BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

හොලිවුඩ් සටන් වීරයා චක් නොරිස් සමුගනී

T

The Leader

March 20, 2026 • 10:36 PM

හොලිවුඩ් සටන් වීරයා චක් නොරිස් සමුගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක පූජිත හොලිවුඩ් සටන් නළු චක් නොරිස් දිවි ගමන අවසන් කළේය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 86 කි.
  • 1972 වසරේදී බෲස් ලී ප්‍රධාන චරිත නිරූපණය කළ 'වේ ඔෆ් ද ඩ්‍රැගන්' The Way of the Dragon චිත්‍රපටයේ බෲස් ලීගේ ප්‍රතිවාදියා වූයේ චක් නොරිස්ය.
  •   චක් නොරිස්ගේ ළමා කාලය ඉතා කටුක අත්දැකීම්වලින් පිරුණු එකක් බව පැවැසෙයි.
  • 1960 දශකය අවසානයේ, චක් නොරිස් ලෝක කරාටේ ශූරයෙක් (World Professional Middleweight Karate Champion) විය.
අකුරු ප්‍රමාණය (Font Size):


1940 මාර්තු 10 වනදා ඇමෙරිකාවේ ඔක්ලාහොමා හීදි උපත ලද චක් නෝර්ස් 1958 සිට 1962 දක්වා ඇමෙරිකා ගුවන් හමුදාවේ සේවය කළේය. චක් නොරිස් රංගනයට පිවිසියේ ඉන් අනතුරුවය.

1972 වසරේදී බෲස් ලී ප්‍රධාන චරිත නිරූපණය කළ 'වේ ඔෆ් ද ඩ්‍රැගන්' The Way of the Dragon චිත්‍රපටයේ බෲස් ලීගේ ප්‍රතිවාදියා වූයේ චක් නොරිස්ය. බෲස් ලී සහ චක් නොරිස්ගේ සටන් ජවනිකාව නිසා චක් නොරිස් ලොව පුරා ජනප්‍රිය විය.

 

4a613060 246b 11f1 a79a 77e93010d956.jpg

චක් නොරිස්ගේ ළමා කාලය ඉතා කටුක අත්දැකීම්වලින් පිරුණු එකක් බව පැවැසෙයි. කුඩා කාලයේ ඔහු හරිම ලැජ්ජාශීලී, ශරීරයෙන් දුර්වල, ක්‍රීඩා වලට එච්චර දක්ෂ නැති දරුවෙකි.

ගුවන් හමුදාවේ සේවය කරමින්, කොරියාවට ගිය අවස්ථාවේදී, චක් නොරිස්ට Tang Soo Do සටන් කලාව ප්‍රගුණ කිරීමට හැකිවිය. එය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය විය. Tang Soo Do සටන් කලාව වෙනුවෙන් කැප වී, කළු පටියක් දිනා ගැනීමට ද ඔහු සමත් විය.

1960 දශකය අවසානයේ, චක් නොරිස් ලෝක කරාටේ ශූරයෙක් (World Professional Middleweight Karate Champion) විය. අවුරුදු හයක් එක දිගට ඒ කිරුළ ඔහු සතු කරගත්තේ කිසිම සටනකින් පරාජය නොවී වීම සුවිශේෂී කරුණකි.

80 දශකය චක් නොරිස්ගේ ස්වර්ණමය යුගය යැයි කීවොත් නිවැරදිය. 80 දශකයේ අතිශය ජනප්‍රිය වූ මිසිං ඉන් ඇක්ෂන් Missing in Action, ඩෙල්ටා ෆෝස්  The Delta Force චක් නොරිස්ගේ කැපී පෙනන ක්‍රියාදාම චිත්‍රපට දෙකක් පමණි. චක් නොරිස් ප්‍රධාන චරිතය රඟ පෑ 90 දශකයේ රූපවාහිනියේ විකාශය වුණු වෝකර්, ටෙක්සාස් රේන්ජර් කතාමාලාව මෙරට ද අතිශය ජනප්‍රිය විය.

සෑම චරිතයකින්ම චක් නොරිස් වීරයකු විය. යුක්තිය වෙනුවෙන් අසාධාරණය වෙනුවෙන් ඔහු නැගී සිටියේය. කිසිවෙකුට යටත් නොවන ශක්තිමත් පෞරුෂයක් ඔහු පෙන්නුවේය. චක් නොරිස්ගේ ප්‍රකට පා පහර Roundhouse Kick ඔහුගේ අනන්‍යතාවයයි.

chuck norris fam 2 7d0c993d6a0644cda800386d2b86bd4b

චක් නොරිස් නිහතමානී චරිතයකි. ආදර සැමියෙකි. බිරිඳ ජෙනා ඕ'කෙලි අසනීප වූ පසු ඔහු රංගනයෙන් සමුගත්තේය. ඒ, බිරිඳ වෙනුවෙන් කාලය ගත කිරීම සහ ඇයට උපස්ථාන කිරීමටය. ජෙනා ඕ'කෙලි චක් නොරිස්ගේ දෙවැනි බිරිඳය. චක් නොරිස්ට දරුවන් පස් දෙනෙකි.


| lankadeepa

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...