BREAKING
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●
Top Ad
සාහිත්‍ය - කලා

වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු

Thushi

Thushi

October 2, 2026 • 6:42 PM

 වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගීතයක සැබෑ නිර්මාණ අයිතිය, ශිල්පීය දායකත්වය සහ කර්තෘ භාගයේ නීතිමය යථාර්ථය විමසා බලන ගැඹුරු සමාජ විවරණයක්.
  • බොහෝ දුරට එතන තියෙන්නෙ "ඇයි මම තව කෙනෙක් මගේ සිංදුවලින් සැනසෙන එක වළක්වන්නෙ" කියන මානුෂිය හැඟීම වගේ එකක් වුනාට ඇත්තටම එතන වැඩිපුර තිබුණෙ පොඩි 'ෂෝ ඕෆ් අයිඩියා' එකක් කියන එක තේරුම් ගන්න එක මාර අමාරු වැඩක් නෙමෙයි.
  • ඒ ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්නෙ ඇතුළෙ ම තියෙනවා.
  • ඒකට එක එක ශිල්ප ගාවා ගනිමින්, දාහක් උදාහරණ පාදක කරගනිමින් තර්ක කෝටියක් හැදුවත් ඒක තමයි නීතිය.ලෝක නීතිය වෙනස් කරන්න අපි ෆේස්බුක් සටන් ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් වෙන එකක් නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

"මම කිසිම සංගමේක සාමාජිකයෙක් නෙමෙයි. මගේ ගීත ඕන කෙනෙකුට ඕන ම තැනක ගයන්න පුළුවන්. මගෙන් කිසිම තහනමක් නෑ…"

ගායන ශිල්පීන් කීපදෙනෙක් මෙහෙම පෝස්ට් දාලා තිබුණා දැක්කා. බොහෝ දුරට එතන තියෙන්නෙ "ඇයි මම තව කෙනෙක් මගේ සිංදුවලින් සැනසෙන එක වළක්වන්නෙ" කියන මානුෂිය හැඟීම වගේ එකක් වුනාට ඇත්තටම එතන වැඩිපුර තිබුණෙ පොඩි 'ෂෝ ඕෆ් අයිඩියා' එකක් කියන එක තේරුම් ගන්න එක මාර අමාරු වැඩක් නෙමෙයි. ප්‍රශ්නෙ තියෙන්නෙ එතන නෙමෙයි. ඒ ගායන ශිල්පියා ගේ අවබෝධයේ. එයා හිතනවා ඒ ගයන ගීත එයාගෙ කියලා. ඒ දුර්මතය එච්චරට ම සමාජගත වෙලා. දැන් ඒකෙ නීතිමය පසුබිම හැමෝම දන්න නිසා මම ආයේ ඒක මෙතන පැහැදිලි කරන්න යන්නෙ නෑ. ඒ ගීතය "මගේ ගීතයක්" කියලා ඒ ගායන ශිල්පියාට කියන්න පුළුවන් ඒකෙ වචන සහ සංගීතයත් එයාගෙ ම නම් විතරයි. අර මම කලින් කියපු " මගේ ගීත ඕන කෙනෙක්ට ගයන්න පුළුවන් " කියලා පොස්ට් දාපු අය එහෙම නම් එතන කිසිම අවුලක් නෑ.


හැඟුම් බර ව ලොජික් නිර්මාණය කිරීම

ලෝකයම පිළිගත්ත බුද්ධිමය දේපොළ නීතියක් තිබුණත් අපේ සමහරු අමුතු තැන්වලින් අල්ලගෙන විවිධ තර්ක ගොඩ නගනවා දැක්කා. තර්ක ගොඩ නැගීමේ වරදක් නෑ. හැබැයි අහේතුකව හැඟුම් බර වෙලා ලොජික් හදන එක නං තේරුමක්ම නැති වැඩක්.

ඇයි ගායන ශිල්පියාගෙ හැකියාව බුද්ධිමය දේපොළක් නොවෙන්නෙ වගේ තර්කත් ඒ අතර තිබුණා. ඒ ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්නෙ ඇතුළෙ ම තියෙනවා. පද රචක ශිල්පියා , තනු රචක ශිල්පියා කියලා නොකියා ගායකයාට විතරක් ශිල්පියා කියන්නෙ අන්න ඒ නිසා තමයි. පද රචකයාට සහ තනු රචකයාට බුද්ධිමය නිපුණතාව තියෙනවා. ශිල්පීය නිපුණතාව තියෙන්නෙ ගායකයාට. ඒක සරල පැහැදිලි කතාවක්.


අනුකම්පාවට උම්මා එකක්; ගොන්කමට ටොක්කක්

"එතකොට චිත්‍ර ශිල්පියා?"
"නර්තන ශිල්පියා?"
අන්න එහෙම තර්කත් එනවා ඊට පස්සෙ.

"අපි කඩෙන් ඇඳුමක් ගත්තට පස්සෙ ඒක අඳින අඳින සැරේට ටේලර්ට ගෙවන්නෙ නෑනේ..."

තර්ක නං එමටයි. හැබැයි ඉතිං වැඩක් නෑ. ගීතයක අයිතිය සම්බන්ධයෙන් ලෝකය ම පිළිගන්න පොදු නීතියක් තියෙනවා. ඒකට එක එක ශිල්ප ගාවා ගනිමින්, දාහක් උදාහරණ පාදක කරගනිමින් තර්ක කෝටියක් හැදුවත් ඒක තමයි නීතිය.ලෝක නීතිය වෙනස් කරන්න අපි ෆේස්බුක් සටන් ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් වෙන එකක් නෑ. අනික මේ වගේ තර්ක දැනුම්වත් ලෝකය දැක්කොත් ඉස්සෙල්ලම ටොක්ක ඇනලා පස්සෙ උම්මා එකක් දෙයි. ටොක්ක අනින්නෙ ගොන්කමට. උම්මා එක දෙන්න අනුකම්පාවට. මොකද ඒ ගොන්කම ඒ තරමටම අහිංසක එකක්.


තර්ක වෙනුවෙන් වැය කරන කාලය අපරාධයක්

සමහර තැන්වල සමහරු කියලා තිබුණා හැමෝටම මොනව හරි තියෙනවා වාදකයන්ට තමයි මුකුත් ම නැත්තේ කියලා. මම ඒ හැම එකක්ම පැහැදිලි කරන්න යන්නෙත් නෑ. වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හරියට අඳුන ගත්තානං ඒ ඔක්කොටම උත්තර ලැබෙනවා.

ඒ අස්සෙ ප්‍රසංග සංවිධායකයෝ ගොඩක් සල්ලි ගන්නවා කියලා ගායකයන්වත් පතුරු ගහලා ඊට පස්සෙ ගීතවල නිර්මාණකරුවන්ටත් බණිනවා. ඒක නං පොඩ්ඩක් ආතල්. නිර්මාණකරුවන්ට කර්තෘ භාගය ගෙවන ලෝක බුද්ධිමය දේපොළ නීතිය මෙහෙටත් අදාළ වෙන්න අපි ඉන්නෙ මේ ග්‍රහ ලෝකෙ වීම ම ප්‍රමණවත්. එනිසා ලොවෙත් නැති තර්ක වෙනුවෙන් වැය කරන කාලය අපරාධයක්. සදාචාරාත්මකව නීතිය පිළිඅරගෙන සැබෑ නිර්මාණකරුවන්ට කර්තෘ භාගය ගෙවීම මෙච්චර කාලයක් අපි පැහැර හැරියා නේද කියන ආත්ම ලැජ්ජාව වෙනුවට දැන් ඒක අයිතිවාසිකමක් විදිහට ප්‍රශ්න කරන තැනට ම මේ වැඩේ ආතල් වෙලා.

අපි ෂෝ ඕගනයිස් කරලා සල්ලි හම්බකලාට, අපිට එහෙම සල්ලි හොයන්න පුළුවන් වුණේ කවුරු හරි එකෙක් ඒ සිංදු හදපු නිසා නේද? අපි මේ තනියම ඔතාගෙන ගෙදර ගෙනියන්නෙ ඌටත් අයිති පංගුවක් නේද කියලා නොහිතෙන තැනටම ඒ කර්මාන්තය ඕගනයිස් වෙලා. අනුන්ගෙ අයිතිය, අයිතිකාරයාට බැණ බැණ ම තමන්ගෙ බත්පතේ හංගගෙන කන තරමටම ඒක ඕගනයිස් වෙලා.

ළඟදි ම පත්තුවෙච්ච අලුත්ම සීන් එක වුණේ මගුල් ගෙවල්වල සිංදු කියනව නං ඒවටත් ගෙවන්න ඕන කියන එකනෙ. උත්තරේ ඔව් ගෙවන්න ඕන.

ඔහොම ගියොත් හිංදි මෙලඩිවලට හදපුවට ඉංදියාවෙ උන්ටත් ගෙවන්න වෙයිනෙ? හෙමත් ඇහුණා. ඔව්. නීතිය එහෙම නං එහෙමත් වෙයි. ගෙවීම් කරලා පස්සෙ ඕන නං තර්ක කරන්න පුළුවන් කම්මැළිකමටත් එක්ක.


නෝනා අයිති මහත්තයාට වුනාට නෝනනෙ ශරීරිය අයිති නෝනට

වෛවාහක ස්ත්‍රී දූෂණය කියලා වරදක් ලෝකෙ තියෙනවා. ඒක බුද්ධිමය දේපළට අදාළ නෑ. පොඩි කාරණාවක් පැහැදිලි කරන්න උදාහරණයක් මේ ගන්නෙ. ඒ නීතියත් දියුණු ලෝකය පිළිගත්ත නීතියක්. අපේ රටේ තාම ඒ ගැන පුළුල් සාකච්ඡාවක් නෑ. ඒකෙන් කියන්නෙ කසාද බැඳලා හිටියත් බිරිඳ ගේ කැමැත්ත නැතුව සෙක්ස් කරන්න බෑ කියන එක. එහෙම කළොත් ඒක බලහත්කාරකමක්, ස්ත්‍රී දූෂණයක් විදිහටයි සලකන්නෙ. අපි හිතමු ඕක අපේ රටට ඇප්ලයි කලා කියලා. මොනවගේ තර්ක එයිද?

"ගෑනි මගේ නං මං කොහොම කළාම අනිත් උන්ට මොකද? "

" ඒවා කොහෙද අපිත් එක්ක. මෙච්චර කල් හැමදාම කරපු එක දැන් වෙනස් කරන්නෙ කොහොමද?"

" දැන් ගෑනිත් ඒකට පුරුදු වෙලා ඉන්නෙ."

ඔය මොනව කිව්වත් නීතිය ආවම ඒක නීතියක්. නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත තැන ඉඳලා ඒ නීතිය බලාත්මකයි. අඬලා වැලපිලා තේරුමක් නැ. නෝනා අයිති මහත්තයාට වුනාට නෝනනෙ ශරීරිය අයිති නෝනට. කතාව එච්චරයි. බොරු තර්ක වෙනුවෙන් අකුරු වියදං කිරීමෙන් පේන්නෙ නොදැනුවත්කම විතරයි. අපි කතාකරපු විෂයට අදාළව ගත්තත් කතාව එච්චරයි.

හොඳම උදාහරණයක් මෙහෙම කියන්නම්. මගේ ගීත ඕන කෙනෙක්ට කියන්න පුළුවන් කියලා එක ගායක ශිල්පියෙක් පෝස්ට් එකක් දැම්මා මෑතකදි. ඊට පස්සෙ අපි දැක්කා ඔහුට ගීත ලියපු රචිකාවක් ඒ ගීත ගැයීම වාරණය කරලා තිබුණා. හරි සරලයි නෙ ඉතිං කාරණාව. අයිතිය තියෙන කෙනා කවුද කියලා පැහැදිලියි නෙ. ගොඩක් තැන්වල ගායක ගායිකාවො තනිව භුක්තිවින්දේ ඒ අනුන්ගෙ අයිතියක්.


වැඩේ තේරෙන්න ම නැති සහ තේරුම් කරන්නත් බැරි කොටස

අනිත් වැදගත්ම කාරණාව තමයි කතෘ භාගය ගෙවන එකෙන් ගායන ශිල්පියාට රුපියලකවත් පාඩුවක් වෙන්නෙ නෑ. ඒකට විරුද්ධ වෙන අය තුළ තියෙන්නෙ යම් මුදලක් ඒ ගීත නිර්මාණ කළ පද රචකයාට සහ සංගීතඥයාට ලැබීම කෙරෙහි ඇති නොකැමැත්ත. අපිටත් ඒකෙන් කොටසක් ඕන කියන ආසාව. ඒ නිසයි කියන්නෙ ගීතයේ අයිතිය ගායකයාටත් ඕන කියලා. එතකොට ඒ මුදල තුනට බෙදිලා එකෙන් තුනෙන් පංගුවක් ලැබෙනවනෙ කියන අර්ථික බලාපොරොත්තුව. හැබැයි මේ ගායන ශිල්පියෝ කිසි වෙලාවකවත් එයාට තියෙන ප'ෆෝමින් රයිට් එක ගැන කතා කරන්නෙ නෑ. ගීතයේ නිර්මාණකරුවො ගීතය ගයා, ගායකයා උපයන මුදලින් කොටසක් ඉල්ලුවොත් කොහොම වෙයිද? ලෝකයේ නීතිය දියුණුයි කියන්නෙ අන්න ඒ නිසා.

ගීතය ජනතාව අතරට අරගෙන යන්නෙ ගායකයා. එනිසා එයාට ලැබෙන මුදල බෙදෙන්න ඕන නෑ. ඒක එයාගෙ අයිතියක් කියලා නීතිය පිළිගන්නවා. ඒ අයිතිය එයාට දීලා තියෙනවා. දැනුවත්ව හෝ නොදැනුවත් සමහරු මේ කතාව යටගහලා තර්ක ගොඩ නගනවා. හැබැයි එකක් කියන්න ඕන. මේ තත්ත්වය පිළිබඳව හොඳින් දන්න ගායකගායිකාවන් ඕනතරම් ලංකාවේ ඉන්නවා. අනිත් අයගෙනුත් බහුතරයක් නොදන්නවාමත් නොවෙයි. සමහරු පොඩි මුට්ටියක් දාල බලනවා.කීයක් හරි හම්බවෙයි ද කියලා. තවත් සමහරු ප්‍රොෆයිල් එක හදාගන්න බොරදියේ මාළු බානවා. ටිකක් වයසක පිරිසක් නම් ඉන්නවා මේ වැඩේ තේරෙන්න ම නැති සහ තේරුම් කරන්නත් බැරි. ඊට ලේසියි තුනේ පන්තියේ එකෙක්ට පයිතගරස් ප්‍රමේය කියලා දෙන එක.


නීතිය පවතින්නේ සමාජයේ යහ පැවැත්ම උදෙසා ය…

හිතලුවලට උත්තර දෙන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නෙ නැති නිසා මේ සටහන මම සංවාදයට විවෘත කරන්නෙ නෑ.. ඒ කියන්නෙ මම හැම එකට ම රිප්ලයි කරන්නෙ නෑ කියන එක විතරයි. මට ඕන වුණේ මම දන්න දේ කියන්න. මේ ප්‍රශ්නෙ අනාගෙන නාගෙන ඉන්න ගායන ශිල්පීන්ට කියන්න තියෙන්නෙ මේ ලෝකෙ ම යන පාරක් තියෙනවා. ඒක කැලෑ පාරක් නෙමෙයි. ඒ නිසා ඒ පාරේ නීතියක් තියෙනවා. ඒක පුංචි පුංචි තර්කවලින් සරසපු ප්‍රවෘත්ති සාකච්ඡාවලට වෙනස් කරන්න බෑ. නීතියේ මෙන්න මෙහෙම ඉගැන්වීමක් තියෙනවා. ඒ තමයි "නීතිය නොදැනීම සමාවට කරුණක් නෙමෙයි" කියලා.

ඉතිං මිතුරනේ.. උඹලයේ අපේ මේ සමහර නොදැනුවත්කම් ලෝකයේ ඉදිරි ගමනට බාධාවක් නෙමෙයි.. ලෝකය ඉස්සරහට යයි.

ඒ වගේමයි මේකත් කියන්නම ඕන. නීතිය පවතින්නෙ සමාජයේ යහ පැවැත්ම උදෙසා මිස සියලු දෙනා ගේ ප්‍රීතිප්‍රමෝදය උදෙසා ද නොවෙයි.


(සටහන | ඩිල්ෂාන් පතිරත්න)
උපුටා ගැනීම - ඩිල්ෂාන් පතිරත්න ගේ ෆේස්බුක් පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...