BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

චතුර ගේ නිරීක්ෂණය වංගීසගේ ඇසින්....

T

The Leader

October 8, 2025 • 5:45 AM

චතුර ගේ නිරීක්ෂණය වංගීසගේ ඇසින්....

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චතුර ජයතිලක සහෝදරයා සාහිත්‍යකරුවන්ට සමකාලීන වෙළඳපොළ තුළ අත්ව ඇති දෛවය ගැන වැදගත් නිරීක්ෂණයක් කර තිබුණි.
  • ඒවා දකින විට මා පසුගිය සතිය දෙක තුළ දැමූ පෝස්ටු සම්බන්ධයෙන්ද ඇති වන්නේ ලැජ්ජාවකි.
  • 90 දශකයේ බුද්ධිමය හැරවුම පසුකර යන අලුත් දැනුමක් නමුත් මෙහි ප්‍රශ්නය වන්නේ අපට වෙනත් තෝරාගැනීමක් නොමැති වීම යි.
  • මේ පෝස්ටු දමන සියලු දෙනා විකුණන පොත්වලට ඇත්තේ එකම අර්ථයක් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සත්‍ය වශයෙන් ම මගේ ෆේස්බුක් ගිණුමේ උඩ සිට පහළට යන තුරු බහුතරයක් තිබෙන්නේ එක් එක් ආකාරයේ පොත් ප්‍රවර්ධනය කරන පෝස්ටු ය. ඒවා දකින විට මා පසුගිය සතිය දෙක තුළ දැමූ පෝස්ටු සම්බන්ධයෙන්ද ඇති වන්නේ ලැජ්ජාවකි.


90 දශකයේ බුද්ධිමය හැරවුම පසුකර යන අලුත් දැනුමක්

නමුත් මෙහි ප්‍රශ්නය වන්නේ අපට වෙනත් තෝරාගැනීමක් නොමැති වීම යි. මේ පෝස්ටු දමන සියලු දෙනා විකුණන පොත්වලට ඇත්තේ එකම අර්ථයක් නොවේ. අවම වශයෙන් ඒවා සියල්ල ධනේශ්වර තර්කනයට අයත් වනවා කියා හෝ පහසුවෙන් කිව හැකි නොවේ. මා ඇතුළු කීප දෙනෙක් පසුගිය දින කීපයේ ප්‍රවර්ධනය කළ පොත්වලින් අපට අත්වන මූල්‍යමය ප්‍රතිලාභයක් නැත. මට පුද්ගලිකව සතපහක මුදලක් ඒ පොත්වලින් හිමි වන්නේ නැත. අප මේවා ප්‍රවර්ධනය කළේ අප ලංකාවේ 90 දශකයේ බුද්ධිමය හැරවුම පසුකර යන අලුත් දැනුමක් ලංකාවට හඳුන්වා දෙමින් සිටිනවා කියන එක හැකිතාක් හඬ නගා කීමේ අරමුණින් පමණි. ඒ සඳහා අපට යොදා ගන්නට තිබෙන්නේ ද මෙම පොදු වේදිකාවයි.
 
image dd21fd0f9a
'මුද්දරස්පලම්' වර්ගයේ ව්‍යාපෘති

සිය නිර්මාණ හැකිතාක් පිරිසක් වෙත ගෙන යෑමේ අරමුණින් මෙවැනි දේ කරන සාහිත්‍යකරුවන් / සාහිත්‍යකාරියන්ද මෙහි සිටිනා බව මම දනිමි. ඔවුන් ද මුදල් පසුපස හඹා යන්නන් කියා මට සිතෙන්නේ නැත. ගවේෂණාත්මක මාධ්‍යවේදියෝ සිය සොයාගැනීම් වැඩි පිරිසක් අතරට ගෙන යෑමට උත්සාහ කරනවා ද මම දුටුවෙමි. ඒවායින් මූල්‍ය ලාභ ලැබෙන්නේ වුවත් ඔවුන් ඒවා කරන්නේ එම අරමුණින් කියා මට සිතෙන්නේ නැත. නමුත් මේ අතර 'මුද්දරස්පලම්' වර්ගයේ ව්‍යාපෘති, පුද්ගල මමංකාරය වෙනුවෙන් කරන ව්යාවපෘති වැනි දේද ඇත. ගැටලුව වන්නේ ඒවා සහ අනෙක් ඒවා අතර වෙනසක් ලකුණු කරන්නට අපහසු වීමයි. ෆේස්බුක් නම් ආකෘතිය යටතේ අපට සියල්ල එකම අච්චුවකින් ඉදිරිපත් කරයි. එනිසා සියල්ල පෙනෙන්නේ එකම අප්‍රසන්න දසුනක් ලෙසයි.

කියවීමේ සම්බන්ධය අඛණ්ඩව ඉදිරියට
 
image d4ae9246a9
මට තේරෙන ආකාරයට මෙයට එක් විසඳුමක් වන්නේ මේ පොත් උන්මාදය ලේඛක-පාඨක සන්ධානයක් බවට වර්ධනය කරගැනීමට උත්සාහ කිරීමයි. අවම වශයෙන් අප උත්සාහ කරන්නේ ඉදිරි කාලයේ දී අපේ පොත් ගත් සියලු දෙනා සමග සංවාදය ඉදිරියට ගෙන යාමටයි. මෙය 'පොත් බිස්නස්' එකකට වැඩි ගෞරවනීය මිනිස් සම්බන්ධයක් කියා තහවුරු කළ හැක්කේ ඒ ආකාරයටයි. දසදහස් ගණන් පොත් විකිණෙන අයට මෙය එතරම් පහසු නොවිය හැකි ය. නමුත් මේ උනන්දුව පොත් මාසයට සීමා නොකරමින් මේ කියවීමේ සම්බන්ධය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අප උත්සාහ කරන්නේ නම් මෙය 'මුද්දරස්පලම්' වලට වඩා වැඩි දෙයක් බවට පත්කිරීමට අපට උත්සාහ කළ හැකිය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...