BREAKING
Top Ad
පුවත්

2025 වසරට දැඩි මූල්‍ය විනයක් සහිත අයවැයක්

T

The Leader

August 13, 2024 • 11:23 AM

2025 වසරට දැඩි මූල්‍ය විනයක් සහිත අයවැයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහජන මුදල් කාර්යාක්ෂමව හා ජනතාවගේ යහපත සඳහා උපරිමයෙන්ම යොදා ගැනෙන පරිදි දැඩි මූල්‍ය විනයක් සහිතව ලබන වසර
  • මහින්ද සිරිවර්ධන ගේ අත්සනින් යුතු මෙම චක්‍රලේඛය, සියලු අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතන, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන ඇතුළු රජයේ සියලුම ආයතන ප්‍රධානින් වෙත පෙරේදා (12) යවා ඇත.
  • ලබන වසර සඳහා අයවැය සකස් කිරිමේදී වසර “2025 - 2027 “ මධ්‍යකාලීන දැක්මට අනුව තම ආයතනවල යෝජනා මුදල් අමාත්‍යංශය වෙත ලබා දෙන්නැයි ලේකම්වරයා ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
  • 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත (PFM පනත) සහ 2025-2027 මධ්‍ය කාලීන මූල්‍ය රාමුවට (MTFF) අනුකූලව 2025 අයවැය  සකස් කිරීමට අපේක්ෂා කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

(2025) සඳහා අයවැය සකස් කිරිමට අදාළ මාර්ගෝපදේශ සහිත චක්‍රලේඛය මුදල් අමාත්‍යංශය මඟින් මේ වන විට නිකුත් කර තිබේ.

මුදල් අමාත්‍යංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන ගේ අත්සනින් යුතු මෙම චක්‍රලේඛය, සියලු අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතන, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන ඇතුළු රජයේ සියලුම ආයතන ප්‍රධානින් වෙත පෙරේදා (12) යවා ඇත.

මෙහි විශේෂත්වය වන්නේ වඩාත් කාර්යක්ෂම සහ දූෂණයකින් තොරව මහජන මුදල් කළමනාකරණය කිරීම සඳහා උපදෙස් ලබාදී තිබිමයි.


ලබන වසර සඳහා අයවැය සකස් කිරිමේදී වසර “2025 - 2027 “ මධ්‍යකාලීන දැක්මට අනුව තම ආයතනවල යෝජනා මුදල් අමාත්‍යංශය වෙත ලබා දෙන්නැයි ලේකම්වරයා ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.


2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත (PFM පනත) සහ 2025-2027 මධ්‍ය කාලීන මූල්‍ය රාමුවට (MTFF) අනුකූලව 2025 අයවැය  සකස් කිරීමට අපේක්ෂා කෙරේ.

2025 අයවැය මූල්‍ය විනය සහ විචක්ෂණශීලී මූල්‍ය කළමනාකරණය සහතික කිරීම සඳහා සකස් කරනු ලබන අතර, ප්‍රමාණවත් මහජන අරමුදල් කාර්යක්ෂමතාව ප්‍රශස්ත කිරීම සහ මුදල් සඳහා වටිනාකම සහතික කිරීම සඳහා උපායමාර්ගිකව යෙදවීම මෙමඟින් සහතික කරයි.

මෙම චක්‍රලේඛයේ අරමුණ වන්නේ වියදම් ඇස්තමේන්තු සකස් කිරීමේදී වියදම් නියෝජිතායතනවලට අවශ්‍ය මාර්ගෝපදේශ සැපයීමයි.

2022 දී උච්චතම වූ ගැඹුරු සහ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයෙන් පසුව, රජය පසුගිය වසර දෙක තුළ විස්තීර්ණ ණය පහසුකම් ලබා ගනිමින් හා එය මනාව සම්බන්ධීකරණය කරගෙන සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ මෙම ප්‍රයත්නයේ ප්‍රමුඛත්වය ගෙන ඇත. මෙම ප්‍රතිසංස්කරණ මඟින් 2021 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.7% ක ප්‍රාථමික අයවැය හිඟය, 2023 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6% ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් බවට පත් කිරීමට හැකි වී ඇත.


මෙම ක්‍රියාමාර්ග හරහා අනෙකුත් සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන් සමඟින්, ආර්ථිකයේ ස්ථායීතාවයක් දැන් තහවුරු වී ඇත.  මෙම ධනාත්මක ප්‍රතිඵල ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින් විඳදරාගත් පරිත්‍යාගයන් සහ දුෂ්කරතා තුළින් හැකි වූ විනයගරුක මූල්‍ය භාවිතයන්ගේ ප්‍රතිඵලයකි.


පසුගිය වසර දෙක හා සසඳන විට රාජ්‍ය මූල්‍ය තත්ත්වය සැලකිය යුතු ලෙස ස්ථාවර වී ඇතත්, මෙය කිසිසේත්ම සෑහීමකට පත්වන කාලයක් නොවේ. පවතින ආර්ථික ස්ථාවරත්වය මූල්‍ය විනය පවත්වාගෙන යාමට සහ සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ මාවතේ අඛණ්ඩ පැවැත්මට අවශ්‍යය.

 මෙම මාවතෙන් යම් අපගමනය ශීඝ්‍ර ආර්ථික පසුබෑමක් කරා යන විෂම චක්‍රය වෙත රට පහසුවෙන් තල්ලු කළ හැකිය. එබැවින් ඉදිරියටත් එවැනි  අර්බුදයක් ඇති නොවන තැනට වග බලා ගනිමින් අයවැය යෝජනා එවන්නයි මහා භාණ්ඩාගාර දැනුම් දී ඇත.

(ජේ. මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...