BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'රිවස්ටන්' චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලලිත් රත්නායකට ඉන්දියාවේදී ඉහළම සම්මානයක්

T

The Leader

November 14, 2025 • 11:33 PM

'රිවස්ටන්' චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලලිත් රත්නායකට ඉන්දියාවේදී ඉහළම සම්මානයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ කල්කටා නුවර පැවති 31 වැනි අන්තර්ජාතික සිනමා උළෙලේ දී ( Golden Royal Bengal Tiger Film Festival ) ප්‍රධානතම සම්මානයක් වූ හොදම අධ්‍යක්ෂවරයාට ( Best Director ) හිමි සම්මානය ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වූ " රිවස්ටන් " (Riverstone) චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ ලලිත් රත්නායක ට හිමි ව තිබේ.
  • මෙම සිනමා උළෙල ලෝකයේ රටවල් 100 ක පමණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ කල්කටා නුවර ඉකුත් (06) දින සිට (13) දින දක්වා ප්‍රදර්ශනය කර තිබිණ.
  •   මෙම සම්මානය රැගත් නිෂ්පාදකවරයා ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1183 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
  • ඔහු පිළිගැනීම සදහා මෙම චිත්‍රපටයේ සම නිෂ්පාදකවරියක වූ නිමන්ති පෝරගේ, ශ්‍රි ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව, සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):


එය භාර ගැනීමට එම චිත්‍රපටයේ නිෂ්පාදකවරයෙකු වූ ප්‍රහාත් රෝෂන් ඉන්දියාවට ගොස් තිබූ අතර ඔහු එම සම්මානයත් රැගෙන (14) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මෙම සිනමා උළෙල ලෝකයේ රටවල් 100 ක පමණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ කල්කටා නුවර ඉකුත් (06) දින සිට (13) දින දක්වා ප්‍රදර්ශනය කර තිබිණ.

lalith

එහිදී මෙම සම්මානය සමග චිත්‍රපට අධ්‍යක්ෂ ලලිත් රත්නායක වෙත ශ්‍රි ලංකා රුපියල් ලක්ෂ හැත්තෑ පහක් වටිනා මුදල් ත්‍යාගයක් ද හිමි වී තිබේ.

මෙම චිත්‍රපටයට මීට පෙර චීනයේ ෂැංහයි නුවර පැවති සිනමා උළෙලකදී ද සම්මානයක් හිමි වී තිබූ අතර ඉදිරියේදී තවත් ලෝකයේ රටවල් ගනනාවක පැවැත්වෙන සිනමා උළෙල කීපයකටම සහභාගී වීමට නියමිතය.

 

IMG 20251114 WA0229 800x450

මෙම සම්මානය රැගත් නිෂ්පාදකවරයා ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1183 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

IMG 20251114 WA0220 800x450

ඔහු පිළිගැනීම සදහා මෙම චිත්‍රපටයේ සම නිෂ්පාදකවරියක වූ නිමන්ති පෝරගේ, ශ්‍රි ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව, සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, රන්දික ගුණතිලක ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වූ මෙම චිත්‍රපටයේ තිර පිටපත ද ලලිත් රත්නායකගේ ම වීම විශේෂයි.


( nethnews | ටී.කේ.ජී.කපිල)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...