BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'ශ්‍රී ලංකාවේ පාස්කු ඛේදවාචකය' දෙවන මුද්‍රණය නිකුත් කෙරේ

T

The Leader

September 17, 2025 • 9:09 AM

'ශ්‍රී ලංකාවේ පාස්කු ඛේදවාචකය' දෙවන මුද්‍රණය නිකුත් කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැනට වසර හතකටත් අධික කාලයක් ගත වුව ද මෑත ඉතිහාසයේ සිදු වූ බරපතළ ම ඛේදවාචකය වූ 'පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ
  • ආචාර්ය රාජන් මෙසේ සඳහන් කරයි.
  • ‘නීතිය ක්‍රියාත්මක කරවීම දේශපාලන කූඨෝපායක් බවට පත් නොවූයේ නම් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වශයෙන් හැඳින්වෙන සහරාන් ගණන්කාරයෙකුට වැඩි කෙනෙකු නොවනු ඇත.’ පාස්කු ප්‍රහාරයට තුඩු දුන් හේතු සහ එහි දේශපාලනය තේරුම් ගැනීමට මෙම කෘතිය බෙහෙවින් වැදගත් ය.
  • එම කෘතියෙහි දෙවන මුද්‍රණය විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය විසින් දැන් පළ කරනු ලැබ ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

වින්දිතයින්ට  යුක්තිය හෝ සාධාරණත්වය මෙතෙක් ඉටු වී නැත. 

 
තම වගකීම් පැහැර හැරීම පිළිබඳ ජනාධිපති මෙන්ම ආරක්ෂක ඇමති වූ මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එහි වින්දිතයන්ට වන්දි ගෙවීමට නියම වුව ද එය ඛේදවාචකයේ එක පැත්තක් පමණි.

ජනප්‍රිය විවේචනයක් වූ මහමොළකරු තවම හඳුනා ගෙන නැත.

බෝම්බ පිපිරවීමෙන් වසරක් ගතවීමටත් පෙර ආචාර්ය රාජන් හූල් සිද්ධියේ මහමොළකරු පුද්ගලයකු නොව නීතියේ ආධිපත්‍යය බිඳ දැමු පරිපාලන සහ ආරක්ෂක ක්‍රියා පටිපාටි බව මැනැවින් පැහැදිලි කෙළේ ය. 
 
ඔහුගේ Easter Tragedy: When the Deep State Gets Out of Depth කෘතිය මහින්ද හත්තක ''ශ්‍රී ලංකාවේ පාස්කු ඛේදවාචකය'' යනුවෙන් සිංහලට පර්වර්තනය කෙළේ එහි දැක්ම සිංහල පාඨකයාට ද වැදගත් වන බැවිනි.

ආචාර්ය රාජන් මෙසේ සඳහන් කරයි.

‘නීතිය ක්‍රියාත්මක කරවීම දේශපාලන කූඨෝපායක් බවට පත් නොවූයේ නම් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වශයෙන් හැඳින්වෙන සහරාන් ගණන්කාරයෙකුට වැඩි කෙනෙකු නොවනු ඇත.’

පාස්කු ප්‍රහාරයට තුඩු දුන් හේතු සහ එහි දේශපාලනය තේරුම් ගැනීමට මෙම කෘතිය බෙහෙවින් වැදගත් ය. එම කෘතියෙහි දෙවන මුද්‍රණය විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය විසින් දැන් පළ කරනු ලැබ ඇත.

 jdjgkr

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...