The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
සාහිත්‍ය - කලා

දේවානන්ද වෛද්‍යසේකරගේ කලා මෙහෙවරට ප්‍රණාම පුදකරමින් 'නීල නුවන්'

T

The Leader Desk

May 8, 2026 • 11:13 AM

දේවානන්ද වෛද්‍යසේකරගේ කලා මෙහෙවරට ප්‍රණාම පුදකරමින් 'නීල නුවන්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රසංගයේ මිහිර විදින්නට ප්‍රධාන ආරාධිතයින් ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
  • දේවානන්ද වෛද්‍යසේකර කලා ක්ෂේත්‍රයට කළ මෙහෙවර අගයා ගෞරව හරසර ප්‍රණාම පුද කරමින් සමරු ඵලක ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතූළු සම්භාවනීය ආරාධිත අමුත්තන් අතින් මෙහිදී සිදු කෙරිණි.
  • මෙවැනි කලාකරුවන් ජාතික සම්පත් බව ද ඔහු පැවසීය.
  • ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ ආචාර්ය නන්දා මාලනිය නමින් මැදිරියක් නම් කළ අතරම ජායාරූපයක් විවෘත කළ බවත්, ආචාර්ය වික්ටර් රත්නායක නමිනුත් එම ආකාරයෙන්ම කටයුතු සිදුකළ බවත්, එම කටයුතු කෙරෙන අතරේ දේවානන්ද වෛද්‍යසේකර අද දින උපහාරයට ලක් කෙරෙන බව ද පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රසංගයේ මිහිර විදින්නට ප්‍රධාන ආරාධිතයින් ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දේවානන්ද වෛද්‍යසේකර  කලා ක්ෂේත්‍රයට කළ මෙහෙවර අගයා ගෞරව හරසර ප්‍රණාම පුද කරමින් සමරු ඵලක ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතූළු සම්භාවනීය ආරාධිත අමුත්තන් අතින් මෙහිදී සිදු කෙරිණි.

y1
එමෙන්ම කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහ විද්වතුන් රැසක් දේවානන්ද වෛද්‍යසේකර මෙරට කලා ක්ෂේත්‍රයට සිදු කළ මෙහෙවර මෙහි දී ඇගයීමට ලක් කරනු ලැබූහ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙහි දී අදහස් දක්වමින් කියා සිටියේ වෘත්තීය වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කලා සේම ගීතය නැමැති ඖෂධයෙන් ද  පරම්පරා ගණනාවක රසික ජනතා හදවත් සුවපත් කරමින්  කළ මෙහෙවර මෙම අවස්ථාවේ ඇගයීමට ලක් කරන බවයි. මෙවැනි කලාකරුවන් ජාතික සම්පත් බව ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා ගුවන්  විදුලි සංස්ථාවේ වත්මන් සභාපතිතුමාගේ මූලිකත්වයෙන් ගුවන් විදුලියේ පැරණි සංස්කෘතික බලකණු රැසක් මෙවැනි ආකාරයෙන් උපහාරයට ලක්කිරීමට මේ වන විට වැඩසටහන් සම්පාදනය කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මෙහි දී අවධාරණය කර සිටියේය.

y5
ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ ආචාර්ය නන්දා මාලනිය නමින් මැදිරියක් නම් කළ අතරම ජායාරූපයක් විවෘත කළ බවත්, ආචාර්ය වික්ටර් රත්නායක  නමිනුත් එම ආකාරයෙන්ම කටයුතු සිදුකළ බවත්, එම කටයුතු කෙරෙන අතරේ දේවානන්ද වෛද්‍යසේකර අද දින උපහාරයට ලක් කෙරෙන බව ද පැවසීය.

වෛද්‍යසේකර කෙනෙක් වෛද්‍යවරයෙක් වීම පුදුමය දනවන්නක් නොවුනත්, වෛද්‍යසේකර කෙනෙක් මහා සංගීතඥයෙක්වීම විමතියට පත්වන්නක් බවත්, එම විමතිය අද දකින බව ද සඳහන්කර සිටියේය.

"නීල නුවන් මානෙල් මල්", "සතුට විලයි සැපත මලයි" වැනි අමරණීය ගීත රැසක් ගායනා කරමින් රසික හදවත් දිනාගත් වෛද්‍යසේකර මහතා, හෙළ සිනමාවේ ස්වර්ණමය යුගයේ පසුබිම් ගායනයෙන්ද සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ශිල්පියෙකි.

එතුමා, මෙරට ජීවත්ව සිටින ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියෙකු ලෙස සැලකෙන අතර, දේශීය සංගීත ක්ෂේත්‍රයට ඉටු කළ  අමිල මෙහෙවර වෙනුවෙන් එතුමා මීට පෙර "සංගීතාභිමානී" රාජ්‍ය සම්මානයෙන්ද පිදුම් ලබා ඇත.

 

y2
එතුමාගේ සුවදුක් විමසීම මෙන්ම කලාකරුවෙකු ලෙස ඉටුකළ මෙහෙවර අගය කිරීම මෙවැනි වැඩසටහන්වල මූලික අරමුණ වේ.

මෙහී දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සියවසක මෙහෙවර වෙනුවෙන් රචිත "සියවසක සිහනඳ" ග්‍රන්ථය ජනගත කිරීම කිරීම ද ගුවන්විදුලි සංස්ථාවේ (SLBC) වත්මන් සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර අතින් සිදු කළ අතර, එම ග්‍රන්ථයේ පිටපතක් දේවානන්ද වෛද්‍යසේකර ට ද පිළිගැන්විණි.

මෙම අවස්ථාවට සම්භාවනීය ආරාධිතයින් ලෙස ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය  ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න  ද එක්ව සිටි අතර,  ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ (SLBC) වත්මන් සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර  ඇතුළු කලා ක්ෂේත්‍රයේ  ප්‍රවීණයින්  වන කීර්ති පැස්කුවෙල්, සනත් ගුණතිළක, ජානක වික්‍රමසිංහ, ඉන්ද්‍රානි පෙරේරා යන කලාකරුවන් විද්වතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


y3y4

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...