BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මානවයාගේ නිදහස සීමා කරන රළු තාප්ප පෙරළා දමන 'වජ්ජා'වජ්ජ' - සුමුදු චතුරාණි (ශ්‍රව්‍ය වීඩියෝ)

T

The Leader

October 1, 2025 • 1:03 AM

මානවයාගේ නිදහස සීමා කරන රළු තාප්ප පෙරළා දමන 'වජ්ජා'වජ්ජ' - සුමුදු චතුරාණි (ශ්‍රව්‍ය වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''වජ්ජා'වජ්ජ නවකතාවේ කතුවරයා අපූරු ප්‍රයෝගයක් කරයි.
  • ලෝරන්ස් කියන්නේ සදාචාරය යනු මානවයාගේ නිදහස සීමා කරන රළු තාප්පයක් බවයි.
  • මිනිසාගේ ලිංගිකත්වයට නිදහසේ ගලා යෑමට ඉඩදිය යුතු බව ලෝරන්ස්ගේ අදහසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු, පාත්‍රගත චරිත පමණක් නොව පාඨකයා ද රවටයි. ඒ, ඔහුගේ චරිත ගොඩනැගීමේ විධික්‍රමය යි. ඒ ආඛ්‍යාන රටාව වජ්ජා'වජ්ජවලට පමණක් සීමා වූවක් නොවේ. 'තිත්මල්', 'අක් දහර' යනාදි ජයසිරිගේ අනෙක් නවකතාවල ද දක්නට ලැබෙන්නකි.''

 

b6uජයසිරි අලවත්ත
මෙහෙම කියන්නෙ ප්‍රවීණ මාධ්‍යවේදිනියක, ලේඛිකාවක වන සුමුදු චතුරාණි ජයවර්ධන. ඒ, SwanBooks youtube නාලිකාව ඉදිරිපත් කරන Bulugahayata ශ්‍රව්‍ය වීඩියෝවෙ.

එම වීඩියෝවෙ සුමුදු වජ්ජා'වජ්ජ නවකතාව ගැන තව දුරටත් ඇගේ අදහස් පවසමින් මේ විදියට කියනවා.

තිත් මල්''ඩී.එච්. ලෝරන්ස් කියන්නේ සදාචාරය යනු මානවයාගේ නිදහස සීමා කරන රළු තාප්පයක් බවයි. එය පෙරළා දැමිය යුතු, පුපුරවා දැමිය යුතු දෙයකි. මිනිසාගේ ලිංගිකත්වයට නිදහසේ ගලා යෑමට ඉඩදිය යුතු බව ලෝරන්ස්ගේ අදහසයි. සදාචාර අධ්‍යයනයේ දී ප්‍රතික්ෂේප කරනු ලබන මේ මතවාදය, ජයසිරි ස්වකීය සියලු නවකතාවල දී ගුරුකොට ගන්නට උත්සාහ ගනියි. තිත් මල් ඊට එක් උදාහරණයකි.''

ඇය, ඇගේ අදහස පවසන අතර ම ප්‍රවීණ ලේඛකයකු, විචාරකයකු සහ කවියකු වන කේ. කේ. සමන් කුමාර සහ සම්මානනීය කිවිඳියක, ලේඛිකාවක සහ මාධ්‍යවේදිනියක වන අනුරාධා නිල්ණි දෙපළ වජ්ජා'වජ්ජ නවකතාව ගැන දරන අදහස් ද එකතු කරනවා.

wajja wajja
ඊට අමතරව කතුවරයාගේ අදහසක් ද එකතු කරගන්න ඇය සමත් වෙනවා.

පහත පළවෙන ශ්‍රව්‍ය වීඩියෝවට සවන් දෙන්න. එතකොට සුමුදු චතුරාණි වජ්ජා'වජ්ජ නවකතාව ගැන දරන සම්පූර්ණ අදහස වගේ ම ප්‍රවීණ ලේඛකයකු, විචාරකයකු සහ කවියකු වන කේ. කේ. සමන් කුමාර සහ සම්මානනීය කිවිඳියක, ලේඛිකාවක සහ මාධ්‍යවේදිනියක වන අනුරාධා නිල්ණි දෙපළ වජ්ජා'වජ්ජ නවකතාව ගැන දරන අදහස්වලට ද සවන් දෙන්න පුළුවන්.

(සටහන - බද්ධාංජලී පටිභානි)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...