BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

පැය හතක බර අවියක්! | ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඉතා දුර්ලභ සිනමා අත්දැකීමක්

T

The Leader

March 14, 2026 • 2:50 AM

පැය හතක බර අවියක්! | ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඉතා දුර්ලභ සිනමා අත්දැකීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘කතා හැමදාම එකමයි. වැදගත් වෙන්නෙ කාලය ගතවුනු ආකාරය සහ මිනිසුන් පැවැතුනු ආකාරයයි’ බෙලාටාර්-
  • 1955 හංගේරියාවේ උපන් බෙලාටාර් ලෝකයේ සිනමාකරුවන් අතර වඩාත්ම බලපෑම් සහගත සහ රැඩිකල්ම සිනමාකරුවෙක් වන්නේ සිනමාව තුල ඔහු මවන මේ ඝනත්වය නිසාමය.
  • ඒ වෙනුවට ඒ සිනමාව නරඹන්නාගේ ආධ්‍යාත්මික සාධනාවක් බවට පත්වෙයි.
  • ‘චින්තා, මම බෙලාටාර්ගෙ පැය 07 ෆිල්ම් එක පෙන්නන්නයි යන්නෙ’ සුදත් අයියා මෑතක මාව මුනගැහුනාම කිව්වෙ සතුටෙන් දිලිසෙමින්.
අකුරු ප්‍රමාණය (Font Size):


බෙලටාර්ගෙ චිත්‍රපටවල කාලය ඉතා බරය. ඇද වැටෙන වැසි ඉතා දිගය. මිනිසුන් ඇවිද යන්නේ ගමනාන්තයක් නැතුවය.

1955 හංගේරියාවේ උපන් බෙලාටාර් ලෝකයේ සිනමාකරුවන් අතර වඩාත්ම බලපෑම් සහගත සහ රැඩිකල්ම සිනමාකරුවෙක් වන්නේ සිනමාව තුල ඔහු මවන මේ ඝනත්වය නිසාමය.

ඡේදනය නොවෙන දීර්ඝ දර්ශන, මන්දගාමීත්වය, දාර්ශනිකත්වය සහ මානව පැවැත්මේ අන්ධකාරය බෙලාටාර්ගේ සෞන්දර්යයි.

ඒ නිසාම චිත්‍රපටයක සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක් අපේක්ෂා කරන වේගය, විනෝදය, ප්ලොට් ට්විස්ට් ආදිය මේ සිනමාවේ නොමැත. ඒ වෙනුවට ඒ සිනමාව නරඹන්නාගේ ආධ්‍යාත්මික සාධනාවක් බවට පත්වෙයි.

 

belatarබෙලාටාර්
බෙලාටාර් යනු මන්දගාමී සිනමාවේ මුනිවරයාය.

ලංකාවේ පළවෙනි වතාවට බෙලාටාර්ගේ දීර්ඝතම සිනමාව තිරය මත දිගහැරෙන්නට යයි. කාලය පැය 07කි. විවේක කාලයන් දෙකකි. බලන් ඉන්න අමාරු චිත්‍රපට අතර දිව්‍යමය කෘතිය වන්නේ මෙයයි. Satantango හෙවත්  (ෂෝටොන්ටොන්ගෝ උච්චාරණය)  සේටන්ටැන්ගෝ යනු එයයි. සාතන්ගේ ටැන්ගෝව හැටියටත් එය වරනැගෙයි.

satantango still 01 Website
‘චින්තා, මම බෙලාටාර්ගෙ පැය 07 ෆිල්ම් එක පෙන්නන්නයි යන්නෙ’ සුදත් අයියා මෑතක මාව මුනගැහුනාම කිව්වෙ සතුටෙන් දිලිසෙමින්.

‘අම්මට හුඩු’ මට කියවුනා.

ඇත්තටම සුදත් අයියා වගේ කෙනෙක් චිත්‍රපට සංස්ථාවෙ සභාපති වීම ගැන මම සතුටු වෙන්නෙ ඒකයි. ඒ සිනමා උන්මාදය ඇති කෙනෙකුට එතන කළ හැකි අමාරු වැඩ ගොඩක් ඇති නිසයි.

කොහොම නමුත් පැය හතක් බෙලාටාර්ගෙ චිත්‍රපටියක් නැරඹීම කියන්නෙ වෙනමම අත්දැකීමක්. සිනමාකරුවන් වීමට උත්සාහ කරන, බලාපොරොත්තු වෙන අය‍ට අවශ්‍යම භාවනාවක්.

කලින්ම කියන්න ඕන, මේ විනෝදාස්වාදී සිනමාව නම් නෙමෙයි.

 

belatar notice
ඒත් බෙලාටාර්ව මගහැරලා කෙනෙක් ගැඹුරු සිනමාව ස්පර්ශ කරන්නෙ කොහොමද?

‘ඔබ ඔබම බවට පත්විය යුතුයි. ඔබේ පැත්තෙන් සියල්ල පැවසිය යුතු අතර ඔබේම භාෂාවක් ඔබ සතු විය යුතුයි. ඔබට ඔබේම භාෂාවක් ඇත්නම් ඔබට ලෝකයෙන් ඇති වැඩක් නැත. අවුරුදු 34ක සිනමා ජීවිතයෙන් මා උගත් දේ එය යැයි මට සිතෙයි. අදුරේ දිලෙන ආලෝකයක් නොමැතිව ඔබට චිත්‍රපට නිර්මාණය කළ නොහැක’ - බෙලාටාර්


Chinthana D
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...