BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

දරුවන්ගේ ආදරය මැජික් එකක්: ශකීරාගේ සංවේදී පණිවිඩය

T

The Leader

December 13, 2025 • 1:57 AM

දරුවන්ගේ ආදරය මැජික් එකක්: ශකීරාගේ සංවේදී පණිවිඩය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක ප්‍රකට පොප් ගායිකා ශකීරා (Shakira) ඇගේ ජීවිතයේ අසීරුම මොහොතකදී තමන්ට සුවය හා ශක්තිය ගෙන ආ පුතුන් දෙදෙනාව ප්‍රථම වතාවට වේදිකාවට ගෙන ආ සිදුවීමත්, දරුවන්ගේ ආදරයේ බලය පිළිබඳ ඇය කළ සංවේදී සටහනත් මේ වනවිට සමාජය පුරා දැඩි කතාබහට ලක්ව තිබේ.
  • ශකීරා වැඩිදුරටත් කියා සිටින්නේ, දරුවන්ගේ ආදරය මැජික් එකක් බවත්, "කැළැල් දෙස බලාගෙන අඬන්නෙ නැතුව, හිනාවෙන තරමට ඔබ සුවපත් කරන්න දරුවන්ගේ ආදරේට පුලුවන්" බවත්ය.
  • තනිවෙන අවස්ථාවලදී, පුංචි මැජික්කාරයෙකු ළඟින් සිටීම කෙතරම් වාසනාවක්ද යන්න අවධාරණය කරන ඇය, තමන්ව සුවපත් කළ මැජික්කාරයන් දෙදෙනෙකු (ඇගේ පුතුන්) වේදිකාවට ගෙන ආවේ සිය ජීවිතයේ අත්දැකීම් ඇතුළත් ගීතයක් ගයද්දීය.
  • "...මගේ හැඬීම ඔබට දැකීමට නොදෙන්න මා උත්සාහ කළා,  මගේ බිඳෙනසුළු බව නොදකින්න..
අකුරු ප්‍රමාණය (Font Size):


දෙසැම්බර් 9 වන දින ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හිදී පැවති ප්‍රසංගයකදී මෙම ත්‍රිත්වය එකට ගීතය ගායනා කළ අතර, ඔවුන් දෙදෙනා තම මවගේ ඇඳුමට සමාන ඇඳුම් කට්ටල ඇඳගෙන සිටීම කැපී පෙනුණි.

shakeera
ශකීරා වැඩිදුරටත් කියා සිටින්නේ, දරුවන්ගේ ආදරය මැජික් එකක් බවත්, "කැළැල් දෙස බලාගෙන අඬන්නෙ නැතුව, හිනාවෙන තරමට ඔබ සුවපත් කරන්න දරුවන්ගේ ආදරේට පුලුවන්" බවත්ය.
මෙම ප්‍රසංගයේ දී ඇය දරුවන් වෙනුවෙන් කරන කැපවීම මෙන්ම ඔවුන්ගෙන් ලබන සුවය ලොවට පෙන්වා දුන්නාය.

තනිවෙන අවස්ථාවලදී, පුංචි මැජික්කාරයෙකු ළඟින් සිටීම කෙතරම් වාසනාවක්ද යන්න අවධාරණය කරන ඇය, තමන්ව සුවපත් කළ මැජික්කාරයන් දෙදෙනෙකු (ඇගේ පුතුන්) වේදිකාවට ගෙන ආවේ සිය ජීවිතයේ අත්දැකීම් ඇතුළත් ගීතයක් ගයද්දීය.

"...මගේ හැඬීම ඔබට දැකීමට නොදෙන්න මා උත්සාහ කළා, 
මගේ බිඳෙනසුළු බව නොදකින්න..
 ජීවිතය මට මේ විදියට සැලකුවත්,
 මම ඔබ වෙනුවෙන් පමණක් ශක්තිමත් වෙන්නම්.
 මට අවැසි එකම දේ ඔබේ සතුට පමණයි, සහ ඔබ සමග සිටීමයි...
ඔබට ආදරය කිරීම වේදනාවට නිර්වින්දනයක් වී සිටියි, එය මට පහසුවක් ගෙනෙයි...
ඔබ පැමිණියේ මා පරිපූර්ණ කිරීමටයි."
මෙම ගීතය හරහා, ශකීරා විසින් තම හදවත බිඳුණු අවස්ථාවලදී පවා, හානි වූ දේවල් විසි නොකෙරෙන නමුත් ඒවා පිළිසකර කළ හැකි බවත්, තුවාල රිදුම් දුන්නත් ජීවිතයට හිනාවෙන්නම සිදුවන බවත් ලෝකයට පෙන්වා දී තිබේ. 
 
- සාර දිසානායක 
 
 
 
මුලාශ්‍ර
 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...