BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය සඳහා අත්පිටපත් බාර ගැනේ

T

The Leader

September 18, 2025 • 10:55 AM

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය සඳහා අත්පිටපත් බාර ගැනේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය 2026 වෙනුවෙන්
  • මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ලේඛක/ ලේඛිකාවන් කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට පැමිණ හෝ 0112-687583 අංකයට දුරකතන ඇමතුමක් ලබා දී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
  • අත්පිටපත් බාර ගැනීම 2025 සැප්තැම්බර් 22 සිට 2025 දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක කරන බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අත්පිටපත් බාර ගැනීම 2025 සැප්තැම්බර් 22 සිට 2025 දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක කරන බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පවසයි.

ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය යටතේ: උසස් ශාස්ත්‍රීය, පර්යේෂණ, නවකතා, කෙටිකතා, පද්‍ය, යොවුන් සාහිත්‍ය සහ ළමා කෘති සඳහා ආධාර ලබා දීමට සැලසුම් කර ඇත.

එහි දී හොඳම ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘති සඳහා රුපියල් 150,000ක්, නවකතා සඳහා රුපියල් 125,000ක්, කෙටිකතා සංග්‍රහ සහ විවිධ ශානරයේ කෘති සඳහා රුපියල් 100,000ක්, පද්‍ය, යොවුන් සාහිත්‍ය සහ ළමා කෘති සඳහා රුපියල් 75,000ක් පිරිනැමීමට කටයුතු කරන බවත්, මේ කෘති සියල්ල 2026 වර්ෂයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් එළිදැක්වීමට අපේක්ෂා කරන බවත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ලේඛක/ ලේඛිකාවන් කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට පැමිණ හෝ 0112-687583 අංකයට දුරකතන ඇමතුමක් ලබා දී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය. එසේ ම www.natlib.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සහ Pub@mail.natlib.lk යන විද්‍යුත් ලිපිනය හරහා ද මෙම ව්‍යාපෘතියට අදාළ තොරතුරු සහ අයදුම්පත්‍ර ලබා ගත හැකි ය.

 cfty5654

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...