ඒ අනුව වසර 2025 මුල් මාස හතර සඳහා පළමුව අතුරු සම්මත ගිණුමකුත් ඉන් අනතුරුව ජාතික අයවැය ලේඛනයකුත් ඉදිරිපත් කිරීමට නව රජයට කටයුතු කරනු ඇත.
නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයෙන් පසු බලයට පත්වන රජය, අමාත්‍යාංශ සහ ඊට අදාළ ආයතන ගැසට් කළ යුතුව තිබේ. ඉන් පසු ඒවාට ඉදිරි වසර සඳහා වියදම් සහ සංවර්ධන යෝජනා මෙන්ම ආදායම් ලබා ගැනීම් ඇස්තමේන්තු සකස් කළ යුතුව තිබේ.
මෙම කරුණු ඉතා ඉක්මනින් සපුරාලීමට කාලයක් නොමැතිකම නිසා වසර 2025 මුල් මාස හතර සඳහා පළමුව අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරනු ඇත.
වසර 2025 මුල් මාස හතරේ රජය අත්‍යවශ්‍ය වියදම් සහ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය මුදල් සහ අයවැයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම මෙම අතුරු සම්මත ගිණුම හරහා සිදුකරගනු ඇත.
ඉන් අනතුරුව විද්‍යාත්මක පදනමක් මත දැනට පවතින අමාත්‍යාංශ සහ ඒවායේ සේවා වෙන්කර ගැනීම්, ඒවා ගැසට් කිරීම සිදුකිරීමට නියමිතය. එලෙස විධිමත් ආකාරයට අමාත්‍යාංශ හා විෂයන් වෙන්කර ගැනීමෙන් පසු වසර 2025 සඳහා සම්පූර්ණ අයවැයක් ඉදිරිපත් කිරීම සිදු කෙරේ.
මෙම වසර 2025 සඳහා වූ සම්පූර්ණ අයවැය ඉතා කඩිනමින් ඉදිරිපත් කිරීමට රජය ක්‍රියාකරනු ඇතැයි දේශපාලන සහ මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
(ජේ. මුණසිංහ)
අයවැය කල් යයි - 2025 මුල් මාස 4ට අතුරු සම්මත ගිණුමක්
T
The Leader
October 13, 2024 • 11:20 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මේ වසරේ නොවැම්බර් මාසයේදී ලබන වසර (2025) සඳහා අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම හේතුවෙන් එය කල් දැමීමට සිදුව ඇත.
- නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයෙන් පසු බලයට පත්වන රජය, අමාත්‍යාංශ සහ ඊට අදාළ ආයතන ගැසට් කළ යුතුව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


