සිනමාව ඉගෙනීමට ඇති පහසු ම සහ ප්රායෝගික ම ක්රමය තමන් කැමති අධ්යක්ෂවරයකු යටතේ වැඩ කිරීම යැයි ප්රවීණ චිත්රපට අධ්යක්ෂ බුඩී කීර්තිසේන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සිනමාව හදාරන්නේ කෙසේ ද යන්න පිළිබඳව Boodee Keerthisena youtube නාලිකාව තුළ අදහස් දක්වමිනි.
ඔහු වැඩි දුරටත් පවසන්නේ ආරම්භක යුගයේ කළ යුත්තේ අධ්යක්ෂවරයාට පමණක් නොව ක්ෂේත්රයේ ප්රවීණයින් වෙත කඩේ යෑම බවයි.
එසේ කඩේ යෑම අනාගතයේ දී මහඟු ප්රතිඵල අත්කර දෙන බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ බුඩී කීර්තිසේන Boodee Keerthisena youtube නාලිකාව තුළ පළ කළ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.
චිත්රපටයක් සෑදීම ඉගනගන්න හොදම ක්රමය මොකක්ද ? - Boodee Keerthisena
සටහන - ජයසිරි අලවත්ත



