BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

බල්සාක් කැෆේ : සනත් නූතන මිනිසෙක් ද? - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader

November 16, 2025 • 4:59 AM

බල්සාක් කැෆේ : සනත් නූතන මිනිසෙක් ද? - (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනූව දශකයේ මුල මා හා මා මිත්‍ර ෂේන් මැකෙල්වි ලියූ කවි විටින් විට විකල්ප පත්තර අවකාශ වල පළ වන්නට විය.
  • ප්‍රබන්ද සාහිත්‍යයේ ප්‍රධානතම නිර්මාණ ප්‍රවර්ගය වන කවිය මතු නොව සෙසු සාහිත්‍යංග වන නාට්‍ය පෙළ, කෙටිකතාව මෙන්ම නවකතාව පවා ඥානනය මතු නොව අතිමූලික තේරුම් ගැනීමද තවමත් පවතින්නේ අර්බුදයක බව දශක තුනහමාරක ලිවිසැරියේ සමකාලීන මොහොත විසින් අවධාරණය කෙරෙයි.
  • මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය නවකතාවේ අරවින්දගෙන් ව්‍යුත්පන්න නා නා චරිත ඇතුළත් නවකතා බිහිවුණු පසුබිමක විරාගය ලියූ මාර්ටින් වික්‍රමසිංහම අරවින්ද තේරුම් කිරීම වෙනුවෙන් ‘නවකථාංග සහ විරාගය’ යනුවෙන් ස්වයං මැදිහක්වීමක් පවා කළේ ය.
  • එහි තේරුම නිර්මාණකරුවාට තමන්ගේ කෘතිය අවලෝකණය කරනු පිණිස යම් මැදිහත්වීමක් කළ හැකියාව ආචාර ධාර්මික  අවුලක් නොවන බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

රත්මලාන අප මිත්‍ර සනුහරයේ යාවජීව සමාජිකයතු වූ නිශ්ශංක හෙවත් ‘නිස්සා’ අපේ කවි කියවමින් නිෂ්චිතව ඇසූ ප්‍රශ්නයක් තිබුණි. ‘’මචං, උඹලා මේවා පත්තර වලට යවද්දි තේරුමත් ලියලා යවන්න ඕනිද’ යන්න ඒ ප්‍රශ්නයයි.

ඔහු එය ඇසුවේ පට්ට ජෙන්‍යුයින්ව ය. කවි තේරුම් ගැනීමේ අර්බුදය ගැන අද්දැකීම් දශක තුනහමාරකට කලින් පවා අප අබියස තිබිණ.

ප්‍රබන්ද සාහිත්‍යයේ ප්‍රධානතම නිර්මාණ ප්‍රවර්ගය වන කවිය මතු නොව සෙසු සාහිත්‍යංග වන නාට්‍ය පෙළ, කෙටිකතාව මෙන්ම නවකතාව පවා ඥානනය මතු නොව අතිමූලික තේරුම් ගැනීමද තවමත් පවතින්නේ අර්බුදයක බව දශක තුනහමාරක ලිවිසැරියේ සමකාලීන මොහොත විසින් අවධාරණය කෙරෙයි.

0036596මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය නවකතාවේ අරවින්දගෙන් ව්‍යුත්පන්න නා නා චරිත ඇතුළත් නවකතා බිහිවුණු පසුබිමක විරාගය ලියූ මාර්ටින් වික්‍රමසිංහම අරවින්ද තේරුම් කිරීම වෙනුවෙන් ‘නවකථාංග සහ විරාගය’ යනුවෙන් ස්වයං මැදිහක්වීමක් පවා කළේ ය. එහි තේරුම නිර්මාණකරුවාට තමන්ගේ කෘතිය අවලෝකණය කරනු පිණිස යම් මැදිහත්වීමක් කළ හැකියාව ආචාර ධාර්මික  අවුලක් නොවන බව ය.

නමුත්  නිර්මාණයක් සමාජ ගත කළ නිර්මාණකාරුවා මොන තරම් මැදිහත්ව තමන්ගේ චරිත විදාරණය කිරීමට හැදුවත් ‘ආත්මීයත්වය’ නොහොත් අවිඥානයේ මුද්‍රාව ඕනෑම කෘතියක පවත්නා බැවින් නිර්මාණකරුවා ඉක්මවා ගොසින් එහි වන දෘෂ්ටිවාදී ගැටළු අවලෝකණය කරන්නට ගැඹුරු විචාර මැදිහත්වීමකට පිළිවන.

ගෙවුණු සතියේ රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුවේ ඇරියුමෙන්, ‘’අරවින්ද රෝගී මනස් පුතෙක්ද? නෙළුමෙන් උපන් බෝසතෙක්ද? ‘’මැයෙන් විදර්ශන කන්නංගර සිදුකළ දේශනයේදී, මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය සහ ඔහුගේම විචාර කෘතියේ එන පරස්පරතා ඔහු අතිශය තියුණු ලෙස පෙන්වා දුණි.

 


සනත් ගුණතික නම් චරිතය ගැන ‘අරවින්ද නෙමෙයි ඒ සනත්’ මැයෙන් යුතුව මා ලියු කවිය ද සතියකට හමාරකට කලින් සහෘද අවධානය දිනා ගත්තේ ය. සනත් පිළිබඳ මෑතික යළි සමාජ අවධානය යොමු වූයේ හිටපු රංගන ශිල්පිනියක මෙන්ම වත්මනේ ‘ලයිකා’ සිනමා ව්‍යාපෘතියේ සම්බන්ධිකාරකවරිය ලෙස කටයුතු කරන ජානකී විජේරත්න සමඟ විවාහප්‍රාප්ත වූ සිද්ධිය නිසා ය.


මා එකී කවිය ලීවේ සැබැවින්ම එම සිදුවීම, සනත් ගුණතිලකගේ  නූතනවාදී ජීවන පැවැත්මේ අවිච්ඡින්න මොහොතක් මිස අමුතු සිද්ධියක් නොවන බව ඥානනය කරනු පිණිස ය. මගේ නමින් වන ෆේස් බුක් පිටුවේ පළවුණු මගේ කාව්‍යමය මැදිහත්වීම, එයාකාරයෙන් වටහා ගත් අය මෙන්ම වටහා නොගත් අය ද සිටිය හ. මා ‍මේ රචනාව ලියන්නේ ඒ අතරින් සංජය වේහැල්ල මතු කර තිබූ ප්‍රශ්නය හරහා මගේ ප්‍රවාදයට ප්‍රවිශ්ඨ වීමට ය.  ඔහුට කවිය පොදුවේ ‘අසු’ වී තිබුණත් පහත දෙ පෙල එයාකාරයෙන්ම දැනැවී තිබුණේ නැත.

‘’ලෝකාන්තය පෙනෙන රේඛාව
රූකාන්තය දකියි ලේඛාව...’’‍


ඒක මේ කවිය තුළට කොහොම අදාලයිද? ඒකෙ අවස්ථා සම්බන්දය කුමක්ද? ඒක අප කොහොම තේරුම් ගත යුතුදැයි කල්පනා කරන මම...යැයි වේහැල්ල ලියා තිබුණි.  ඊට පිළිතුරු දී වශයෙන් ‘’රූකා ඉස්සරහ තමා ලේඛගෙ ඇඟට ලම්පුතෙල් වක්කරලා කොණ්ඩෙ කැපුවෙ...’’ යනුවෙන් අනා දොමගම්මන ලියා තිබුණි. ධම්මික බන්දුනාථ එය ඌණපූරණය කරමින් ‘’චන්ද්‍රිකා සැලෝන් එකේ බාබර් තමයි මෙයා’’ යැයි සලකුණු කර තිබුණි.

btt56456rtrtyry
රූකා සහ ලේඛා මේ හිංසනයට මුහුණ දුන් බව ආරංචි වූ සහශ්‍රකය ආරම්භයේ  උදේ පාන්දරක චාමින්ද නාගොඩවිතානත් මමත් වහාම සිද්ධිය ගවේශනය සඳහා මත්තෙගොඩට පිවිසුණෙමු. රූකා සහ ලේඛා උන්නේ සනාගේ ගෙදර ය. උපුල් ශාන්ත සන්නස්ගල ගුරුවර මිත්‍රයාට එකල අප කීවේ සන්නා කියා නොවේ සනා කියා ය.

සනා කෙතරම් අප මිත්‍රයකු වුවත් රූකා සහ ලේඛා සමඟ කතා කරන්නට අවස්ථාවක් ලබා දෙන්නට ඔහු සමත් වූයේ නැත. සැබෑව නම් පිටස්තර කා සමඟ හෝ කතා කරගත හැකි මානෝභාවයක දෙදෙනා නොසිටිය වග ය.

ඒ මොහොතේ ඔවුන් දෙදෙනා උන්නේ තෙරම් භීතියකින් ද, තැති ගැන්මකින් ද කම්පාවකින් ද යන්න අවබෝධ වූයේ, උණුසුම තරමක් පහවූ පසු ඔවුන්ගේ නිවසේදීම දෙදෙනා හමුවී කතාකරන්නට රාවයේ අපට - මටත් මනුබන්දු විද්‍යාපතිටත්, චාමින්ද නාගොඩවිතානටත් - ඇරියුම් ලැබුණු පසු ය.

 

rlmmo7t8

එය ත්‍රාසජනක සංසිද්ධියක් විය. ටී 56 සහ පිස්තෝල ළෙලවමින් පැමිණි මැරයන්ගෙන් නායකයා ලෙස පෙනී සිටි තැනැත්තා කෙළින්ම පිස්තෝලයක තබා තිබුණේ රූකාගේ හිසට ය. ජීවිතයේ අවසාන මොහොත එය බව හැඟී ගියෙන් රූකාගේ සියොළඟ තෙතබත්වැ තිබිණ. සාලයේ මැද දෙදෙනාව දණ ගැස්සවූ මැරයන් අතරින් කෙනෙක් කතුරක් සොයාගෙන ලේඛාගේ සවිමත් දිගු කේෂ කලාපය කපා දැම්මේ ‘’අනේ මගේ කොන්ඩෙ නං කපන්න එපා, ඔයාටත් මං වගේ සහෝදරියො ඇති නේදැයි’ ඇය අඬමින් පිං සෙණ්ඩු වෙද්දීම ය. රූකාගේ ලස්සන කැරලි කෙහෙරැල්ල ද පලින් පල කපා දැමුණි. ඉක්බිති මැරයෝ ඔවුන් දෙදෙනාගේ හිස් මතට භූමිතෙල් වත් කළහ. නිවස පුරාම භූමිතෙල් ඉහිරණි ලැබුවේ ඔවුන් පණ පිටින් පුළුස්සන හැඟීම ජනිත කරවන්නට ය.

 

සිදුවූ සියල්ල ලීමට මෙහි අවකාශ නැතත් එක් දෙයක් පැවසිය යුතු ය. සිද්ධියට අදාලව පසුව අත් අඩංගුවට ගැනුණු 11 දෙනාම චන්ද්‍රිකාගේ ආරක්ෂක අංශය සෘජුවම සම්බන්ද අයවලුන් ය. නමුත් සනත් ගුණතිලක ඒ ලැයිස්තුවේ සිටියේ නැත. ඔහු සිටියේ චන්ද්‍රිකාගේ ආරක්ෂක අංශයේ නොවේ.

WhatsApp Image 2025 11 16 at 3.20.36 PM

 

මෙම නිල මැර හමුදාව මෙම ටෝචරකරණයෙන් පසු නික්ම ගියේ රනබරණ, රූකාගේ ජංගම දුරකතනය, ජීප් රථය පමණක් නොව රෙදි පිළි පවා කොල්ලකමිනි. ඒත් රූකාගේ විශ්මිත බයිබල එකතුව නිරුපද්‍රිව තිබිණ. අප කතා කළේ ඒ පොත් රාක්කය අසල ය. දෙදෙනා උන්නේ ඒ වන විටත් පහව නොගිය තැති ගැන්මෙනි. දෙදෙනා කලකට ගීත නො ගයන්නේ ය යන තීන්දුවකට තල්ලු වී සිටිය ද, සහෘද කලාකාරුවන්ගේ, මිත්‍රයන්ගේ සහ පොදු ජන සමාජයේ දැඩි ඉල්ලීම මත දෙදෙනා එළිමහන් ප්‍රසංගයක් සමඟින් 2000 වසරේ අප්‍රේල් 8වැනිදා කොළඹ විහාර මහ දේවි එළිමහන් වේදිකාවට ගොඩවූ හ. ඒ වෙනුවෙන් අප රාවයට ලියූ සංවාදය ‘’රූ චාරුකා - මරණයේ දේශයට ආදරය’’ මැයෙන් පළවිණ.

මෙකී වධ බන්ධනයට ආසන්නම හේතුව වී තිබුණේ එජාප වේදිකාවේ ගී ගැයීම ය. සිද්ධියෙන් ඉක්බිති එජාපය විසින් කිසිම සාධනීය මැදිහත් වීමක් කෙරුණේ ද නැති. ඔවුන්ගේ ජීවන දිශානතිය වෙනතකට හැරුණු අතර දැඩි දුෂ්කරතා මැද ගතවුණු විප්‍රවාසී දිවියකට පවා අවතීර්ණ වන්නට රූකාටත්, ලේඛාටත්, කුඩා කෙලි පැටව් දෙදෙනාටත් සිදුවිය.

 

WhatsApp Image 2025 11 16 at 3.23.56 PM
මා මේ සංසිද්ධිය ලීවේ පෙර කී මා ලියූ කවියෙහි අවස්ථා සම්බන්දය සලකුණු කරනු පිණිස මිස සනත් ගුණතිලකගේ අලුත් ජීවිතය විවේචනය කරන්නට නොවේ. නූතන මිනිසාගේ ජීවිතය මෙයාකාර බව දැනුමක්ව තිබෙන විට මෙවන් විවාහ සංසිද්ධි අරුමයක් වන්නේ නැත. එබැවින් ඒවා විවේචනය කිරීම කිසිදු අර්ථයක් නො උපද්දයි. එසේ නමුත් නූතනවාදී මිනිසාගේ භාවිතය මෙයාකාර වන්නේ යැයි සලකුණු කිරීම මගේ කවියේ ඥානනය වන බව ඇත්තකි.

සතුට හෝ තෘප්තිය සොයා ගමේ සිට නගරයට එන මිනිසුන්ට නගරයේදී හමුවන්නේ අසතුට සහ අතෘප්තියයි. ඔවුන් සමස්ත ජීවිතයම යොමු වෙන්නේ තමන්ට කිසිදාක ලඟ විය නොහැකි ඉලක්කයක් වෙත වන නමුදු ඔවුන් සතුට සහ තෘප්තිය සෙවීම නතර කරන්නේ ද නැත. තමන්ගේ ජීවිතය පැතිරී ඇති සන්දර්භයේ ඕනෑම දෙයක් කිරීමට ඔවුන් පෙළඹේ. මේ අර්ථයෙන් ගත කළ එවන් මිනිසකු නූතන මිනිසකු ලෙස නම් කරන්නට පිළිවන. ඔවුන් සදාචාරයම රාමු නො තකයි. තමන්ගේ ආත්මීයත්වය සමාජය තුළ නිරාවරණය වනවාට ඔවුන් තුළ භීතියක් හට ගන්නේ නැත. එබැවින් යහපත් හෝ අයහපත් කවරාකාර ප්‍රතිචාර විවේචන ප්‍රශංසා හෝ ගැරහුම් කිසිවක් ඉලක්කයක් ලුහුබඳිමින් සිටින ආත්මයට ඇතුළු කර ගන්නේ නැත. මෙය නූතන මනුෂ්‍යා සතු කොලිටියකි.

නූතනවාදය සමාජයක් ලෙස අත්දැක නැතුව ද, නූතනවාදය විසින් විදාරණය කෙරුණු මානව ගුණාංග විශ්ලේෂණයේදී සනත් ගුණතිලක නූතනවාදියෙකි. නූතනවාදයට ඇතුළත් වන්නට ධෛර්යය නැති දෛනිකව කන බොන හැමිණෙන සාමප්‍රදායික මිනිසුන් කරන්නේ සනත් වැනි නූතන මිනිසුන්ගේ ජීවිත දෙස බලා විනෝද වෙන එක ය.

sanayuy3
සනත් ගත කරමින් ඉන්නේ තමන් කැමති ජීවිතය බව ඔවුන්ට වැටහෙන විට එකී විනෝදය මුදාහැරෙන්නේ නින්දාකිරීමක, විවේචනයක, මඩ ගැහීමක වේශයෙනි. සනත්ගේ ජීවිතය මේ නිෂ්චිත මොහොතේ ජානකී සමඟ ඒකාබද්ධ වීම පිළිබඳ නා නා ප්‍රකාර සමාජ මාධ්‍ය ප්‍රතිචාර ඊට සාක්ෂි සපයයි.

‘අරවින්ද නෙවෙයි ඒ සනත්’ යන ප්‍රවාදය සමඟින් මා මෙම සමජ මාධ්‍ය අවකාශයට මුදාහැරි කවිය පිළිබඳ නො සෑසෙන්න ප්‍රතිචාර ලැබී තිබිණ. ඒ කවිය ඉතා සමීපව කියවා ගත්තකු වී නම් ඔහුගේ හෝ ඇයගේ ඥානනය, මා කාව්‍යමය ප්‍රබන්දයකට ගෙන ආවේ සනත් වනාහී නූතන මිනිසකු බවත්, මේ මොහොතේ අපට අබිමුක වී ඇති ‘ජානකීකරණය’ ඔහුගේ ජීවිතෙයේ අඛන්ඩතාව සලකුණු කරන තවත් එක් සංසිද්ධියක් පමණක් බවත් තහවුරු කරන්නට පමණකි.

නූතන මිනිසා කවරාකාරදැයි යන්න විග්‍රහ කිරීම වෙනුවෙන් සිය බුද්ධිමය ශ්‍රමය විය පැහැදම් කළ කාල් යුංග් ඔහුගේ බරපතළ ම බුද්ධියමය සම්ප්‍රදානයක් වන ‘මොඩර්න් මෑන් ඉන් සර්ච් ඔෆ් අ සෝල්’ නම් වන අතිශය වැදගත් කෘතියේ මෙසේ පවසයි.

‘සෙවණැල්ලකින් තොර වී නම් කිසිවකුත් වාස්තවික නොවේ. එනයින්, කිසිවකු පරිපූර්ණ වන්නට නම් අඳුරු පැතිකඩක් තිබිය යුතුම ය.’’

මට අනුව සනත් ගුණතිලක වනාහී තාර්කිකත්වය අනුදැන, ආත්මීයත්වයට ඉඩදෙන නූතන මිනිසකි. යුංග්ගේ ඉහත සමීකරණයට සමාන්තරව කියවා ගතහොත් ඔහු වනාහී පරිපූර්ණ මිනිසෙකි.

WhatsApp Image 2025 10 31 at 10.05.08 AM(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer

www.wediwardena.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...