BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

‘ශරීර, දේශපාලනය, මතකය’ කලා ප්‍රදර්ශනය කොළඹදී

T

The Leader

August 27, 2026 • 5:49 AM

‘ශරීර, දේශපාලනය, මතකය’ කලා ප්‍රදර්ශනය කොළඹදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බලහත්කාර අතුරුදහන්වීම්වලට ගොදුරු වූවන් සිහිපත් කිරීම සහ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් සත්‍යය, යුක්තිය හා වගවීම පිළිබඳ සමාජ සංවාදයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් ‘ශරීර, දේශපාලනය, මතකය’ නමින් තෙදින කලා ප්‍රදර්ශනයක් කොළඹදී පැවැත්වීමට නියමිතය.
  •   ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුරා සිදුවූ බලහත්කාර අතුරුදහන්වීම්, ඒවාට අදාළ දේශපාලන හා සමාජ සන්දර්භය මෙන්ම එම සිදුවීම් පිළිබඳ පවුල් සහ සමාජය තුළ තවදුරටත් ජීවමානව පවතින මතකය පිළිබඳ සංවාදයක් ඇති කිරීම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණක් බව සංවිධායකයෝ පවසති.
  • 1971 සහ 1989 දකුණේ කැරලි, 1983 ජාතිවාදී ප්‍රචණ්ඩත්වය, වසර තිහකට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධය සහ පශ්චාත් යුද සමය තුළ ශ්‍රී ලංකාවේ අතුරුදහන්වීම්, ඝාතන සහ වධහිංසා සම්බන්ධයෙන් බරපතළ සිදුවීම් වාර්තා වී තිබේ.
  •   අතුරුදහන්වූවන් පිළිබඳ ස්ථිර කාර්යාලය සහ වන්දි කාර්යාලය පිහිටුවා වසර ගණනාවක් ගතවී ඇතත්, පවුල්වලට සෑහීමකට පත්විය හැකි පිළිතුරු නොලැබීම හේතුවෙන් එම ජාතික යාන්ත්‍රණ කෙරෙහි විශ්වාසයේ අර්බුදයක් පවතින බවද ඔවුහු සඳහන් කරති.
අකුරු ප්‍රමාණය (Font Size):

අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය අගෝස්තු 31 සිට සැප්තැම්බර් 2 දක්වා කොළඹ හෝර්ටන් පෙදෙසේ පිහිටි J. D. පෙරේරා කලා ප්‍රදර්ශනාගාරයේදී පැවැත්වේ.
 
ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුරා සිදුවූ බලහත්කාර අතුරුදහන්වීම්, ඒවාට අදාළ දේශපාලන හා සමාජ සන්දර්භය මෙන්ම එම සිදුවීම් පිළිබඳ පවුල් සහ සමාජය තුළ තවදුරටත් ජීවමානව පවතින මතකය පිළිබඳ සංවාදයක් ඇති කිරීම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණක් බව සංවිධායකයෝ පවසති.
WhatsApp Image 2026 08 27 at 10.40.56 1

1971 සහ 1989 දකුණේ කැරලි, 1983 ජාතිවාදී ප්‍රචණ්ඩත්වය, වසර තිහකට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධය සහ පශ්චාත් යුද සමය තුළ ශ්‍රී ලංකාවේ අතුරුදහන්වීම්, ඝාතන සහ වධහිංසා සම්බන්ධයෙන් බරපතළ සිදුවීම් වාර්තා වී තිබේ.

එම සිදුවීම් සම්බන්ධයෙන් විවිධ කොමිෂන් සභා සහ විමර්ශන යාන්ත්‍රණ පිහිටුවා නිර්දේශ ඉදිරිපත් කර තිබුණද, අතුරුදහන්වූවන්ගේ පවුල් අපේක්ෂා කරන මට්ටමේ සත්‍යය හෙළිදරව් කිරීම, යුක්තිය, වගවීම සහ ඵලදායී හානිපූරණය තවමත් සම්පූර්ණ වී නොමැති බවද සංවිධායකයෝ පෙන්වා දෙති.
 
අතුරුදහන්වූවන් පිළිබඳ ස්ථිර කාර්යාලය සහ වන්දි කාර්යාලය පිහිටුවා වසර ගණනාවක් ගතවී ඇතත්, පවුල්වලට සෑහීමකට පත්විය හැකි පිළිතුරු නොලැබීම හේතුවෙන් එම ජාතික යාන්ත්‍රණ කෙරෙහි විශ්වාසයේ අර්බුදයක් පවතින බවද ඔවුහු සඳහන් කරති.
 
මෙම ප්‍රදර්ශනය මගින් පිහිටුවා ඇති කොමිෂන් සභා, ඒවායේ නිර්දේශ, මේ දක්වා ලබා ඇති ප්‍රගතිය සහ පවතින අඩුපාඩු පිළිබඳව මෙන්ම ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද පුළුල් සංවාදයක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.
 
WhatsApp Image 2026 08 27 at 10.40.57 1
‘ශරීර, දේශපාලනය, මතකය’ යන තේමාව තුළින් අතුරුදහන් වූ පුද්ගලයාගේ ශරීරය, එම අතුරුදහන්වීම පිටුපස පවතින බල සම්බන්ධතා සහ දේශපාලන සන්දර්භය මෙන්ම, අතුරුදහන්වූවන් අමතක නොකිරීම සඳහා පවුල් සහ සමාජය ගෙන යන අරගලයද විමසා බැලීමට ප්‍රදර්ශනය උත්සාහ කරයි.

දෘශ්‍ය කලා ශිල්පීන් අට දෙනෙකු මෙම ප්‍රදර්ශනයට එක්වන අතර, දේශපාලන ප්‍රචණ්ඩත්වය හා අතුරුදහන්වීම් සම්බන්ධ කලා කෘති කිහිපයක්ද එහිදී ප්‍රදර්ශනය කෙරේ.
 
විශේෂයෙන් තරුණ පරපුර අතර මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ අවබෝධය වර්ධනය කිරීමද ප්‍රදර්ශනයේ අරමුණකි. තරුණයන් ඇතුළු පුරවැසියන්ට ප්‍රශ්න කිරීමට, අදහස් දැක්වීමට, අත්දැකීම් බෙදා ගැනීමට සහ අතුරුදහන්වීම් පිළිබඳ විසඳුම් ක්‍රියාවලිය සඳහා නව අදහස් ඉදිරිපත් කිරීමට අවකාශයක් ලබාදීමද මෙහිදී අපේක්ෂා කෙරේ.
 
“අතුරුදහන් කළ හැක්කේ ශරීරයක් පමණක්ද?” යන ප්‍රශ්නය මූලික කරගනිමින් මතකය, සත්‍යය සහ යුක්තිය පිළිබඳ නව සංවාදයක් සමාජය තුළ ගොඩනැගීම ප්‍රදර්ශනයේ අපේක්ෂාවයි.

බලහත්කාර අතුරුදහන්වීම්වලට ගොදුරු වූවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර දිනයේ 15 වැනි සැමරුම අගෝස්තු 30 වැනිදාට යෙදෙන අතර, එය නිමිත්තෙන් රටේ විවිධ ප්‍රදේශවල වැඩසටහන් කිහිපයක්ද සංවිධානය කර තිබේ.
 
WhatsApp Image 2026 08 27 at 10.43.37
 
‘ශරීර, දේශපාලනය, මතකය’ ප්‍රදර්ශනය අගෝස්තු 31, සැප්තැම්බර් 1 සහ 2 යන දිනවල අංක 46, හෝර්ටන් පෙදෙස, කොළඹ පිහිටි J. D. පෙරේරා කලා ප්‍රදර්ශනාගාරයේදී පැවැත්වේ.

සංවිධානය: අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව
කලා අභිරක්ෂක: අසංක ජයසිංහ

 

WhatsApp Image 2026 08 27 at 10.40.56

 WhatsApp Image 2026 08 27 at 10.40.57

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...