The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
සාහිත්‍ය - කලා

නදී වාසලමුදලිආරච්චි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක ජූරියකට!

T

The Leader Desk

May 3, 2026 • 10:57 AM

  නදී වාසලමුදලිආරච්චි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක ජූරියකට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබන වසරේදී තවත් ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල දෙකකට ජූරි සභිකාවක ලෙස සහභාගි වීමට ඇයට මේ වන විටත් ආරාධනා ලැබී ඇති බව තවදුරටත් වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනප්‍රිය නිවේදිකාවක, ලේඛිකාවක වන නදී වාසලමුදලිආරච්චිගේ කුළුඳුල් වෘතාන්ත චිත්‍රපට අධ්‍යක්ෂනය වන 'පැන්ත්‍රම්' පසුගිය වසරේ මැයි මාසයේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ Independent Experimental Film Festival of Kerala චිත්‍රපට උළෙලේදී සිය ලෝක ප්‍රදර්ශනය (World Premiere) පැවැත්වූ අතර සම්පත් ගුණවර්ධන, උදාර පල්ලියගුරු සම නිශ්පාදනයක් වන 'පැන්ත්‍රම්' චිත්‍රපටය මේ වනවිට ආසියාවේ පැරණිතම හා විශාලතම සිනමා සම්මාන උළෙල හතරෙන් එකක් ලෙස සැළකෙන ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල, එමෙන්ම නේපාල අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල, දිල්ලි අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල, ඇතුළු අන්තර්ජාතික චිත්‍රපට උළෙල 25 ක් නියෝජනය කරමින් Best feature film, Best Experimental Feature Film, Best Script and Story, Best Cinemotograpy ඇතුළු අංශ කිහිපයකින් අන්තර්ජාතික සම්මාන 10ක් දිනාගැනීමට සමත්ව ඇත.

පසුගිය වසරේ (2025) 'පැන්ත්‍රම්' චිත්‍රපටයේ සිය කුළුඳුල් ලෝක දැක්ම සිදුකළ Independent Experimental Film Festival of Kerala සිනමා සම්මාන උළෙලේ ප්‍රධාන තරඟකාරී අංශය සඳහා ජූරිය නියෝජනය කිරීමට ජූරිසභිකාවක ලෙස ඇයව තෝරා පත්කර ගැනීම මෙහිදී සුවිශේෂී අවස්තාවක් ලෙස සැළකිය හැකි අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලයන්හි ජූරිය නියෝජනය කල සිනමාකරුවන් අතලොස්සක් අතරට පැමිණීමට සිය ප්‍රථම සිනමා නිර්මාණයෙන්ම ඇයට අවස්ථාව උදාවීම තවත් සුවිශේෂී කරුණක් ලෙස සැළකිය හැකිය.

ලබන වසරේදී තවත් ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල දෙකකට ජූරි සභිකාවක ලෙස සහභාගි වීමට ඇයට මේ වන විටත් ආරාධනා ලැබී ඇති බව තවදුරටත් වාර්තා වේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නදී වාසලමුදලිආරච්චි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක ජූරියකට! | The Leader