BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

හොල්මන් අවතාර කියන්නෙ අපි මනසින් හදාගත්ත සංකල්ප - වින්ධ්‍යා එදිරිසිංහ

T

The Leader

December 2, 2025 • 12:47 AM

හොල්මන් අවතාර කියන්නෙ අපි මනසින් හදාගත්ත සංකල්ප - වින්ධ්‍යා එදිරිසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''හොල්මන් අවතාර කියන දේවල් ගැන අපේ මනසේ තියෙන ආකල්පය ගොඩනැගෙන්න අපි ඒ ගැන මනසින් උරාගෙන තියෙන සංකල්ප හේතු වෙනවා. නිකන් හිතන්නකෝ හොල්මන් කිව්ව ගමන්ම අපිට මතක් වෙන්නේ හොල්මන් චිත්‍රපටිවල ඉන්න භයානක මුහුණු තියෙන ලේ පෙරාගෙන ඉන්න විකාරරූපී සත්ව කොට්ඨාසයක්. ඒත් සැබෑ ජීවිතයේ දී මේ සංසිද්ධිය මීට වැඩිය ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.''
  • පසුගිය සැප්තැම්බර් මාසෙ ඇගේ කෘති දෙකක් ප්‍රකාශයට පත් වුණා.
  • ඒ, ''අටවක සඳ'' සහ ''මේඝ'' නමැති කෘති දෙක.
අකුරු ප්‍රමාණය (Font Size):


වින්ධ්‍යා එදිරිසිංහ


වින්ධ්‍යා එදිරිසිංහ තමයි The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ.

යට උපුටා දක්වලා තියෙන්නෙ ඇගේ පළමු ප්‍රබන්ධ කෘතිය වන ''අටවක සඳ'' කෘතියේ ඇය තමන්ගෙ කෘති පිළිබඳව තබපු සටහනේ කොටසක්. ඇගේ ප්‍රබන්ධ කෘතිවල විශේෂත්වය තමයි ඇය ලියන්නෙ Horror ප්‍රවර්ගයට අයත් ප්‍රබන්ධ කෘති. පසුගිය සැප්තැම්බර් මාසෙ ඇගේ කෘති දෙකක් ප්‍රකාශයට පත් වුණා. ඒ, ''අටවක සඳ'' සහ ''මේඝ'' නමැති කෘති දෙක.

 

book
මේඝ කෘතියෙ ඇය, ඇගේ සාහිත්‍ය ප්‍රබන්ධ ගැන මේ විදියට ලියනවා.

''මගේ කතා බොහොමයක් ලියැවෙන්නේ පාසල් ළමුන් අරභයා නිසා ඒ කතාවල කිසිම තැනක බොහෝ අද්භූත කතාවල ගැබ් වෙලා තියෙන ලිංගිකත්වය හා හිංසනය එකතු කරගෙන නෑ. නමුත් මේ කතාව ඔ්නෑම කෙනෙකුට ආසාවෙන් කුතුහලයෙන් කියවලා රස විඳින්න පුළුවන් කියල මං විශ්වාස කරනවා.''

ඒ විශ්වාසයත් තියාගෙන ම ඇය, Horror ප්‍රවර්ගයට අයත් ප්‍රබන්ධ කෘති සම්බන්ධයෙන් දරන අදහස The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාවෙන් නරඹමු.

(සටහන - ජයසිරි අලවත්ත)


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...