරමින් පනවා තිබූ විධි විධාන වලට එරෙහිව රැඩිකල් මැද සාමූහිකය මැදිහත් වූ අකාරය පිළිබඳවයි , මෙහිදී මේ පිළිබඳව සංවාදයට එක්වෙනමින් අචාර්ය රොහාන් සමරජීව සහ රන්දුලා ද සිල්වා ද අදහස් පළ කළා.

දෙවන සංවාද මාතෘකාව වූයේ වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳවයි.මෙහිදී මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව හසල දැනුමක් හා අත්දැකීම් බහුල විද්වතෙක් වන අචාර්ය සුජාතා ගමගේ අදහස් පළ කළා. මෙහිදී එක් අවස්ථාවක ඇය සදහන් කළේ වර්තාමානයේ මෙරට පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යව ඇති මොහොතක රැඩිකල් මැදක මැදිහත් අවශ්‍යම මොහොතක් බව දැනෙනා බවයි.

එම අදහස් දැක්වීමෙන් පසු අනාගත කතාව ලෙස ‘සමරිසි බව අපරාධයක් ද?’ යන මාතෘකාව යටතේ සංවාදය පැවැත්වුණු අතර මෙහිදී මෙහිදී දේශපාලන හා සංස්කෘතික විචාරක චින්තන ධර්මදාස අදහස් පළ කරනු ලැබූවා.

මේ අයුරින් ‘මංගල සමරවීර සිවුවස් මතක සැමරුම’ මංගල සමරවීර දේශපාලනඥයෙකු ලෙස මෙන්ම කලා රසවතෙකු ලෙසද සමාජයට සිදු කළ මැදිහත් වීම යළි මතකයට එක් කළ අපූර්ව සැදෑවක් බවට පත් වූ අතර වඩාත් නිදහස් සහ උසස් සමාජයක් බිහි කිරීම වෙනුවෙන් ඔහු විසින් පුරෝගාමී වූ දේශපාලන හා සංස්කෘතික කාර්යයන් ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම ප්‍රකට වූ අවස්ථාවක් බවට පත් විණි.

මතු දැක්වෙන්නේ ‘මංගල සමරවීර සිවුවස් මතක සැමරුම' විශේෂ අවස්ථා කිහිපයක්.

| mirrorarts.lk

mangala 4 1

 mangala 4 2

 

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...