ඒක කතිකාවක්. ලංකාවෙ අපවාදයට අපහාසයට බඳුන්වෙන අභිසාරිකාවන්ගේ ජීවිතයට එබිලා බලන කවුළුවක්.
ඉතිං චිත්‍රපටිය ප්‍රදර්ශනය වීමත් එක්කම අභිසාරි ඡායාරූප ප්‍රදර්ශනයකුත් ආරම්භ වෙනවා. කොළඹ නගරය පුරා දවසින් දවස තැනින් තැනට මේ ප්‍රදර්ශනය ගමන් කරනවා.

මේ ඡායාරූප ප්‍රදර්ශනය ලංකාවෙ සම්මානලාභී ඡායාරූප ශිල්පියෙක් වන දේවා ජයවර්ධනගෙ එකතුවක් විදිහටයි එලිදැක්වෙන්නෙ. Stand up Movement Lanka සාමූහිකය විසින් මෙය ඉදිරිපත් කෙරෙනවා.
කොළඹ නගරයේ අභිසාරිකාවන් රැඳී සිටින තැන් ලෙස ප්‍රකට මංසන්ධි, අභිසාරිකාවන්ගේ විවිධ ස්වරූප මේ රූප එකතුව තුලින් දකින්න පුළුවන්.
ඔවුන්ගේ ජීවිතය, ඔවුන්ගේ සංස්කෘතිය සහ ඔවුන්ගේ අයිතිය ගැන සංවාදය අපිට වීදියෙන් අරඹන්න පුළුවන්.




