BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

දුෂ්‍යන්ත් වීරමන්ට එරෙහිව අධිකරණ නියෝගයක්

T

The Leader

March 28, 2026 • 12:33 AM

දුෂ්‍යන්ත් වීරමන්ට එරෙහිව අධිකරණ නියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “නෙලුම් විලෙන් පැන” ගීතය ගායනා කිරිම වාරණය කරමින් කොළඹ වානිජ මහාධිකරණය විසින් දුෂ්‍යන්ත වීරමන් ට එරෙහිව වාරණ ආඥාවක් ඊයේ (27) නිකුත් කළේය.
  • තවද පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එකී ගීත වෙනත් පාර්ශවයන් වෙත ලබා දීමද මහාධිකරණය විසින් වාරණය කරන ලදි.
  • නැවත මෙම නඩුව අප්‍රේල් මස 10 වැනිදා කැදවීමට වානිජ මහාධිකරණය නියෝග කරනු ලැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):


එකී ගීතයේ තනු නිර්මාණය සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ රවිහන්ස වැටකේපොත විසින් මෙම නඩුව දුෂ්‍යන්ත වීරමන් යන අයට එරෙහිව ගොනු කර තිබුණි.

සියලු කරුණු සලකා බැලු වානිජ මහාධිකරණ විනිසුරු අමාලි රණවීර විසින් මෙම වාරණ නියෝගය දුෂ්‍යන්ත් වීරමන් ට එරෙහිව නිකුත් කරනු ලැබුවාය.

තවද පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එකී ගීත වෙනත් පාර්ශවයන් වෙත ලබා දීමද මහාධිකරණය විසින් වාරණය කරන ලදි.

පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සදහන් කර සිටියේ ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපල හිමිකම කිසිදු අයෙකුට උල්ලංඝනය කල නොහැකි හිමිකමක් වන බවත් දුෂ්‍යන්ත් වීරමන් විසින් පැමිණිලිකරුගේ අවසරයකින් තොරව සිය ගීතයක් වශයෙන් ගායනා කරමින් සිටින බවත් ඔහු විසින් පැමිණිලිකරුගේ බුද්ධිමය දේපල හිමිකම උල්ලංඝනය කර ඇති බවත්ය.

නැවත මෙම නඩුව අප්‍රේල් මස 10 වැනිදා කැදවීමට වානිජ මහාධිකරණය නියෝග කරනු ලැබීය.

 



පැමිණිලිකරු වෙනුවෙන් නිතිකා පාර්ට්නර්ස් නීතිඥ සමාගමේ උපදෙස් මත නීතිඥ නුවන් ගොඩගේ සමග නීතිඥ සදුන් සේනාධිපති පෙනි සිටියේය.

| dinamina
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...