ඔහු ලංකාවේ බයිලා සංගීතයට හරිම ආදරේ කරපු කෙනෙක් නිසයි මේ ගීතයට බයිලා රිද්මයක් ලැබුණේ.
මේ තනුවට ලංකාවේ හැදුණු පරණම සිංහල ගීතයේ පද පේළිය පටන් ගන්නේ "හරිම වැඩක් නේද මචං, හරිම වැඩක් නේ" කියලා. ඒ පරණ සින්දුවේ පද මාලාව මෙන්න මේ වගෙයි:
ඩිංගිරි ඩිංගාලේ මීනාච්චි - ඩිංගිරි ඩිංගාලේ
උලගම් පෝර පෝක්ක පාරු - තංගමේ තිල්ලාලේ...
මේ ගීතයේ තවත් ප්‍රසිද්ධ සංස්කරණයක් එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා සහ එම්.එස්. ප්‍රනාන්දු යන ශිල්පීන් "පිස්සු විකාරේ.. දාගෙන පොල්කට්ටේ මාලේ" කියන පද මාලාවෙන් ගායනා කළා.
මේ ඉන්දියාවේ දකුණු ආසියානු සංධ්වනි වාද්‍ය වෘන්දය (South Asian Symphony Orchestra) විසින් මෑතකදී සිදුකළ පටිගත කිරීමක්. මේ වාද්‍ය වෘන්දය මෙහෙයවන්නේ ඇල්වින් අරුමුගම් Alvin Arumugam
(සටහන | විෂ්ණු වාසු -| Vishnu Vàsu)
ලේඛක /නිදහස් මාධ්‍යවේදී
Villagemonk@gmail.com




