BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

බොලිවුඩ් සුපිරි නළු ධර්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

T

The Leader

November 24, 2025 • 11:47 AM

බොලිවුඩ් සුපිරි නළු ධර්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හින්දි සිනමාවේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු වූ ධර්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වූ බව එම පවුලේ ආරංචි මාර්ග අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
  •   සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ධර්මේන්ද්‍ර මීට පෙර රෝහල් ගත කර තිබූ අතර, අද(24) ඔහු අභාවප්‍රාප්ත වී ඇත.
  • ඉන්දියානු සිනමාවේ වඩාත්ම කඩවසම් හා දක්ෂ නළුවෙකු ලෙස සැලකෙන ඔහු බොලිවුඩයේ ‘හී-මෑන්’ (He-Man) ලෙස ආදරයෙන් හැඳින්වේ.
  • ඉන්දීය සිනමාවේ ශ්‍රේෂ්ඨතම නළුවන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන ධර්මේන්ද්‍ර, සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ 1960 දී තිරගත වූ ‘Dil Bhi Tera Hum Bhi Tere’ චිත්‍රපටයෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):


මියයන විට ඔහු 89 වැනි වියේ පසුවිය.  

සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ධර්මේන්ද්‍ර මීට පෙර රෝහල් ගත කර තිබූ අතර, අද(24) ඔහු අභාවප්‍රාප්ත වී ඇත.

ඉන්දියානු සිනමාවේ වඩාත්ම කඩවසම් හා දක්ෂ නළුවෙකු ලෙස සැලකෙන ඔහු බොලිවුඩයේ ‘හී-මෑන්’ (He-Man) ලෙස ආදරයෙන් හැඳින්වේ.

ඉන්දීය සිනමාවේ ශ්‍රේෂ්ඨතම නළුවන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන ධර්මේන්ද්‍ර, සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ 1960 දී තිරගත වූ ‘Dil Bhi Tera Hum Bhi Tere’ චිත්‍රපටයෙනි.

dty5654
ඔහු රංගනයෙන් දායක වූ ‘Yaadon Ki Baarat’, ‘Mera Gaon Mera Desh’, ‘Naukar Biwi Ka’, ‘Phool Aur Patthar’, ‘Betaab’, සහ ‘Ghayal’ ඇතුළු චිත්‍රපට රැසක් සම්මානයට පාත්‍ර විය.

tyrty5646

2012 වසරේදී, ඉන්දීය රජය විසින් ඔහුට ඉන්දියාවේ තෙවන ඉහළම සිවිල් ගෞරවය වන පද්ම භූෂණ (Padma Bhushan) සම්මානය පිරිනැමීය.

ftyr5654
ඔහු අවසන් වරට තිරයේ පෙනී සිටීමට නියමිත චිත්‍රපටය වන්නේ දෙසැම්බර් 25 වැනිදා තිරගත වීමට නියමිත ‘Ikkis’ චිත්‍රපටයයි.

පන්ජාබයේ ලුධියානා ගම්මානයක ධර්මේන්ද්‍ර කේවාල් ක්‍රිෂාන් ඩියෝල් (Dharmendra Kewal Krishan Deol) ලෙස උපත ලැබූ ඔහු, සිනමාවට පිවිසීමට පෙර, එනම් 1954 දී ප්‍රකාශ් කෝර් සමග විවාහ විය.

ye565645rt

පසුව, ඔහු ප්‍රවීණ නිළි හේමා මාලිනී සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇය සමග විවාහ විය.

r567546

ඔහුගේ දරුවන් හය දෙනා වන නළු නිළියන් වන සනී ඩියෝල්, බොබී ඩියෝල්, ඊෂා ඩියෝල්, ආහනා ඩියෝල්, අජීතා සහ විජේතා වේ.

drty46436

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...