BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ලෝක ගුවන් විදුලි දිනයේ නව තාක්ෂණයෙන් ගීත දෙකක්

T

The Leader

February 13, 2026 • 4:51 AM

ලෝක ගුවන් විදුලි  දිනයේ නව තාක්ෂණයෙන් ගීත දෙකක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (13) ට යෙදී ඇති ලෝක ගුවන් විදුලි දිනය නිමිත්තෙන් නව තාක්ෂණය යොදා ගනිමින් ගීත දෙකක් නිකුත් වී තිබේ.
  • එය නවෝත්පාදන පිණිස පමණක් නොව ශ්‍රාවකයා හා ගැඹුරු බැඳීමකට මග විවර කිරීම පිණිස යොදා ගතයුතු බව යුනෙස්කෝ වෙබ් පිටුවේ සඳහන් කර තිබේ.
  • ඒ අනුව කෘත්‍රිම බුද්ධිය උපයෝගී කර ගුවන් විදුලි ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් විවර කරමින් සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්වයෙන් එම ගීත දෙක නිකුත් කර ඇත.
  • කෘත්‍රිම බුද්ධිය මගින් නිෂ්පාදනය කරන ලද ගායකයකු සහ සංගීත කණ්ඩායමක් විසින් එම ගීත ගායනය කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):


2011 වසරේ යුනෙස්කෝ සාමාජික රටවල් විසින් ප්‍රකාශයට පත් කර 2012 එහි මහා සම්මේලනයේ අනුමැතිය පරිදි සෑම වසරකම පෙබරවාරි 13 දා ලෝක ගුවන් විදුලි දිනය ලෙස නම් කර තිබේ.

මෙවර එහි තේමාව කෘත්‍රිම බුද්ධිය හෙවත් ඒ. අයි. තාක්ෂණයයි. එය නවෝත්පාදන පිණිස පමණක් නොව ශ්‍රාවකයා හා ගැඹුරු බැඳීමකට මග විවර කිරීම පිණිස යොදා ගතයුතු බව යුනෙස්කෝ වෙබ් පිටුවේ සඳහන් කර තිබේ.

ඒ අනුව කෘත්‍රිම බුද්ධිය උපයෝගී කර ගුවන් විදුලි ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් විවර කරමින් සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්වයෙන් එම ගීත දෙක නිකුත් කර ඇත.

හර්ෂ උදයකාන්ත පීරිස් විසින් රචිත එම ගීතයන්හි සංගීත සංයෝජනය අසංක උදිත රාජපක්ෂ විසිනි. කෘත්‍රිම බුද්ධිය මගින් නිෂ්පාදනය කරන ලද ගායකයකු සහ සංගීත කණ්ඩායමක් විසින් එම ගීත ගායනය කෙරේ.

"නුඹ නපුරු යැයි මෙතරම්" යන  සිංහල ගීතයේ ගායකයා එරික් චන්ද්‍ර (Erik Chandra )  ය. "Adore you - You're mine" යන  ඉංග්‍රීසි බසින් ගැයෙන ගීතය බෝයි බස් (Boy Buzz) නම් සංගීත කණ්ඩායමක් විසින් ගායනා කෙරේ.

කෘත්‍රිම බුද්ධිය මගින් නිෂ්පාදනය කෙරෙන නව නිර්මාණයන්හි අයිතිය තහවුරු කිරීමට හැකි වීම ද මෙහි සුවිශේෂී ලක්ෂණයකි.

වෘත්තීමය විනිශ්චය, නිර්මාණ ශීලිත්වය සහ මහජන සේවා හර පද්ධතීන්හි උන්නතිය උදෙසා සදාචාරාත්මකව හා වගකීමෙන් පරිහරණය කරන්නේ නම්, ශ්‍රාවක විශ්වසනීයත්වය ශක්තිමත් කිරීමේ පාර්ශවකරුවකු ලෙස කෘත්‍රිම බුද්ධිය සාර්ථකව යොදා ගත හැකි බව යුනෙස්කෝ වෙබ් පිටුව  වැඩි දුරටත් සඳහන් කරයි.

 


සබැඳි ලිපියක් :

කෘත්‍රිම බුද්ධිය තේමා කර ලෝක ගුවන් විදුලි දිනය සැමරේ

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...