BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ශාන්ත කුමාර විතාන හෙවත් 'ශකුවි' දුටු අහස පොළව අතර වෙනස

T

The Leader

November 14, 2025 • 10:21 PM

ශාන්ත කුමාර විතාන හෙවත් 'ශකුවි' දුටු අහස පොළව අතර වෙනස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැනට දශක හතරක පමණ සිට අප රටේ ජන මාධ්‍ය පරිශීලකයන්ට හා සාහිත්‍ය රසකාමීන්ට කෙමෙන් හුරු වූ ශාන්ත කුමාර විතාන නම මේ වන විට අතිශයින් ප්‍රකට වී ඇති බව රහසක් නොවෙයි.
  • සිය ලේඛන කටයුතු වල දී ශාන්ත කුමාර විතාන යන තම සුපුරුදු නාමය සේම ඇතැම් විට “ශකුවි”යන කෙටි ආරාඪ නමින් ද පාඨකයන් හමුවට එන  ශාන්ත කුමාර එ නමින් ලියූ කෙටි කාව්‍ය සංකල්පනාවක් අද අපි ඔබ හමුවට ගෙන එනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ මේ වන විට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ලෙස ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ඔහු ගේ නම පුවත් පත් ලිපි-විශේෂාංග, නව කතා, කෙටි කතා සහ කවි ආදී නොයෙකුත් මාධ්‍යයන් ඔස්සේ මනාව ජන ගත වී තිබීම නිසයි.

සිය ලේඛන කටයුතු වල දී ශාන්ත කුමාර විතාන යන තම සුපුරුදු නාමය සේම ඇතැම් විට “ශකුවි”යන කෙටි ආරාඪ නමින් ද පාඨකයන් හමුවට එන  ශාන්ත කුමාර එ නමින් ලියූ කෙටි කාව්‍ය සංකල්පනාවක් අද අපි ඔබ හමුවට ගෙන එනවා.

යමක වෙනස් හා දුරස්ථ බව පිළිබඳව පැවසීමට පොදු ජන වහරේ එන අහස පොළව සංකල්පය මුල් කොට වදන් කිහිපයකින් ප්‍රේමය පිළිබඳ යම් විවරණයක් කිරීමට ශාන්ත කුමාරයන් ගෙන ඇති මේ උත්සාහයේ සාර්ථකත්වය පිළිබඳ තීරණය ඔබට පවරා ඔහු කවි ඇසින් දුටු මෙම “වෙනස”කෙරෙහි අපි ඔබගේ ගේ අවධානය යොමු කරමු.

 

rainy day
වෙනස

වස්සාන අහස යට
සොම්නසින් තටු සලන
ලිහිණියෙකු සේ ඔබ ද සතුටින්
වහින්නට අරඅඳින
අසෙනි පුපුරයි අහස
මලකි මා හිඳිනු බැරි නිදුකින්


ඔබට හිමි වූ අහස
නිරවුල්ය සුවිසල්ය
බැඳී නැත වැටකඩොලු කිසිවක්
ඉගිල්ලී යා හැකිය
ජීවිතය ඔබට පෙම් කවියක්

මට උරුම රළු පොළව
හැම තැනම වැටවල්ය
මුර කපොලු තනා ඇත දහසක්
උයන්පල්ලා රළුය
කියන්නට කවි නොමැත සවියක්


(ශකුවි)

(උපුටා ගැනීම - vinivida.lk)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...