සුවදුක් විමසා බැලීම සඳහා පසුගිය දිනෙක අමාත්‍ය, අචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ගොස් තිබුණා.
මේ අවස්ථාව ගායනවේදිනියගේ අතීත මතකයන් පිළිබඳව ද කතා බස් කළ ඇගේ පවුලේ අයත් එක්වූ සොදුරු මොහොතක් බවට පත් වී තිබුණා.
මෙහිදී ලතා වල්පොළ මහත්මිය සමග ගීත ගායනයකටද අමාත්‍යවරයා එක්ව සිටියේය.
මේ අපූර්ව මොහොත ගැන අචාර්ය සුනිල් සෙනෙවි විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා හෘදයාංගම සටහනක් ද එක් කොට තිබුණා. ඒ ඡායාරූප කිහිපයක් ද සමගින්.
මතු දැක්වෙන්නේ එම සටහනයි.
"ලතා වල්පොල: භාග්‍යවත් කෝකිලාව....
ඈ දරා සිටින්නේ විසල් ඉතිහාසයකි. සමහර දේ ගැන ඈ ලියන්නට පටන් ගෙන. පැරණි මතක නොවරදවා කී හැටි පුදුමයට කරුණක් . අඛණ්ඩ ව ගී පටිගත කිරීමට ඉංදියාවට ගිය හැටි... චිත්‍රපට 500 ට වැඩියි නොවැ... මිස්ටර් නායගම් අපිට එහේ ගෙයක් ගත්තා... මුලින් ගියේ රීටා ජෙනිවිව් ප්‍රනාන්දු. නැගී ආවේ ලතා වල්පොල.
ඇගේ ගීතාවලිය ගණන් බලා නැත. සීනු කටහඬ . මේ අතිවිරල විශිෂ්ට කටහඬ සිරිලක ජාතික සම්පත් ලෙස නම් කළ නොහැකි ද... අමරදේව...නන්දා..සුජාතා...වික්
ඈ සතුටින්. වෙහෙස ගාණක් ම නෑ. මහින්ද අයියා.. ධම්මි අක්කා... මට එහි යන අවස්ථාව උදා කළ අපේ මංජරී හා අංජලී.. ආදරෙයි හැමට.
මට ලොකු පවුලක්නෙ ඉන්නෙ. ලතාට.. ආශාටවත් නෑ. මුණුබුරන් එක්කත් සිංදු කියනවනෙ මං. ඉතිං මදි ද...
ඇත්තම යි ඈ සතුටින්. රැජිනියනි...දීර්ඝායු වේවා."
(mirrorarts)





