BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'මණිපද්ම' තුළ කතා කරන්නෙ අත් හැරීමේ සතුට - අසංක රුවන් සාගර (වීඩියෝ)

T

The Leader

June 28, 2026 • 7:36 AM

'මණිපද්ම' තුළ කතා කරන්නෙ අත් හැරීමේ සතුට - අසංක රුවන් සාගර (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි හැම කෙනකුට ම තවත් පුද්ගලයෙක් කෙරෙහි (ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව) ආසක්ත භාවයක් ඇතිවීම සාමාන්‍ය දෙයක්.
  • එහෙම කිසිවකට හෝ කිසිවකුට ආසක්ත නොවන යම් පුද්ගලයෙක් සිටිනවා නම් ඔහු හෝ ඇය: කෙලෙස් ප්‍රහීණ කළ පුද්ගලයෙක් වෙන්න ඔ්න; එහෙමත් නැති නම් කිසියම් රෝගයකින් පෙළෙන පුද්ගලයෙක් වෙන්න ඕන.
  • හැබැයි ඒක හැමෝට ම කරන්න බැහැ; කරන්න පුළුවන් පුද්ගලයො ඉන්නවා.
  • The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ යට සඳහන් කරපු ''මණිපද්ම'' කෘතියේ රචකයා වන: සම්මානනීය ගේය පද රචකයකු මෙන් ම ප්‍රබන්ධ රචකයකු ද වන අසංක රුවන් සාගර යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ හැඟීම, 'අනෙකා තමා සතු කරගන්න ඇත්නම්...' කියන සිතුවිල්ල දක්වා වර්ධනය වෙන්න පුළුවන්. මේ සිතුවිල්ල පුද්ගලයෙක්, පුද්ගලයෙක් කෙරෙහි පමණක් නෙවෙයි... පුද්ගලයෙක් කිසියම් වස්තුවක් කෙරෙහි වුනත් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම කිසිවකට හෝ කිසිවකුට ආසක්ත නොවන යම් පුද්ගලයෙක් සිටිනවා නම් ඔහු හෝ ඇය: කෙලෙස් ප්‍රහීණ කළ පුද්ගලයෙක් වෙන්න ඔ්න; එහෙමත් නැති නම් කිසියම් රෝගයකින් පෙළෙන පුද්ගලයෙක් වෙන්න ඕන. ඒක තමයි ඇත්ත.

හැබැයි දුටු පමණින් ආසක්ත වුණත්, තමන්ට ඒ පුද්ලයා හෝ වස්තුව අයිති කරගන්න විදියක් නැහැ; ඒ පුද්ගලයා හෝ වස්තුව අයිති වෙන කෙනකුට; ඒ නිසා ඒ පිළිබඳව ළතැවීමෙන් පලක් නැහැ කියල හිත හදාගන්න පුළුවන් නම් ඒක විශාල ජයග්‍රහණයක්. හැබැයි ඒක හැමෝට ම කරන්න බැහැ; කරන්න පුළුවන් පුද්ගලයො ඉන්නවා. තවත් සරලව ම කියනවා නම්, තමන්ට අයිති කරගන්න බැරි වස්තුවක් හෝ පුද්ගලයෙක් පිළිබඳ බැඳුණු ආසක්ත භාවය මනසින් ඉවත් කරගන්න පුළුවන් නම් ඒක මනුස්සයෙක් විදියට අපිට ලබන්න පුළුවන් විශාල ජයග්‍රහණයක්.

img 20250827 0013මෙන්න මේ ජයග්‍රහණය පිළිබඳ ව: ඉඟි කරන, සාකච්ඡා කරන සාහිත්‍ය ප්‍රබන්ධයක් තමයි ''මණිපද්ම'' කියන්නෙ.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ යට සඳහන් කරපු ''මණිපද්ම'' කෘතියේ රචකයා වන: සම්මානනීය ගේය පද රචකයකු මෙන් ම ප්‍රබන්ධ රචකයකු ද වන අසංක රුවන් සාගර යි.

මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අසංක රුවන් සාගර කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...