BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල' ඇතුළු ග්‍රන්ථ කිහිපයක් ම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ

T

The Leader

October 2, 2025 • 4:31 AM

'ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල' ඇතුළු ග්‍රන්ථ කිහිපයක් ම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙයට වසර 36කට පෙර එනම්, 1989 ජූලි 31වනදා රටක් හඬවා දැයෙන් සමුගත් ගුවන්විදුලියේ ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනයේ තිත්ත ඇත්ත පිළිබඳව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න නම් ගම් සහිතව කරන ගැඹුරු ගවේෂණාත්මක හෙළිදරව්ව, "ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල" ග්‍රන්ථය 2025 අගෝස්තු 27වන දා ජනගත කෙරිණ.
  • පුවත වූයේ 1989 ජූලි 31 ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනයයි.
  • ජවිපෙ 2වැනි කැරැල්ල 1986 සිට 1990 දක්වා පැවැති අතර එහි අරමුණ වූයේ ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකර ගැනීමේ උපායමාර්ගික ගමන් මඟ අනුව යමින් එය ක්‍රියාවට නැඟීමය.
  • කැරැලිකරුවන් විසින් ජන ජීවිතයට අතිශය හානිකර යැයි කියමින් ලේක්හවුස් සහ ඇත්ත පුවත්පත් 1988 මැයි 20 සිට තහනම් කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):

"ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල" ග්‍රන්ථයේ කවරේ පසුවදන පහත දැක්වේ.

"...හදවත නතර වූවා සේ දැනිණි. දෑස් නිලංකාර විය. එම පුවත දැනුණේ හදවතටය. ඇසුණේ ද හදවතටය. පුවත වූයේ 1989 ජූලි 31 ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනයයි. ජවිපෙ 2වැනි කැරැල්ල 1986 සිට 1990 දක්වා පැවැති අතර එහි අරමුණ වූයේ ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකර ගැනීමේ උපායමාර්ගික ගමන් මඟ අනුව යමින් එය ක්‍රියාවට නැඟීමය. ඒ අනුව කැරැල්ලේ කටයුතුවලට එරෙහි වන්නන් සතුරන් සේ සලකා සමාජයෙන් ‘ඉවත් කිරීම ද’ සිදු විය.

කැරැලිකරුවන් විසින් ජන ජීවිතයට අතිශය හානිකර යැයි කියමින් ලේක්හවුස් සහ ඇත්ත පුවත්පත් 1988 මැයි 20 සිට තහනම් කරන ලදී. එය නොතකා පත්තර විකුණූ සහ බෙදාහැරී පුද්ගලයන් 28ක් රට පුරා ඝාතනය කෙරිණි. එමෙන්ම රජයේ රූපවාහිනි නැරඹූ සහ ගුවන්විදුලිය ඇසූ පුද්ගලයන් 219ක් ඝාතනය කර තිබිණි. ඒ අනුව රජයේ ගුවන්විදුලි සහ රූපවාහිනි 1989 ජූලි 07 සිට හමුදා පාලනය යටතට ගැනීමට ආණ්ඩුව තීරණය කළේය.

DFT 18 5Dharman Wickremaretneකැරැල්ල නිමා වනවිට කලාකරුවන් 17ක් ඝාතනය වූ අතර ඉන් 11ක් කැරැලිකරුවන් විසින් ද 6ක් ආරක්ෂක අංශ මගින්ද ඝාතනය විය. ඒ මහා ඛේදවාචකයේ එක් සන්ධිස්ථානයක් වූයේ ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය යි. ඉන් වසර 36කට පසු එළිදකින මෙම ග්‍රන්ථය ඔස්සේ ඒ සිදුවීම සහ ඒ ආශ්‍රිතව පැනනැඟුණු සිදුවීම් මාලාව පැහැදිලි චිත්‍රයක් සේ විවර කර ඇත. දිවයින පුවත්පතේ එවකට කර්තෘ මාණ්ඩලිකයකු ලෙස Dharman Wickremaretne කැරැල්ලේ මුල්පෙළේ නායකයින්, ක්‍රියාකාරිකයන් රැසක් වෘත්තිය වශයෙන් ඇසුරු කළ ග්‍රන්ථයේ කතුවරයා බොහෝ සිද්ධි සියැසින් දුටු, ඇසූ සහ වාර්තා කළ ජනමාධ්‍යවේදියෙකි.

අසූව දශකයට යළි පාඨක මනස යොමු කරන මෙම කෘතිය භීෂණ යුගයේ සමස්ත දේශපාලනය ම හකුළුවා දක්වන සංකේතයක් බඳුය. එය ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාවේ නව සම්ප්‍රාප්තියක් ද සටහන් කර ඇත. ජවිපෙ 2වැනි කැරැල්ල පිළිබඳව සම්භාවනාවට පත්වූ ග්‍රන්ථ 4ක් සම්පාදනය කළ කතුවරයාගේ 55 වන ග්‍රන්ථය මෙයයි.

කතුවරයා විසින් සම්පාදිත මෙම ග්‍රන්ථය ඇතුළු තවත් ග්‍රන්ථ කිහිපයක් ම මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් මිලදී ගත හැකිය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...