BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

“ගුරු ගීතය අයිලය” සංස්කෘතික කලාපය වැලිමඩ දී - ටිල්වින් සිල්වාගෙන් විශේෂ දේශනයක්

T

The Leader

September 12, 2025 • 2:03 AM

“ගුරු ගීතය අයිලය” සංස්කෘතික කලාපය වැලිමඩ දී - ටිල්වින් සිල්වාගෙන් විශේෂ දේශනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ පළමුවරට ගුරු ගීතය නවකතාව පදනම් කර ගනිමින් එහි දැක්වෙන අයිලය බඳු වූ ඌවපරණගම මැතිවරණ කොට්ඨාසයේ හාඟිලි ඇල්ල ග්‍රාමය තුළ සාහිත්‍ය කලා සංස්කෘතික උළෙලක් සංවිධානය කර ඇත.
  • එම පිහිටීම සහ පවුල් 200ක් පමණ වූ එම ග්‍රාමයේ ජනතාව පදනම් කර ගනිමින් ඌව පරණගම ප්‍රාදේශීය සභාව සහ අයිලයේ අපි සාහිත්‍ය කලා සංසදය විසින් සාහිත්‍ය මාසයේ දී මෙම සංස්කෘතික උළෙල පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කෙරෙමින් පවතී.
  • මෙම මස 17 සහ 18 යන දෙදින පුරා, ප්‍රධාන මාර්ගයෙන් ඈත්ව ආරම්භ වන කඳු ගැටයේ සිට කිලෝ මීටර් එකහමාරක් පමණ දුරකින් යුක්ත එම ග්‍රාමයට ප්‍රවේශ වීමේ මාර්ගය මෙම සංස්කෘතික කලාපය ලෙස තෝරාගෙන ඇත.
  • වීරකෝන් සහ ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රමුඛ සම්පත්දායකයින් විසින් මෙම සංස්කෘතික උළෙල පෝෂණය කිරීමට නියමිත ය.
අකුරු ප්‍රමාණය (Font Size):


වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර් 08ක් පමණ ඈතින් වූ මෙම හුදකලා ගම්මානය සැබවින්ම ගුරු ගීතයේ හඳුන්වාදෙන අයිලය බඳු භූගෝලීය පසුබිමක පිහිටා ඇත. එම පිහිටීම සහ පවුල් 200ක් පමණ වූ එම ග්‍රාමයේ ජනතාව පදනම් කර ගනිමින් ඌව පරණගම ප්‍රාදේශීය සභාව සහ අයිලයේ අපි සාහිත්‍ය කලා සංසදය විසින් සාහිත්‍ය මාසයේ දී මෙම සංස්කෘතික උළෙල පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කෙරෙමින් පවතී.

මෙම මස 17 සහ 18 යන දෙදින පුරා, ප්‍රධාන මාර්ගයෙන් ඈත්ව ආරම්භ වන කඳු ගැටයේ සිට කිලෝ මීටර් එකහමාරක් පමණ දුරකින් යුක්ත එම ග්‍රාමයට ප්‍රවේශ වීමේ මාර්ගය මෙම සංස්කෘතික කලාපය ලෙස තෝරාගෙන ඇත. ආරම්භයේ දී කඳු මුදුනේ ඉතා මනරම් ස්වභාවික පරිසරය, කුඩා වැව, කණිටු විදුහල පසුකරමින් පන්සල දක්වා සංස්කෘතික කලාපය ලෙස ග්‍රාමීය විවිධ සංස්කෘතික ක්‍රියාකාරකම් දැක්වෙන ප්‍රදර්ශන කුටි, විවේකී සංවාද මණ්ඩප, සම්මානලාභී ගොවියෙකුගේ ගෙවත්තක් ද ඇතුළත්ව මෙම සංස්කෘතික කලාපය හඳුන්වා දී තිබේ.

රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී නීතිඥ විරාජිනී තෙන්නකෝන්, සුදත් ගාමිණී බණ්ඩාර, නිස්සංක විජේමාන්න, පද්මිනී ශ්‍රියාලතා, චිරත් විජේසූරිය, රුසියානු සමාජය පිළිබඳ විශේෂ ගවේෂිකාවක වූ වෛද්‍ය අයි. වීරකෝන් සහ ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රමුඛ සම්පත්දායකයින් විසින් මෙම සංස්කෘතික උළෙල පෝෂණය කිරීමට නියමිත ය.

වැඩසටහන් විස්තරය:

* සැප්තැම්බර් 17වන දින දවස පුරා ග්‍රාමීය ජනතාවගේ අනන්‍යතා සහිත සංස්කෘතික ක්‍රියාකාරකම් පැවැත්වේ.

* එදින සවස 6.00ට පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමියන් විසින් රචිත ගීත විචාරය - ප්‍රවීණ සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක

* සැප්තැම්බර් 18 ග්‍රාමීය ජනතාවගේ අනන්‍යතා සහිත සංස්කෘතික ක්‍රියාකාරකම් පැවැත්වෙන අතර, සහෘදයන් එක්වූ සාහිත්‍ය සාකච්ඡා කිහිපයක් පැවැත්වේ.

* එදිනට නියමිත ආරාධිත දේශන - සාහිත්‍යයෙන් නිරූපිත “ක්ලීන් ශ්‍රී ලංකා” පිළිබඳ විමර්ශනයක් - ඌව පළාත් ලේකම් - අනුෂා ගෝකුල

* රුසියානු ආහාර සංස්කෘතිය සහ ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය විද්‍යාත්මක ඇසකින් - වෛද්‍ය අයි. වීරකෝන්

* “සාහිත්‍යයෙන් නිරූපිත ගැහැනිය සහ නීතිය” - රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලාභී - නීතිඥ විරාජිනී තෙන්නකෝන්

* නූතන දුයිෂෙන්ලාගේ අවශ්‍යතාවය - ප්‍රවීණ ලේඛක හා දේශක සචිත් විජේසූරිය

* ගුරු ගීතය පිළිබඳ විචාරය - ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

* හාඟිලි ඇල්ල විදුහල ආශ්‍රීත කලාපයේ ගුරු සහ ශිෂ්‍ය සංස්කෘතික ඉදිරිපත් කිරීම්

යනාදි වශයෙන් විවිධාංග රැසක් සමගින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම අවස්ථාවට පවුලේ සියලු දෙනා සමග සහභාගී වන්නැයි ඌව පරණගම ප්‍රාදේශීය සභාව සහ “අයිලයේ අපි” සාහිත්‍ය කලා සංසදය සියලු සහෘදයන් වෙත ගෞරවයෙන් ඇරයුම් කර සිටිමු.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...