BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සංගීතය සහ කවිය ආත්ම කරගත් 'සයියාරා'

T

The Leader

October 9, 2025 • 5:14 AM

සංගීතය සහ කවිය ආත්ම කරගත් 'සයියාරා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෝහිත් සූරි විසින් අධ්‍යක්ෂණය කරන ලද 'සයියාරා' චිත්‍රපටය දැඩි චිත්තවේගීය තේමාවන් කේන්ද්‍ර කරගත් ආදර සංගීතමය නාට්‍යයකි.
  • සම්භාව්‍ය බොලිවුඩ් සංගීතය සමග එක්වුණ ප්‍රේමයේ සුන්දරත්වයත් විරහවේ ශෝකී බවත් මිශ්‍රිත වුණ සයියාරා අපුර්ව චිත්‍රපටයකි.
  • සයියාරා තරුණ ආත්මයන් දෙකක කැලඹිලි සහ ඝට්ටන ඔස්සේ ගලා යන ප්‍රේමයක්, පරිත්‍යාගශීලි බව තීව්‍ර කරන නිර්මාණයකි.
  • සයියාරා හි කතා නායකයින් වන්නේ ආවේගශීලී රොක් තරුවක් වන ක්‍රිෂ් කපූර් සහ ලැජ්ජාශීලී, ආදර ලේඛිකාවක් සේම මාධ්‍යවේදිනියක වන වානි බත්‍රා අතර ඇතිවන ප්‍රේමයෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):


චිත්‍රපටයෙහි නිෂ්පාදනය යාෂ් රාජ් ෆිල්ම්ස් විසිනි. සම්භාව්‍ය බොලිවුඩ් සංගීතය සමග එක්වුණ ප්‍රේමයේ සුන්දරත්වයත් විරහවේ ශෝකී බවත් මිශ්‍රිත වුණ සයියාරා අපුර්ව චිත්‍රපටයකි. සයියාරා තරුණ ආත්මයන් දෙකක කැලඹිලි සහ ඝට්ටන ඔස්සේ ගලා යන ප්‍රේමයක්, පරිත්‍යාගශීලි බව තීව්‍ර කරන නිර්මාණයකි.

සංගීතය ද, ප්‍රේමය ද...

56n5656
සයියාරා හි කතා නායකයින් වන්නේ ආවේගශීලී රොක් තරුවක් වන ක්‍රිෂ් කපූර් සහ ලැජ්ජාශීලී, ආදර ලේඛිකාවක් සේම මාධ්‍යවේදිනියක වන වානි බත්‍රා අතර ඇතිවන ප්‍රේමයෙනි. ඔවුන් දෙදෙනා සතු කලාත්මක හැඟීම් සහ අදහස් තුළින් වානිට අහිමු වූ ඇයගේ හඬ සහ විශ්වාසය ඇය සොයා ගන්නී ය. මොවුන්ගේ ප්‍රේමය නිරුපණය කරන්නේ ඔවුනොවුන්ගේ අතීත කම්පන හරහා ඇතිවූ ඛේදනීය තත්ත්ව සුව කිරීමේ ඔසුවක් ලෙස ය.

වානි යනු ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන මතක ශක්තිය අහිමි වීමකට ලක්වන තරුණියකි. ක්‍රිෂ් තමන්ගේ සංගීත හීනය සැබෑ කරගැනීමේ අරමුණින් දිගු ගමනක් යෑමට හීන දකින තරුණයෙකි. මෙම සිදුවීමේ දී ඔහුව තෝරාගැනීම් දෙකකට දෛවය විසින් මුහුණ දීමට සිදු කරයි. එනම් සංගීතය වෙනුවෙන් කැප වෙනවා ද, නැතහොත් තම පෙම්වතියගේ ප්‍රේමය වෙනුවෙන් කැප වෙනවා ද යන්න ය.

'සයියාරා' ආදරණීය නමක්

07qo7sv4 saiyaara 160x120 22 July 25
චිත්‍රපටය තුලින් ප්‍රේක්ෂකයින්ට ගැඹුරු සේම සංවේදී පැනයක් ඉදිරිපත් කරයි. එනම් තම ආදරණියයාගේ මතකය අහිමි වුවහොත් ඔවුනොවුන් අතර තිබෙන ප්‍රේමය අහිමි වීමට එය හේතුවක් වේවි ද, නැතහොත් එම ප්‍රේමය සදාකාලිකව ම පැවතේ ද යන්න ය. සයියාරා යන නමින් සංකේතවත් වන්නේ මෙම තේමාවයි. සංකේතාත්මක බැවින් මහත්සේ පරිපුර්ණ චිත්‍රපටියක් වූ සයියාරේ තේමා කිහිපයකින් සමන්විත ය.

"සයියාරා" නමැති වචනය ව්‍යුත්පන්න වී ඇත්තේ "චලනය" හෝ "ගමන් කිරීම" යන අර්ථය ඇති "සයියාරා" යන අරාබි වචනයෙනි. සයියාරා චිත්‍රපටයේ අන්තර්ගත සංගීතය මොවුන්ගේ ප්‍රේමයේ සහ වියෝවේ භාෂාවයි. ඒ ඔස්සේ හර්දයාංගම බව සහ චිත්තවේගිය සන්දර්භයක් ඇති කරයි. එය මොවුන් එක් කරන පාලමක් සේ පෙන්වා දෙයි. අවසානයේ වානිගේ මතකය නැති වුව ද ඇය සමග නැවත එක් වීමට ඔහුට සංගීතය උපකාරී වේ.

සයියාරා යන වදන ක්‍රිෂ් වානිට ලබා දෙන ආදරණීය නමක් වන අතර පසුව එය ඔවුන්ගේ ආදරයේ අස්ථිර බව, සුන්දර බව, හර්දයාංගම බව සහ ඔවුන් මුහුණ දෙන ඝට්ටනකාරි, ඛේදජනක ස්වභාවය සංකේතවත් කරයි. ඇගේ සටහන් පොත ඇගේ අභ්‍යන්තර ලෝකය, ඇය මුහුණ දුන් අවදානම් සහගත ස්වභාවය සහ කලාත්මක හඬ පෞර්ෂයේ සංකේතයකි.



ගීතය ඔවුන්ගේ බැඳීමේ පදනම ලෙස...

වානි විසින් ඉරා දමන ලද ඇගේ සටහන් පොතේ පිටු ක්‍රිෂ් විසින් සොයාගැනීමෙන් ඔහු විසින් ඇයගේ චිත්තවේගිය වේදනාවන් දැකීමක් සහ සුවපත් කිරීමට දරන උත්සාහය සහ කැමැත්ත සංකේතවත් කරන්නේ ප්‍රේක්ෂක හදවත් සංවේදී කරමිනි. පවුලේ ඝට්ටන හේතුවෙන් චිත්තවේගිය ලෙස ඉතා ආක්‍රමණශීලි සහ කෝප ජනක ලෙස හැසිරෙන ක්‍රිෂ් වානි නිසා ප්‍රේමයට කැපවූ, ආත්ම පරිත්‍යාගශීලි පුද්ගලයකු බවට පරිවර්තනය වන ආකාරය සයියාරා චිත්‍රපටය ඔස්සේ පිළිබිඹු කරයි.

ප්‍රධාන චරිත වූ ක්‍රිෂ් සහ වානි අතර ඇති අනුපමේය බැඳීම ඔවුනොවුන්ව සුවපත් කරන්නකි. ළමා වියේදී මුහුණදුන් සිදුවීමක් හේතුවෙන් නිරන්තර කම්පනයෙන් පසුවන ක්‍රිෂ් මෙන්ම ඇල්සයිමර් රෝගයෙන් පීඩා විඳින වානි  ඔවුන් එකිනෙකා තම අතීතයෙන් ඔසවා ඔවුන්ගේ ආදරය සහ කලාත්මක හැඟීම් තුළින් ඔවුන්ගේ හොඳම අනුවාද බවට පත් වේ. සංගීතය සහ කවිය සයියාරා චිත්‍රපටයේ ආත්මයයි. වානිගේ කාව්‍යමය වචන ක්‍රිෂ්ගේ රචනාවලට අර්ථයක් ලබා දෙයි."සයියාරා" ගීතය ඔවුන්ගේ බැඳීමේ පදනම නිර්මාණය කරයි.

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...