BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

වලත්ත පොත් ගැන ඔය තරම් කලබල විය යුතු නැහැ | එරන්ද ගිනිගේ

T

The Leader

October 6, 2025 • 6:15 AM

වලත්ත පොත් ගැන ඔය තරම් කලබල විය යුතු නැහැ | එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වලත්ත පොත් ගැන ඔය තරම් කලබල විය යුතු නැහැ. Gen Z ලා ඔක්කොම අවලිංගික වලත්තයො ගාණට දැමීම අසාධාරණයි.
  • ලංකාවේ ටෙලිනාට්‍ය හෝ චිත්‍රපට බොහෝමයක් පවා නිර්මාණ නොවෙයි.
  • ගෙවල් ඇතුළේ මිනිස්සු කථා කරන දේ, කාමර ඇතුළේ කරන දේ, පොලිසියේදී වෙන දේ… නැවත පෙන්වීම නිර්මාණ නොවෙයි.
  • ඒවා ඉතාම සුන්දර ලෙස හඟවා තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

වයස 25 ක් වත් නැති උන් ටික තවම ජීවිතය ගැන මොනවාද දන්නේ.... උන් හෙන පොරවල් වගේ හිතුවට වයසට යනකොට ඔය ගතිය හොඳ වෙනවා. අනික ඔය පරම්පරාවේ තිබෙන අසහන පීඩනය ඔය වගේ එකකින් හරි පිට වෙන එක හොඳයි.

වලත්තකම පොදු මිනිස් ස්වභාවයක්. කාමය ඉතාම ප්‍රබල තණ්හාවක්. වලත්ත පොත් වැඩිපුර විකිණීමත් අමුතු දෙයක් නොවෙයි. Porn කියන්නේ ලෝකයේ විශාලතම industry එකක්. අදින් පස්සේ ලංකාවේ සාහිත්‍යය ඉවරයි වගේ කථා ඉතාම බොළඳයි. ප්‍රබුද්ධ සාහිත්‍යය බැබළෙන්න නම් අප්‍රබුද්ධ සාහිත්‍යය තිබිය යුතු යි. ඔක්කොම ගල් මැණික් වුණොත් වැඩක් නැහැ. මැණික් කැටවලට වටිනාකමක් ලැබෙන්නේ ඒවා දුර්ලභ නිසා.

අනික porn වලට addict වෙන මිනිහාට අවසානයේ තමන්ගේ සාරය අහිමි වෙනවා. උන්ගේ පවුල් ජීවිත විනාශ වෙනවා. රැකියා අවුල් වෙනවා. එහෙම වෙන අයට නැවත ජීවිතය හොයා ගන්න වෙනවා. එතකොට ඔවුන් ප්‍රබුද්ධ සාහිත්‍යයට එනවා. නැත්නම් වඳ වෙලා යනවා. මේක අලුත් දෙයක් නොවෙයි. ඕනෑම යුගයක ඕනෑම සමාජයක මේ චක්‍රය කැරකෙනවා.

 

Blue White Simple T Shirt Size Chart Facebook Post 50

ඉරාජ් වීරරත්නට වුණේ ඒක. එයා porn සින්දු හැදුවා. ඒවා මිලියන ගණනක් බැලුවා. නමුත් අවසානයේ එයාට එයාගේ නිර්මාණශීලීත්වය අහිමි වුණා. දැන් කියන්නේ මුල් කාලේ ගැයූ පරණ ගීත. එයා දැන් සමන්ත භද්‍රගෙන් බණ අසමින් අහිමි වුණු සාරය හොයනවා.

නිර්මාණයක් යනු පියවි ලෝකයේ කරන කියන සියල්ල ඒ ආකාරයෙන් ම නැවත ඉදිරිපත් කිරීම නොවෙයි. ඒ සඳහා කිසිදු නිර්මාණාත්මක හැකියාවක් අවශ්‍ය නැහැ. උදාහරණයක් හැටියට චින්තන ධර්මදාස කියන්නේ නිර්මාණකරුවෙක් නොවෙයි. චින්තනට එහෙම වෙන්න අවශ්‍යතාවයක් තිබෙනවා කියා මා හිතන්නෙත් නැහැ. කොහොමත් අතිමහත් බහුතරයකට නිර්මාණකරුවෙක් වෙන්න බැහැ. ලංකාවේ ටෙලිනාට්‍ය හෝ චිත්‍රපට බොහෝමයක් පවා නිර්මාණ නොවෙයි. ගෙවල් ඇතුළේ මිනිස්සු කථා කරන දේ, කාමර ඇතුළේ කරන දේ, පොලිසියේදී වෙන දේ… නැවත පෙන්වීම නිර්මාණ නොවෙයි. නිර්මාණයක් සඳහා පරිකල්පනය අත්‍යවශ්‍යයි.

 

Diverse group of friends discussing a book in library. Directly above.
නිර්මාණයක් තුළින් විවිධ වේදනාවන් ජනිත කරවිය යුතුයි. රාග වේදනාව පමණක් ජනිත කරවීම අපරිපූර්ණයි. ආදරය, ප්‍රේමය, රාගය වගේ ම අහිමිවීම, ජය පරාජය, තරහාව, ඊර්ෂ්‍යාව, උමතුව, උද්වේගය, අනුකම්පාව, ප්‍රීතිය, උපේක්ෂාව ආදී විවිධ හැඟීම් උද්දීපනය කරමින් පාඨකයා පරිකල්පිත ලෝකයක ගමනක් ගෙන යා යුතුයි. එය ඉතාම වගකීමෙන් සහ තුලනයකින් කළ යුතු කාර්යයක්. එය අවසානයේ ඔර්ගැසම් එකකට පස්සේ එන හැඟීම පමණක් නම් ඉතුරු වන්නේ ඵලක් නැහැ. නිර්මාණකරුවාට තිබෙනවා මානව සමාජයේ යහ පැවැත්ම වෙනුවෙන් අත්හළ නොහැකි සදාචාරමය වගවීමක්.

වලත්ත පොත් වැඩිපුර කියවීමෙන් වෙන්නේ ඒ යෞවනයට හෝ යුවතියට ජීවිතයේ ලස්සන ම කලාපයක් අහිමි වීම පමණයි. කුඩා කල සිට කියවූ පොත පතින් අප ජීවිතය උගත්තා. නව යොවුන් වියට එළඹෙන විට ආදරය, ප්‍රේම සම්බන්ධතා, විවාහය, සංසර්ගය, විරහාව වැනි විෂයයන් අප කියවූයේ නවකතාවකින් හෝ කෙටි කතාවකින්. නමුත් ඒවා අමුවෙන් ලියා තිබුණේ නැහැ. ඒවා ඉතාම සුන්දර ලෙස හඟවා තිබුණා. පාඨකයාට මවාගන්න දේ ඉතුරු කර තිබුණා. ආදරය යන ගෞරවාන්විත අන්තයත්, රාගය යන කාමුක අන්තයත් මැද්දේ ප්‍රේමය දැනෙව්වා. ඒ ලස්සන කාලය ඔය porn හෝ soft porn වලින් කිසිසේත් ම ලැබෙන්න නැහැ. එය ඔවුන්ගේ අහිමිවීම.

මාගේ යෝජනාව නම් ඔය කාම රැල්ලට ඔහොම යන්න දිය යුතුය කියා ය. ඔය වගේම porn රැල්ලක් ආවා 90 දශකයේ. ඒවා ආව වේගයෙන් ම ආපසු ගියා. එයින් ලංකාවේ ප්‍රබුද්ධ සාහිත්‍යය නිර්මාණ මතුවීම නැවතුණේ නැහැ. ඕක ගැන ඕනෑවට වඩා කියවන්න යෑමෙන් වෙන්නේ එය තවත් ප්‍රසිද්ධ වීම පමණයි. ධර්මය අපට මග වේවා!

ජවිපෙ බලය අල්ලන ගේම -(එරන්ද ගිනිගේ)(සටහන |එරන්ද ගිනිගේ)
කර්තෘ - අවතරණය

BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

උපුටා ගැනීම : ගිනිහුළ
2025 ඔක්තෝබර් 6
eranda.ginige@gmail.com

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...