BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

බාලාවතාරො පෙළ සහ බාලාවතාරය ගඩලාදෙණිය සන්නය නිකුත් කෙරේ

T

The Leader

September 11, 2025 • 10:07 AM

 බාලාවතාරො පෙළ සහ බාලාවතාරය ගඩලාදෙණිය සන්නය නිකුත් කෙරේ   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාලි භාෂාව ශාස්ත්‍රානුකූලව ඉගෙන ගැනීම උදෙසා සම්පාදනය කළ සියවස් පැරණි බාලාවතාරො පෙළ සහ බාලාවතාරය ගඩලාදෙණිය සන්නය කෘති නැවත මුද්‍රණය කෙරේ.
  • 13 සෙනසුරාදා පෙරවරුවේ සියම් නිකායේ මල්වතු හා අස්ගිරිය මහා නායක හිමිපාණන් වහන්සේලා වෙත එහි පළමු පිටපත් පිරිනැමිමට නියමිතය.
  • 1300 දී පමණ ග්‍රන්ථකරණය කරන ලද බව ඉතිහාසය දක්වයි.
  • ඉනික්බිතිව තුන්වන ධම්මකිත්ති නායක හිමිපාණන් වහන්සේ විසින් ගඩලාදෙණි සන්නය සකස් කර ආධුනිකයින්ගේ පහසුව උදෙසා මෙහි භාෂා විලාශය තවත් ලිහිල් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කෘති දෙකම එක සංස්කරණයක් වශයෙන් පළ කර ඇති අතර සැප්. 13 සෙනසුරාදා පෙරවරුවේ සියම් නිකායේ මල්වතු හා අස්ගිරිය මහා නායක හිමිපාණන් වහන්සේලා වෙත එහි පළමු පිටපත් පිරිනැමිමට නියමිතය.

පාලි භාෂා සංරක්ෂණ හා පාලි භාෂාව ව්‍යවහාරය ප්‍රචලිත කරන අරමුණ ඇතිව 'පාත්ෆයින්ඩර් පදනම' ආරම්භ කළ ව්‍යාපෘතියට අනුව පළ කළ මෙම කෘතිය එදින පස්වරු 3.00ට මල්වතු හා අස්ගිරිය උත්තරීතර කාරක සංඝ සභා වෙත භාර කෙරෙන අතර එම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ ඇතුළු ගිහි පැවැදි පිරිසක් සහභාගීවීමට නියමිතය.

 බාලාවතාරො පෙළ පාලි භාෂාව ශාස්ත්‍රානුකූලව ඉගෙන ගැනීම උදෙසා මහනුවර ගඩලාදෙණි රජමහ විහාරස්ථානයේ වැඩ වාසය කළ ද්විතීය ධම්මකිත්ති නායක හිමිපාණන් වහන්සේ විසින් ක්‍රි.ව. 1300 දී පමණ ග්‍රන්ථකරණය කරන ලද බව ඉතිහාසය දක්වයි. ඉනික්බිතිව තුන්වන ධම්මකිත්ති නායක හිමිපාණන් වහන්සේ විසින් ගඩලාදෙණි සන්නය සකස් කර ආධුනිකයින්ගේ පහසුව උදෙසා මෙහි භාෂා විලාශය තවත් ලිහිල් කර ඇත. මුල් ආකෘතිය වෙනස් නොවන පරිදි පර්යේෂණාත්මකව මෙම කෘති සංස්කරණය කර ඇත.

 
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන අංශයේ සහය කතිකාචාර්ය වැලිවිට සංරණංකර හිමිපාණෝ කෘතිය එළිදක්වන අවස්ථාවේ දී පාලි භාෂා භාවිතය ගැන විශේෂ දේශණයක් ද පැවැත්විමට නියමිතය.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මුද්‍රණය සඳහා අනුග්‍රහය දක්වා ඇති මෙම කෘතිය: විහාරස්ථාන, පිරිවෙන්, විශ්වවිද්‍යාල පාලි අධ්‍යයන අංශ සහ පුස්තකාලවලට නොමිලේ පිරිනැමේ.

94114529952-3 අංකවලට කතා කිරීමෙන් හෝ  pm@pathfinderfoundation.org ලිපිනයට ඊමේල් පණිවුඩයක් එවීමෙන් වැඩි දුරටත් තොරතුරු ලබාගත හැකි ය.

 WhatsApp Image 2025 09 11 at 8.24.26 PM

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...