BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

තිලක් සේනාසිංහගේ අලුත්ම කෘතියෙන් පැරණි මතවලට විදු ඇසක්

T

The Leader

September 28, 2026 • 6:57 AM

තිලක් සේනාසිංහගේ අලුත්ම කෘතියෙන් පැරණි මතවලට විදු ඇසක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇදහිලි හා ශාන්තිකර්ම පිළිබඳ මානව විද්‍යාත්මක සහ මනෝ වෛද්‍ය විද්‍යාත්මක නූතන කියවීමක් රැගත් තිලක් සේනාසිංහගේ නවතම ග්‍රන්ථය එළිදැක්වේ.
  • ඔහු විසින් සම්පාදිත ''පැරණිමත ගැන අලුත් දැනුමක්'' නමැති නවතම ග්‍රන්ථය ඊයේ (27) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියෙහි පිහිටි ප්‍රධාන පීඨිකාවේ දී ජනගත කළේ ය.
  • එනම්, මාරක කතා චක්‍රවර්ති ලෙස විරුදාවලි ලත් ප්‍රකට ලේඛක ඩීමන් ආනන්ද ලේඛකයා ගේ එකම දියණිය වන වරුණි ෂර්මිලා ආනන්ද වෙත ය; මෙම කෘතියෙහි පිදුම යොමු කර ඇත්තේ ද ඩිමන් ආනන්ද වෙත ය.
  • එනම් මෙරට ජනතාව වැඩි වැඩියෙන් මිථ්‍යා විශ්වාස සහ ඇදහිලි කෙරෙහි යොමු වන්නේ මෙරට මානසික වෛද්‍ය ක්ෂේත්‍රයේ පවත්නා අඩු පාඩු සහ අසම්පූර්ණභාවය හේතුවෙන් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ගවේෂණාත්මක මාධ්‍යවේදියකු ලෙස ප්‍රකට තිලක් සේනාසිංහ ප්‍රබන්ධ කෘති මෙන් ම සමාජ විමර්ශන පිළිබඳ කෘති කිහිපයක් ම සම්පාදිත ලේකකයෙකි.

ඔහු විසින් සම්පාදිත ''පැරණිමත ගැන අලුත් දැනුමක්'' නමැති නවතම ග්‍රන්ථය ඊයේ (27) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියෙහි පිහිටි ප්‍රධාන පීඨිකාවේ දී ජනගත කළේ ය.


825292597 1739004174317641 8799583647265272248 n

pidumaඈත අතීතයේ සිට පැවත එන නොයෙක් විශ්වාස, ඇදහිලි, යාතුකර්ම යනාදිය පිළිබඳව නූතන ඇසකින් බලන්නට පොලඹවන මෙම කෘතිය කතුවරයා විසින් පිළිගන්වන ලද්දේ ද සුවිශේෂ පුද්ගලයකු වෙත ය. එනම්, මාරක කතා චක්‍රවර්ති ලෙස විරුදාවලි ලත් ප්‍රකට ලේඛක ඩීමන් ආනන්ද ලේඛකයා ගේ එකම දියණිය වන වරුණි ෂර්මිලා ආනන්ද වෙත ය; මෙම කෘතියෙහි පිදුම යොමු කර ඇත්තේ ද ඩිමන් ආනන්ද වෙත ය.


එම අවස්ථාවේ දී: මේ වන විට පෙර අපර දෙදිග මතවාද අනුව බරපතළ විසංවාදාත්මක මට්ටමක පවතින ‘බලි තොවිල් ශාන්තිකර්මවලින් සුවසෙත උදා කරගත හැකිද?’ යන්න සුසංවාදාත්මක මට්ටමකට ගෙන ඒමේ අරමුණින් හිටපු මානව විද්‍යා මහාචාර්ය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් මානව විද්‍යාත්මක පදනමින් ද, විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් විසින් මනෝ වෛද්‍ය විද්‍යාත්මක පදනමින් ද කෙටි දෙසුම් දෙකක් පැවැත්වූහ.

අපේ රටේ මානසික වෛද්‍ය ක්ෂේත්‍රයෙහි අඩුපාඩු රැසක් පවතිනවා

WhatsApp Image 2026 09 28 at 12.31.54 PM
වෛද්‍ය රූමි රූබන් මෙහි දී විශේෂ කරුණක් හෙළි කළේ ය. එනම් මෙරට ජනතාව වැඩි වැඩියෙන් මිථ්‍යා විශ්වාස සහ ඇදහිලි කෙරෙහි යොමු වන්නේ මෙරට මානසික වෛද්‍ය ක්ෂේත්‍රයේ පවත්නා අඩු පාඩු සහ අසම්පූර්ණභාවය හේතුවෙන් බවයි.

එම ප්‍රතාශය අප බරපතළ ලෙස සලකා බැලිය යුතු ය. විශේෂයෙන් ම මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයට වග කියන අමාත්‍යවරයා ගේ සිට නිලධාරීහු ද මේ පිළිබඳව අවධාරණය යොමු කළ යුතු ය.

බෙර පදයේ රිද්මය මානසික සහනය සලසනවා

WhatsApp Image 2026 09 28 at 12.31.49 PM

ගංගාවක් සේ ගලා යන ජීවිතය තුළ උප්පත්තිය, වැඩිවිය පැමිණීම, විවාහය සහ මරණය නමැති අවස්ථා හතර අතර තුර විවිධ විකාතිතා ඇතිවන විට විවිධ ශාන්තිකර්ම කිරීමට ඇතැම් අය පෙලඹී සිටිය ද එහි දී සුවපත්භාවයක් ලැබෙන්නේ ගතට නොව මනසට බවත්, ඊට බලපාන්නේ: බෙර පදයක රිද්මයත්, විවිධ ආකාරයෙන් ගායනා කරන මන්ත්‍ර සහ ස්ත්‍රෝත්‍ර යනාදියෙහි පවත්නා රිද්මයානුකුලභාවය නියා යැයි මහාචාර්ය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර පැවසී ය.


මේ වන විට පවත්නා Music Therapy නමැති ප්‍රතිකාරය ඊට හොඳම නිදසුනක් යැයි ද හෙතෙම වැඩි දුරටත් පැවසී ය.

''පැරණිමත ගැන අලුත් දැනුමක්'' කෘතිය ග්‍රැපිකෙයා ප්‍රකාශනයකි. එම කෘතිය මේ දිනවල කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියෙහි පිහිටි B 95 කුටියෙන් මිලදී ගත හැකි ය.


Jayasiri Alawattha

(පිටපත | ජයසිරි අලවත්ත)
jayasirialawatta11@gmail.com


bmich thilakbmich thilak2bmich thilak3 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...