BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'මානව හිමිකම් සිනමා උළෙල' විශේෂ වාර්තා චිත්‍රපට දැක්ම තරංගනීයේ දී

T

The Leader

December 8, 2025 • 4:25 AM

'මානව හිමිකම් සිනමා උළෙල' විශේෂ වාර්තා චිත්‍රපට දැක්ම තරංගනීයේ දී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම වෙනුවෙන්, නීතිය හා සමාජ භාරය (LST) විසින් සංවිධානය කරනු ලබන විශේෂ වාර්තා චිත්‍රපට දැක්මක් එළඹෙන 2025 දෙසැම්බර් 13 වැනි සෙනසුරාදා දින පැවැත්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
මෙම දැක්ම සවස 2.00 සිට 7.00 දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
 
එදිනට, විසාකේස චන්ද්‍රසේකරම් නිර්මාණය කළ 'තිස්දෙක' (මි.75, සිංහල) සහ 'පයන්ම්' (මි.65, දෙමළ/ඉංග්‍රීසි) යන වෘතාන්ත වාර්තා චිත්‍රපට දෙකක් මෙන්ම, නිස්සංක වෙහෙරදූව නිර්මාණය කළ 'Life in the time of Corona' (මි.15, සිංහල/දෙමළ) සහ 'The Fourfold Path' (මි.30, සිංහල/දෙමළ) යන වාර්තා චිත්‍රපට දෙකක් ද ඇතුළුව සම්පූර්ණ චිත්‍රපට හතරක් ප්‍රදර්ශනය වීමට නියමිතයි. 
සියලුම චිත්‍රපට ඉංග්‍රීසි උපසිරැසි සහිතව ප්‍රදර්ශනය කෙරෙන අතර, මෙම සිනමා දැක්ම සඳහා ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ බව සංවිධායකවරු වැඩිදුරටත් සඳහන් කරති.
 
WhatsApp Image 2025 12 08 at 3.04.30 PM 1

 WhatsApp Image 2025 12 08 at 3.04.30 PM

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...