The Leader News
BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මේ ඉන්නෙ සුරත්, එයා අපිට මුනගැහෙන්නෙ අභිසාරි චිත්‍රපටියෙ

T

The Leader Desk

May 18, 2026 • 11:44 AM

මේ ඉන්නෙ සුරත්, එයා අපිට මුනගැහෙන්නෙ අභිසාරි චිත්‍රපටියෙ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමහර වෙලාවට මාර විශ්වාසයකින් ගොඩනගා ගත්ත සම්මත ආදරේ එක පාරට මහා බොරුවක් වෙලා කුඩුපට්ටම් වෙලා යනවා.
  • සම්මතය ඇතුලෙ සියල්ල සාර්ථක වූ කෙනෙක්.
  • උගත් දේ අත්හරින එක එයාට තියෙන ලොකුම අභියෝගය බවට පත්වෙනවා.
  • ඇය ගණිකාවක් වෙන්නත් පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):

සමහර වෙලාවට මාර විශ්වාසයකින් ගොඩනගා ගත්ත සම්මත ආදරේ එක පාරට මහා බොරුවක් වෙලා කුඩුපට්ටම් වෙලා යනවා. ඒ වෙලාවට අපි නන්නත්තාර වෙනවා. තුරුල් වෙන්න පපුවක් හොයාගෙන, සල්ලි වලට හරි ගුලිවෙලා ඉන්න තැනක් හොයාගෙන, අපි අසරණ වෙලා වගේ වීදිවල ඇවිදිනවා.

තාන්ත්‍රික කතන්දරවල එනවා ශිල්ප හදාරමින් හිටපු බ්‍රාහ්මණ තරුණයො මෙහෙම නන්නත්තාරෙ යන සිදුවීම් ගැන. සාරහා කතාව එහෙම එකක්. සාරහා කියන්නෙ බ්‍රාහ්මණ බෞද්ධ ශිෂ්‍යයෙක්. පොතපතෙන් බොහෝ දේ උගත් කෙනෙක්. සම්මතය ඇතුලෙ සියල්ල සාර්ථක වූ කෙනෙක්.

 

WhatsApp Image 2026 05 18 at 16.19.48

ඒත් අභ්‍යන්තරයෙන් එයාගෙ හිස්කම එයාට දරුණුවට දැනෙන්න ගන්නවා. උගත් සියල්ල බොරු හැටියෙන් පෙනෙන්න ගන්නවා. අන්තිමට සියල්ල අත්හැරලා සාරහා රස්තියාදුවෙ යනවා. උගත් දේ අත්හරින එක එයාට තියෙන ලොකුම අභියෝගය බවට පත්වෙනවා.

එයාට කඩපොලකදි මුනගැහෙනවා අඩුකුලේ කාන්තාවක්. ඇය ගණිකාවක් වෙන්නත් පුළුවන්. යකඩ තලන්නියක් විදිහටත් කියනවා. කොහොම නමුත් එයා අසම්මතයේ ගැහැණියක්.  එයා එක ඇහැක් වහගෙන සාරහා දිහා බැල්මක් හෙලනවා. ඒ බැල්මෙන් සාරහාට තමන් ගැන එක සැනෙකින් දැනෙන අවබෝධයක් ඇතිවෙනවා.

නූගත්, අඩු කුලේ, අසම්මතයේ ඇය ඔහුට කියලා දෙනවා පහත් යැයි සැලකෙන ජීවිතය තුලම උසස් යැයි කියන ලෝකෝත්තරය පවතින බව. සමාජයේ පිරිසිදු යැයි සැලකීම සහ පැවැත්මෙන් අවබෝධයට පත්වීම අතර සම්බන්ධයක් නැති බව. උගත් කියන්නෙම ජීවිතය තේරුම් ගැනීමට බාධාවක් බව.

සාරහා තාන්ත්‍රික ගුරුවරයෙක් වෙනවා. ඔහුගේ ගුරුවරිය වෙන්නෙ මේ ගණිකාව. ඇගේ වනාන්තර ආත්මය ඇසුරෙ, ඒ නිදහස් ප්‍රඥාව ඇසුරෙ සාරහා මුනිවර පැවැත්මක් ලබනවා.

එක විදිහකට සුරත්ට ඉන්දු ආදරේ කියලා දෙන්නෙත් ඒ වගේ.


 Final Poster.jpg

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...