BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'දක්ෂතාවය විතරක් තිබිලා මදි, හැදෑරීමත් තියෙන්න ඕනේ' - හිමේෂා දිල්කි

T

The Leader

March 8, 2026 • 10:25 AM

'දක්ෂතාවය විතරක් තිබිලා මදි, හැදෑරීමත් තියෙන්න ඕනේ' -  හිමේෂා දිල්කි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රංගනය ඇතුළු ඕනෑම ක්ෂේත්‍රයක නිරත වීමේදී සහජ දක්ෂතාවය තිබීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්,
  • 'Mirror Arts' යූටියුබ් නාලිකාව සමඟ පවත්වන ලද විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඇය අවධාරණය කළේ, දක්ෂතාවයට හැදෑරීම එක් වූ විට තමන් කරන නිර්මාණය පිළිබඳව මනා අවබෝධයකින් සහ වඩාත් ගුණාත්මක ලෙස ඉදිරිපත් කළ හැකි බවයි.
  • ඒ බුද්ධික දමයන්තගේ ‘මට සිහිනයක් ඇත’ වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක වීම නිසාවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

එය වෘත්තීය මට්ටමින් සාර්ථක කර ගැනීමට නම් විධිමත් හැදෑරීමක් අත්‍යවශ්‍ය බවත් නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනී හිමේෂා දිල්කි පවසන්නීය.

'Mirror Arts' යූටියුබ් නාලිකාව සමඟ පවත්වන ලද විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඇය අවධාරණය කළේ, දක්ෂතාවයට හැදෑරීම එක් වූ විට තමන් කරන නිර්මාණය පිළිබඳව මනා අවබෝධයකින් සහ වඩාත් ගුණාත්මක ලෙස ඉදිරිපත් කළ හැකි බවයි.

වේදිකාව මෙන්ම පුංචි තිරය ද එකලෙස ජයග්‍රහණය කරමින් සිටින හිමේෂා, මෑතකදී සිය කලා ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථාන කිහිපයක් පසු කළ අතර, ලොව විශාලතම වේදිකා නාට්‍ය උළෙලක් ලෙස සැලකෙන නවදිල්ලි ජාත්‍යන්තර වේදිකා නාට්‍ය උළෙල නියෝජනය කිරීමට ලැබීම ඉන් ප්‍රධාන තැනක් ගනී. ඒ බුද්ධික දමයන්තගේ ‘මට සිහිනයක් ඇත’ වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක වීම නිසාවෙනි.


මීට අමතරව, 52 වැනි රාජ්‍ය නාට්‍ය උළෙලේදී ‘The Trauma’ කෙටි නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම නිළිය අංශයේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වූ ඇය, මේ දිනවල විකාශනය වන ‘ආලේ’ ටෙලි නාට්‍යයේ ‘ෂයිනි’ ගේ චරිතය හරහා මෙන්ම ‘නිකිණි කුසුම්’ ටෙලි නාට්‍යයේ ‘චුලක්ෂි’ ගේ චරිතය හරහා ද ප්‍රේක්ෂක ආදරය බෙහෙවින් දිනා සිටින්නීය.

දිනිත ජයරත්න විසින් මෙහෙයවන ලද මෙම හරවත් සාකච්ඡාව හරහා හිමේෂා දිල්කිගේ රංගන ජීවිතය මෙන්ම ඇයගේ පෞද්ගලික ජීවන අත්දැකීම් රාශියක් ප්‍රේක්ෂකයන් සමඟ බෙදාගෙන ඇති අතර, මෙම සම්පූර්ණ වැඩසටහන දැන් ‘Mirror Arts’ යූටියුබ් නාලිකාව ඔස්සේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...