විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අපේක්ෂක වෛද්‍ය නලීන්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමත් සමගම වසරකට එක්සත් ජනපද ඩොලර් බිලියන 8.5 වාර්ෂික ආදායමක් මෙම අංශයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු කීය.
''මෙරටට පැමිණෙන සංචාරකයින් රට තුළදී වැඩි වශයෙන් ඩොලර් වියදම් කරන පිරිසක් බවට පත් කළ යුතුයි. එවැනි පිරිස් මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ගත යුතුයි'' නලින්ද ජයතිස්ස පැවසිය.
ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයින් ගෙන්වා ගනිමින් ඉහළ ආදායමක් මෙම ක්ෂේත්‍රයේ දියුණුව හරහා ලබා ගැනීමට රජය කටයුතු කරන බවද ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඇතුලු සියලු සම්පත් වැඩි දියුණු කිරීමට පිරිපුන් සහයෝගයක් රජය ලබා දෙන බවත් නලින්ද ජයතිස්ස සඳහන් කළේය.
එළඹෙන මහා මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වී තිබෙන තම කණ්ඩායමේ බලාපොරොත්තුව මන්ත්‍රී ධූර එකොළහෙන් අටක් ලබා ගැනීම බවද ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වෛද්‍ය නලීන්ද ජයතිස්ස සඳහන් කළේය.
ජාතික ආර්ථිකය දියුණු කිරීම සමගින් ග්‍රාමීය ආර්ථික සංවර්ධනය සහ පොදු ජනතාවගේ සුබසාධනය, යටිතල පහසුකම් සංවර්ධනය ජීවනෝපාය සවිබල ගැන්වීම රජයේ ප්‍රමුඛ කාර්ය බවද කී වෛද්‍ය නලින්ද, ඉතිහාසයේ මෙතෙක් පැවැති රජයන් මෙගා ව්‍යාපෘතිවලට මුල්තැන දෙමින් ලුහු යටිතල පහසුකම් සංවර්ධන කටයුතු අමතක කොට ක්‍රියා කොට තිබීම පාඩමකට ගෙන තම රජය කටයුතු කරන බවද අවධාරණය කළේය.
රාජ්‍ය සේවයේ ඵලදායිතාවය, කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා සහ මහජනතාවට වඩාත් පහසුවෙන් මිත්‍රශීලීව සේවා ලබා ගැනීමට හැකිවන ආකාරයට රාජ්‍ය සේවා මුලුමනින්ම ඩිජිටල් කරණයට ලක්කරණ බවත්, නව නිෂ්පාදනය ආර්ථිකයකට මුල පුරන බවත්, දූෂණ විරෝධී වැඩපිළිවෙලක් ඔස්සේ හැකිතරම් ලොව පිළිගත් සෘජු විදේශ ආයෝජන කැදවා ගනිමින් නව ආයෝජන සිදුකරන බවත් ඔහු පැහැදිලි කළේය.
සංචාකරයින් පැමිණීම වැඩිකර ගැනීම සඳහා දැනට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන නිසා එහි දෙවනි අධියරේ ඉදිකිරීම් ජපාන රජයේ ආධාර යටතේ ආරම්භ කිරීමට දැනටමත් පියවර ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය.
වත්මන් ජනපති අනුර කුමාර දිසානායක ලෝකය පුරා දූෂණ විරෝධී ජනපතිවරයා ලෙස දැනටමත් නමක් දිනාගෙන ඇතැයි කී නලින්ද ජයතිස්ස, ඒ හරහා සෘජු විදේශ ආයෝජන කැදවා ගැනීමට විශාල විභවතාවයක් මතුව ඇතැයිද වැඩිදුරටත් සඳහන් කළේය.
(ජේ. මුණසිංහ)



