BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

අභිසාරි : අරගලය ඇරඹෙයි...

T

The Leader

July 9, 2026 • 2:03 AM

අභිසාරි : අරගලය ඇරඹෙයි...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අභිසාරි චිත්‍රපටිය ජූලි 24 වෙනිදා පටන් තිරගත වෙනවා. ලංකාවෙ පළවෙනි වතාවට සිනමා තිරය මත ගණිකාවක් අන් මිනිසුන් හා සමානම ගැහැණියක් වශයෙන් පෙනී ඉන්නවා.
  • සමාජයෙන් ‘ගැහැණියක’ ලෙස බාරගැනීමට පැකිලෙන, අපවාදයට, අපහාසයට, අපචාරයට ලක් කරන ‘ඇය’ වෙනුවෙන් දියත් කරන සංස්කෘතික අරගලයක්.
  • ඒ වෙනුවට සමාජ වෙනසක් වෙනුවෙන් පෙනී සිටින චිත්‍රපටියක්.
  • රටක ගණිකාවට සලකන ආකාරය ශිෂ්ට සම්පන්න වුවහොත් ගැහැණියට සලකන ආකාරය ශිෂ්ට සම්පන්න වනු ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

 

හිරකරුවන්ට පස්සෙ කවර අසාධාරණයකට ලක්වුනත් සමාජය ‘මනුස්සයෙක්’ හැටියෙන්  පිලිනොගන්නා ප්‍රජාව වෙන්නෙ ලිංගික ශ්‍රමිකයන්. හිරකරුවන් වගේම ගණිකාවන් පහර කෑමකට, ඝාතනයකට ලක්වුනත් බහුතර සමාජය පීඩකයාගේ, ඝාතකයාගේ පැත්ත ගන්න පසුබාන්නෙ නෑ. ‘හොඳට ජීවත් වුනු අය නෙමෙයිනෙ..’

නිදහසට කරුණ වන්නේ එයයි. සදාචාරය කියන දේ මිනිස්සු මරාදැමීමට තරම් කුරිරුයි. බොහෝ විට සදාචාරය පිටුපස තියෙන්නෙමත් අපචාරයයි.
අභිසාරි කියන්නෙ චිත්‍රපටියක් විතරක් නෙමෙයි. ඒක මේ කුරිරු සදාචාරයට කරන අභියෝගයක්. සමාජයෙන් ‘ගැහැණියක’ ලෙස බාරගැනීමට පැකිලෙන, අපවාදයට, අපහාසයට, අපචාරයට ලක් කරන ‘ඇය’ වෙනුවෙන් දියත් කරන සංස්කෘතික අරගලයක්.

 

jko
ඉතින් සාමාන්‍ය චිත්‍රපටියක වගේ විශාල ප්‍රචාරණ ව්‍යාපෘති ‘අභිසාරි’ වෙනුවෙන්  නැහැ. ඒ වෙනුවට මේ ‘වෙනස’ විශ්වාස කරන මිනිස්සු තමයි ඒකෙ ප්‍රචාරකයො වෙන්නෙ. ඒ චිත්‍රපටිය ගැන තව කෙනෙකුට කියන, ෂෙයාර් කරන, ලියන, බනින අපිම තමයි අභිසාරි වෙනුවෙන් වැඩ කරන්නෙ.

මේක ලාභ අරමුණු කරන වාණිජ ව්‍යාපෘතියක් නෙමෙයි. ඒ වෙනුවට සමාජ වෙනසක් වෙනුවෙන් පෙනී සිටින චිත්‍රපටියක්. ඒ වෙනුවෙන් කරන අරගලයක්. මෙයින් ලැබෙන කවර හෝ ලාභයක්  නැවත යෙදෙන්නේ ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතීන් වෙනුවෙන්මයි.

ඉතින්, ඔබ ඒ අරමුණ විශ්වාස කරනවා නම් මේ අරගලයේ ඔබේ කොටස ඉටු කරන්න. ඒ වෙනුවෙන් අභිසාරි සාමූහිකයට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. චිත්‍රපටිය වෙනුවෙන් නිර්මාණය වෙන සියලු දේ එතැන බෙදා හැරෙන අතර ඔබට හැකි පමණින් ෂෙයාර් කරමින්, කමෙන්ට් කරමින් මේ සංවාදය ජීවත් කරන්න පුළුවන්.

Abhisari 260309
අභිසාරි රට පුරා හැමතැනම ප්‍රදර්ශනය වෙන චිත්‍රපටියක් නෙමෙයි. ඒක වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ සීමිත සිනමා ශාලා ගණනක සීමිත කාලයක් තිරගත වෙන චිත්‍රපටියක්. ඉතින් අභිසාරි හොයාගෙන ගිහින්, ළගම සිනමා ශාලාවෙන් නැරඹීමත කියන්නෙමත් ඔබ ලබාදෙන විසල් සහයෝගයක්.

රටක ගණිකාවට සලකන ආකාරය ශිෂ්ට සම්පන්න වුවහොත් ගැහැණියට සලකන ආකාරය ශිෂ්ට සම්පන්න වනු ඇති. ගණිකාවන්ට සහ සිරකරුවන්ට අශිෂ්ට ලෙස සලකන කිසිම රටක පුරවැසියන්ට ශිෂ්ට ජීවිතයක අයිතිය හිමි නොවනු ඇති.

අභිසාරි සමග හමුවෙමු. සාමූහිකයට ඇතුලත් වීමට ලින්ක් එක මෙතනින්.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...